සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. මේ වේලාවේ ආනන්දගේ ගරාජයට සිදු වු දේ ගැන විස්තර දැනගන්නට පැමිණෙන ඩිලාන්,ඔහුට සැක විදියට මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ කවුරුන්ද කියා ආනන්දගෙන් විමසද්දී ගරාජ් එකට කුමක් හෝ දෙයක් කරනවා නම් කරන්නේ ඔහුට දැනෙන්නට සහ ඔහුට රිද්දවන්නට බවත් ඔහුට එසේ කවුරුන්වත් එකපාරට සැක කරනන්ට බැරි නමුත් මෙවැනි දෙයක් කරන්නට තරම් ඔහුත් සමඟින් තරහක් තිබෙන්නේ මේනකට බවත් ආනන්ද පවසද්දී ඔහුට ඒය ඒ විදියටම සිතුන බවත් එසේම ඔහු කියන්නේ මෙය මේනක විසින් කවුරුන් හෝ කෙනෙකු දම්මවා කරා කියා නේද කියාත් ඩිලාන් විමසද්දී ඔහුට හිතන්නෙත් ඓලස බවත් මොවනු කිසි බයක් සැකක් නැතිව වැඩේ පෙන්නම තමයි කර තිබෙන්නේ කියාත් ආනන්ද පවසා සිටිනවා. එත් සමඟම ඔහුට තෙරෙන විදියට නම් මේනකට අවශ්‍ය වී තිබෙන්නේ ඔහුව කුමක් හෝ දෙයක අසු කරන්නට බවත් ආනන්ද පවසනවා. ඉන්පසු ඩිලාන් , මෙයට හරියටම මේනක සම්බන්ධ බව අවන්ත දැනගතහොත් කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වෙයි කියා ඔහුට සිතෙන බව කියද්දී ඔහුට ඒ ගැන කියුවාට කමක් නැති බවත් නමුත් ඔහුට එම ප්‍රශ්නයට මැදිහත් නොවි ඉන්න කියන්න කියා ඩිලාන්ට ආනන්ද පවසනවා.

මේ වේලාවේ අක්ෂාගේ තත්ත්වය ගැන දැන ගැනීමට අරුණි සමඟින් පැමිණෙන අනුහස්ව හමුවන්නට පැමිණෙන දෙව්මි, අක්ෂාට දැන් කෙසේද කියා අනුහස්ගෙන් විමසද්දී ඇය හිටියා වගේම ඉන්නා බවත් ඇය ඔවුන් දෙදෙනාව එදින මතක් කල බව කියද්දී ඇය මොනවාද ඔවුන් ගැන කිවේ කියා අනුහස්ගෙන් දෙව්මි විමසනවා. ඒ අවස්ථාවේ දෙව්මිගේ වෙඩින් එක නිසා ඔවුන් සියළුදෙනාම මේ දවස්වල කාර්යබාහුල ඇති නේද කියා අනුහස්ගෙන් අක්ෂා විමසු බව කියද්දී ඔවුන් දෙදෙනා ගොස් අක්ෂාව බලා එන්නද කියා අරුණි අනුහස්ගෙන් විමසද්දී ඒ වේලාවේ එසේ යන්නට ඕන නැති බවත් ඔවුන් මේ දවස් ටිකේ කරන්නට තිබෙන වැඩ ටික කරගන්න කියාත් ඔහු ඇය ගැන බලා ගන්නම් කියාත් අනුහස් පවසා සිටිනවා.ඒත් සමඟම ඩොක්ටර්ස්ලා කියන විදියට ඇය පුළුවන් තරම් රෙස්ට් එකේ සිටිය යුතු බවත් ඔවුන් එසේ ඇයව බලන්නට යාම තුළින් එය ඇයට කරදරයක් විය හැකි බවත් අනුහස් පවසා සිටිනවා.ඉන්පසු අක්ෂාට ඉක්මනින් සනීප වෙනකක් නැතිද කියා දෙව්මි අනුහස්ගෙන් විමසද්දී ඇයට සනීප වුවද ඩොක්ටර්ස්ලා කියන විදියට ඇයට විල්චේයා එකේ ඉන්නට වෙයි කියා අනුහස් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *