සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.උදේනිව හමුවන්නට යළිත් ඇගේ නිවසට පැමිණෙන ලිහිණි ආ ගිය තොරතුරු ගැන කත කරමින් සිටන අතරේ අනුහස් ගැනද කතා කරනවා. ඒ අවස්ථාවේ අනුහස් පව් කියාත් ඔහු ගැන ඇයට දුක බවත් ඇයත් ළඟකදී අනුහස් ගැන කියා රදීෂ් දොස් කී බවත් ඔහුත් පිස්සෙක් වගේ එපා කියද්දීත් පස්සෙන් එන බවත් පවසද්දී මද වේලාවක් කල්පනා කරමින් සිටින උදේනි ඇය යමක් ගැන ලිහිණිගෙන් අහන්නට සිටි බවත් ඇය රදීෂ්ට කැමති වෙන්නේම නැද්ද කියා ඇගේ අසනවා.එත් එක්කම ඇය ඔවුන්ගේ පුද්ගලික දේ වලට අත දනවා නොවේ කියාත් රදීෂ් කියන්නේ හොඳ කෙනෙකු නිසයි ඇය මෙසේ අසන්නේ කියාත් උදේනි පවසා සිටිනවා. ඒ වේලාවේ ඇය ඔහු නරකයි කියා කියන්නේ නැහැ වගේම ඔහුට ඇය අකමැති කියා කියන්නේ නැති බවත් ඔහු කෙසේ හෝ ඔහුගේ අම්මා තාත්තාව කැමති කරවා ගන්නට දැනගත යුතු බවත් කියද්දී දැන් අම්මාලා ලංකාවෙන් ගියානේ කියාත් එසේ තිබියදීත් කුමක්ද ප්‍රශ්නය කියාත් උදේනි විමසනවා.ඉන්පසු ඔවුන් එසේ ගියා වුවත් යළිත් එනවනේ කියාත් ඒ එනවිට ඇයට රදීෂ් සමඟින් ඔවුන්ගේ අකමැත්තෙන් විවාහ වී සිටින්නට බැරි බවත් ලිහිණි පවසා සිටිනවා.

මේ වේලාවේ කියන්නේ නැතිවම උදේනිව හමුවන්නට ඇගේ නිවසට පැමිණෙන අමීෂාව දකින ඇය මොකද හදිසියේම මේ පැත්තේ ආවේ කියා අසද්දී ඇය නිකන් කතා කරන්නට ආ බවත් ඇය එනවිට උදේනි කතා කරමින් සිටියේ කාත් සමඟින්ද කියාත් විමසද්දී ඇය දේව්මිගේ අම්මා සමඟින් කතා කරමින් සිටි බව පවසනවා. එසේ ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට පැමිණෙන අනුහස් , අමීෂාව දැක පුදුමයෙන් මෙන් ඇය මේ පැත්තේ මොකද කියා අසද්දී උදේනිද සිනාසෙමින් පුදුමයි නේද කියා අනුහස්ගෙන් අසමින් අමීෂාට විහිළු කරනවා. ඒ අවස්ථාවේ අවන්ත ආවේ නැද්ද කියා අනුහස් අසද්දී ඔහු ආවේ නැති බවත් ඇය ළඟකට ආ ගමන් ඔවුන්ව මතක් වී මෙසේ ආ බවත් පවසමින් අක්ෂාගේ ත්ත්වය දැන් කෙසේද කියා අනුහස්ගෙන් විමසනවා. ඉන්පසු අක්ෂාට දැන් ටිකක් හොඳ බවත් බෙහෙත් ටික කරගෙන යන බවත් පවසද්දී ඔහුටඅවුල් වෙන්නේ නැතිව ඉන්න කියාත් හැම දෙයක්ම හොඳ විදියට සිදු වෙයි කියාත් අමීෂා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *