සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මෙ වේලාවේ එළියට යන්නට ලෑස්ති වුන කුරුළු එන තෙක් එළියට වී බලා සිටින අනුලා ඇය එනවාත් සමඟම ඇය නවතමින් ඇයට කුරුළු සමඟින් කතා කරන්නට ඕන බව කියමින් ඇය මෙලෙස මෝඩ තීරණ ගන්නේ හිතලා බලාද නැතිනම් රෙෂ්මා කියනවාටද කියා අසමින් අදිත්‍ය මෙතරම් ඉල්ලා සිටියදීත් ඔහුගේ නිවසට යන්නේ නැත්තේ ඇයිද කියා කුරුළුගෙන් විමසද්දී කුරුළු ඇගේ දෙස අමුතුවට බලමින් ඇය ඒ ගැන කියන්නද මෙච්චර වෙලා රැකගෙන සිටියේ කියා අනුලාගෙන් අසමින් ඇය සිතන විදියට මේ වේලාවේ ඔවුන් කල යුත්තේ අදිත්‍යෙග් නිවසට යන එක බවත් එසේ නැතිව පිට ගෙවල් වලට නිකරුණේ සල්ලි ගෙවන්නේ කුමකටද කියාත් කුරුළුගේ විමසද්දී ඇය මේ වෙද්දී තීරණයක් ගෙන ඉවර බවත් ඔවුන් කුලී නිවසකට යායුතු බවත් කුරුළු පවසනවා.එත් සමගම ඇයගෙන් යළිත් ඒ පිළිබඳ කතා කරන්නට එන්න එපා කියාත් ඇයට ඇගේ වැඩක් බලාගෙන ඉන්න කියාත් කුරුළු කියද්දී ඇයට කුරුළු ගැන වගකීමක් තියන බවත් අදිත්‍ය කියන්නේ නරක කෙනෙකු නොවන බවත් අනුලා පවසද්දී ඇය එය හොදින්ම දන්නා බවත් ඔහු බොහෝ සේ ඔවුන්ට උදව් කර තිබෙන බවත් එහෙයින් ඇයට තවත් ඔහුට කරදර කරන්නට බැරි බවත් කුරුළු පවසා සිටිනවා.

මේ වේලාවේ කුරුළු මඟ යනවා දැක ඇයට කතා කර ඇය සමඟින් කතා කරන්නට රෙස්ටුරන්ට් එකට යන අභිමන් , කුරුළු අමුතුවට වටපිට බලමින් සිටිනවා දැක ඇය එසේ බය වී මෙන් බලන්නේ මොනවාද කියාත් අදිත්‍ය දකියි කියා ඇයට බය ද කියාත් අසමින් ඔහු සමඟින් එළියට එන්නට එපා කියා අදිත්‍ය කියා තිබෙනවාද කියා කුරුළුගෙන් විමසනවා. ඒ වේලාවේ අදිත්‍ය ඇයිද ඇයට එසේ කියන්නේ කියා කුරුළු අසද්දී අදිත්‍ය ඔහුට වඩා ඇයට කිට්ටු බවත් ඒ නිසා ඔහුට ඇය ගැන අයිතියක් තිබෙනවා කියාත් අභිමන් පවසද්දී ඔහු එසේ ඇයට නීති දන්නේ කුමකටද කියාත් අනික ඔහු ඇගේ කවුද කියාත් කුරුළු අසද්දී අභිමන් මඳ සිනාවකින් යුතුව එක දන්නේ ඔහු නොවන බවත් එය දන්නේ ඇය බවත් අභිමන් පවසා සිටිනවා.ඉන්පසු අදිත්‍ය ඇගේ හොඳම යළුවකු පමණක් බවත් ඉන් එහාට කිසි දෙයක් නැති බවත් කුරුළු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *