සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.කොළඹට යළිත් පැමිණි ලිහිණිව හමුවීමට ඩිලාන් රදීෂ් සමඟින් ඇගේ බොඩිමට පැමිණෙනවා..එසේ පැමිණ ඇය ආවේ ළඟදී ද කියාත් ඇයට කොළඹ තිබෙන වැඩ මොනවාද කියාත් විහිළුවෙන් මෙන් ඩිලාන් අසද්දී ඇයට ඉතිං තවම ඉගෙන ගන්නවානේ කියාත් ඒ නිසා ඇයට විටින් විට කොළඹට එන්නට සිදුවන බවත් ලිහිණි පවසද්දී , ඔහු මෙසේ ආවේ රදීෂ්ගෙන් කනක් ඇහිලා නිවසේ ඉන්නට බැරි නිසා බවත් ඔහු හැටවිටම ලිහිණිව හමුවෙන්නට කියා ඔහුට බල කරන බවත් එසේ ගොස් ඇය සමඟින් යළිත් ඔවුන් ගැන කතා කරන්නට කියාද ඔහුට බල කරන බව ඩිලාන් පවසනාවා. ඉන්පසු ලිහිණි රදීෂ් දෙස බලමින් ඔවුන් තව මොනවා මේ ගැන කතා කරන්නද කියා විමසද්දී ඇය කියන්නේ එතකොට ඇයට මහ ඔහුට කතා කරන්නට කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ කියන එකද කියා ඇගෙන් අසමින් මේ පහුගිය කාලයෙ සිදුවුන ප්‍රශ්න ඇය සිතන විදියේ ලොකු ප්‍රශ්න නොවන බවත් මේ සිදු වු සියළු දේ අමතක කර දමා කලින් සිටියා වගේ ඉමු කියාත් රදීෂ් පවසනවා. ඉන්පසු දෙදෙනාම කතා නොකර ඉන්න එක ඔහුට හිතෙන විදියට හොඳ බවත් ඔහුට තනිව ලිහිණිව හමුවී කතා කරන්නට අවශ්‍ය බවත් ඩිලාන් පවසා සිටිනවා.

දෙව්මිගේ අම්මා වන අනුෂාව මුණගැසෙන්නට පැමිණෙන අමීෂා, ඔවුන්ට පහුගිය කාලයේ දී සිදු වු ප්‍රශ්න බැලුවාම ඒ සිදු වුන දේවල් එකක් මෙසේ වෙඩින් එක දෙව්මිගේ සහ අවන්තගේ ගන්නට පුළුවන් වෙයි කියා ඇය සිතුවේ නැති බවත් ඒ සිදු වුන ප්‍රශ්න බොරු බව දැනගෙනත් ඔවුන්ට එය හරි හැටි විසඳාගන්නට බැරි වුන බවත් ආනන්දත් ඔවුන් සමඟින් රණ්ඩු වෙන්නටමනේ ආවේ කියාත් අමීෂා පවසා සිටිනවා. ඒ වේලාවේ ඒ දේවල් නම් ඇය මතක් කරනවාටත් අකමැති බවත් ආනන්දත් සිටියේ ඇය කියනා දේවල් පිළිගන්න තත්ත්වයක නොවන බව කියද්දී ඇයට එය තේරේන බවත් නමුත් ඩිලාන් නම් සිටියේ ආනන්දගේ පැත්තෙන් ඔහු සාධාරණයි කියන තැන බවත් අමීෂා පවසනවා. එත් සමඟම දැන් කොහොමද විවාහයට ඔවුන්ගේ සූදානම් කියාත් අවන්ත නම් ඇයට කිසි දේකට උදව් කරන්න දෙන්නේ නැති බවත් ඔහු කියන්නේ ඔහු දෙව්මි සමඟින් එකතු වී ලස්සනට ඔවුන්ගේ විවාහය කරනා බව බවත් අමීෂා පවසා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *