සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ මාලන්ගේ ප්‍රශ්නය නිසා ඒ ගැන සිතමින් කේන්තියෙන් සිටින අභිමන් අසළට පැමිණෙන අමායා ඔහු මෙසේ කේන්තියෙන් සිටින්නේ ඇයිද කියා විමසද්දී අභිමන් මුකුත් නැ කියා කියද්දී ඔහු කුමක් හෝ ප්‍රශ්නයක සිටින බව තේරුණ අමායා ඔහු කියන්නේ බොරු බවත් එසේ නම් ඔහුට මෙතරම් කේන්ති ගොස් තිබෙන්නේ ඇයිද කියාත් ඔහුගෙන් විමසද්දී කිසිදින පවුල් පිටින් බිස්නස් වලට සම්බන්ධ කරගන්නට හොඳ නැති බවත් කියද්දී අමායා මඳ සිනාවකින් යුතුව ඔහු තවම සිතන්නේ මාලන්ගේ ප්‍රශ්නය ගැන ද කියා අසද්දී මාලන්ට සහ ඔහුගේ බිරිඳට ඕනෑ කරන්නේ ඔවුන්ගේ කම්පැනිය බිමට ඇඳ දමන්න බවත් ඔහු මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ජනනාදට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් ඒ අවස්ථාවේ මෙත්මා දුරකථනය උඳුරාගෙන ඔහුට කෑගහන්නට ගත් බවත් ජනනාද නිසයි මෙතරම් හරි ඔහු ඉවසන්නේ කියාත් අභිමන් පවසා සිටිනවා. ඒ වේලාවේ අමායාත් අභිමන්ගේ පැත්ත ගනිමින් මාලන් එක වේලාවකට මාරම කරදරයක් බවත් ඔවුන්ගේ ඔෆිස් එකට සමහර වේලාවට එන බවත් ඇය නම් ඔහුව ගනන් ගන්නේ නැති බවත් පවසනවා.

මේ වේලාවේ කුරුළුගේ නිවසට පැමිණෙන අදිත්‍යව දකින රෙෂ්මා කුරුළු නම් ඒ වේලාවේ නිවසේ නැති බවත් ඇය එන්න තව පැය දෙකක්වත් යයි කියාත් පවසද්දී ඔහු එය දන්නා බවත් ඔහු ආවේ රෙෂ්මා සමඟින් කතා කරන්නට බවත් කියද්දි ඒ මොනවාද කියා රෙෂ්මා අසා සිටිනවා. ඉන්පසු ඔහු ආවේ කුරුළු ගැන කතා කරන්නට බව කියමින් ඔහුට හිතෙන විදියට කුරුළු සහ ඔහු කියන්නේ එක වගේ දෙන්නෙකු බවත් ඔවුන් සිතන පතන විදියට වැඩ කරන විදිය මේ සියළු දේ එක වගේ කියායි ඔහුට සිතෙන්නේ කියා කියද්දී රෙෂ්මා කිසිවක් නොතේරුන ගානකට එය ඇත්තද කියාත් ඇය ඒ ගැන දැන සිටියේ නැති බවත් කියද්දී ඇයට නොදන්නවා වුවාට එය තමයි ඇත්ත කියාත් කියමින් ඔහු මේ ෆිල්ම් එක වුවත් රිලිස් කරේ ඇය නිසා බවත් නැතිනම් ඔහු කිසිදින එවැනි තීරණයක් ගන්නේ නැති බවත් කියමින් අදිත්‍ය මුල පිරුවේ කුරුළු ගැන ඔහුගේ හිතේ තිබෙන කැමැත්ත ගැන රෙෂ්මාට කියන්නට වුවත් එය කියන්නට උත්සහා කරනවාත් සමඟම කුරුළු එතැනට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *