සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ මාලන්ට සිදු වු අසාධාරණය හේතුවෙන් ඒ පිළිබඳ කේන්තියෙන් සිටින මෙත්මා අභිමන්ව සොයා ඔෆිස් එකට යාමට සූදානම් වෙද්දී ඇයව දැක ඇය යන්නේ ඔෆිස් එකටද කියා ජනනාද අසද්දී ඇය යන්නේ ඔෆිස් එකට බවත් මන්ද ඔහු ඔවුන්ගේ ප්‍රශ්න ගැන තැකීමක් නොකරන්නේ නම් ඔවුන් හරි ගොස් ඒ ගැන සොයා විසඳුමක් ලබා ගන්නට එපැයි කියා පවසනවා. ඉන්පසු මේ ඇති වී තිබෙන ප්‍රශ්න හොඳටම ඇති කියාත් ඇයට ඔෆිස් එකට යන්නට ඕනේ නැති බවත් කියද්දී මෙත්මාට එය අසා කේන්ති ගොස් ප්‍රශ්නය ඇති වුනේ ඔවුන්ට බවත් ඇගේ සැමියාට එක එක දේවල් කරද්දී ඇයට එසේ බලා සිටිය නොහැකි බවත් පවසද්දී ජනනද ඉඳසිටි තැනින් නැගිට මෙත්මාට සැර කරමින් ඔහු ඒ ප්‍රශ්න ගැන බලා ගන්නම් කියාත් ඇයට කියුවත් මෙත්මාගේ තීරණය වුයේ ඇය අභිමන් හමුවන්නට ගොස් ඔහුට කතා කර එනවා කියන එකයි. ඒ අවස්ථාවේ ජනනද විවිධ දේ ඇයට පැහැදිලි කර දෙමින් ඇයව නවත්වන්නට හැදුවද එය අපහසු වු හෙයින් ජනනදගේ කේනිතිය පාලනය කර ගැනීමට නොහැකිව ඇයට කම්මුල් පහරක් එල්ල කරමින් කාමරයට යන්න කියා පවසනවා.

මේ වේලාවේ ෂුටින් ඉවර වී කුරුළු සමඟින් එළියට පැමිණ ෆිල්ඩ් එකේ විස්තර ගැන දේව් කතා කරමින් සිටින අතරේ අහම්බයෙන් මෙන් එ අසළට පැමිණෙන අභිමන් ඔවුන් දෙදෙනා තවින කතා කරමින් සිටිනවා දැක අවුල් වී ටික වේලාවක් කල්පනා කරමින් හිඳ ඉන්පසු ඔවුන් අසළට පැමිණෙනවාත් සමඟම කුරුළු අභිමන්ව දේව්ට හඳුන්වා දෙමින් ඇය සමඟින් ඇගේ නාට්‍යයේ චරිතය කරන්නේ ඔහු කියාත් පවසද්දී අභිමන් කියන්නේ ඇගේ යළුවෙකුද නැතිනම් නැදැයෙක්ද කියා අසද්දී කුරුළුට කර කියා ගන්නට දෙයක් නොහැකිව අභිමන් කියන්නේ ඇය වැඩ කරපු තැන ඇගේ බොස් බවත් ඔහු ඇයට බොහෝ සේ මේ තැනට එන්නට උදව් කල කෙනෙකු බවත් පවසා සිටිනවා. එත් එක්කම දෙව් එකසැරේටම අභිමන් විවාහ වී සිටින කෙනෙකුද කියා විමසද්දී කුරුළු කලබලයෙන් මෙන් මැද්දට පනිමින් ඔහු ඒසේ ඇසුවේ ඇයිද කියා අසද්දී ඔහු නිකන් ඇසුවේ බවත් අභිමන් ඔහුගේ බොස් වෙලා ඉඳලාත් කුරුළුව දාගන්නට බැරි වුනා ද කියා අසමින් විහිළු කරමින් සිනාසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *