සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ පුජා සිටින තැන ගැන තොරතුරක් තිබෙන බව අභිමන්ට විරාජ් පැවසීමත් සමඟම ඇය එසේ සිටින්නේ කොහේද කියාත් ඇය මෙලෙස පැන ගියේ ඇයිද කියාත් සිතමින් සිටින අභිමන් ලොයිඩ්ට කතා කරමින් ඒ ගැන කියන්නට සූදානම් වෙද්දී එතැනට කලබල වී මෙන් දිව එන වාසනා, ඔහු මෙසේ කලබලයෙන් කෑගසන්නේ ඇයිද කියාත් ලොයිඩ් එළියට ගිය බවත් කියමින් කුමක්ද කාරණාව කියා අභිමන්ගෙන් ඇය විමසනවා. ඒ අවස්ථාවේ ඔහුට පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඔවුන් පුජාව සහ සන්ද්‍යා සිටින තැන ගැන තොරතුරක් සොයා ගෙන ඇති බවත් කියද්දී එය අසා පුදුම වෙන වාසනා ඔවුන් එසේ පැන ගිහින් තිබෙන්නේ කොහේද කියා අභිමන්ගෙන් විමසනව. ඉන්පසු ඒ කොහේද කියා නම් හරිහැටි නොදන්නා බවත් නමුත් පුජාට අසනීප වි කුරුණෑගල ආසන්නයෙ ඇති රෝහලයකට රැගෙන ඇවිත් ඇති බවත් අභිමන් පවසනවා.ඉන්පසු ඔවුන්ව එසේ හොරෙන් රැගෙන ගිහින් තිබෙන්නේ කවුරන්ද කියා වාසනා අසද්දී එසේ ගෙන ගොස් ඇත්තේ චන්ද්‍රාදීත්‍ය විසින් බව අභිමන් පවසා සිටිනවා.

මේ වේලාවේ අදිත්‍ය කුරුළුගේ නිවසට පැමිණ ඔවුන්ට නිවසක් සොයා ගන්නා තෙක් ඔහුගේ නිවසේ සිටින්න කියා රෙෂ්මාට යෝජනා කලද ඇයට ඊට අකමැති වීමත් සමඟ අවුලෙන් සිටින අදිත්‍ය, ඔවුන් එසෙ ඔහුගේ නිවසට පැමිණ නොසිටින්නේ ඔහුගේ ගෙදර ඉන්න එක මදිකමක් නිසා වෙන්නට ඇති බව කියමින් එසේත් නැතිනම් දැන් කුරුළු තරුවක් නිසා ඇය වැනි කෙනෙකු ඔහු වගේ කෙනෙකු ළඟට පැමිණෙන එක ඇය මදිකමක් විදියට දකිනවා ඇති කියාත් අදිත්‍ය පවසද්දී එසේ කිසිම දෙයක් හිතේ නොතිබුණු රෙෂ්මා ඇය කියන දේ තේරුම් ගන්න කියාත් කුරුළු කියන්නෙ ඔහු කල උදව් ඇති කියා බවත් තවත් ඔහුට කරදර කරන්නට බැරි බව ඇය කියනා බවත් රෙෂ්මා අදිත්‍යට පැහැදිලි කර දෙන්නට උත්සහා කලද එය පිළිගන්නට අදිත්‍ය කැමති වුයේ නැහැ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *