සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ කුරුළු දෙව් සමඟින් වාහනය ඇතුළේ ෂුටින් කරමින් සිටින අතරේ ඔවුන් දෙදෙනා එසේ වාහනයේ තනිව කතා කරමින් සිටිනවා අහම්බයෙන් මෙන් දිකින අදිත්‍ය කලබල වී මෙන් වාහනය මඟ නතර කරමින් ඔවුන් සිටින තැනට පැමිණ කුරුළුට ජනේලයට තට්ටු කර කතා කරමින් ඇය පාරවල් ගානේ මෙනවාද කරන්නේ කියාත් දෙව් සමඟින් ටිවි එකේ රඟපානවා මදිවට වාහනය ඇතුළතත් රඟපාන්න ගත්තාද කියා අසමින් කුරුළුට වචනයක්වත් කතා කරන්නට ඉඩ නොදී ඔහු දිගින් දිගටම කියවගෙනම යනවා. ඒ අවස්ථාවේ ඔහුට එය පැහැදිලි කර දෙන්නට බොහෝ සේ උත්සහා කලද ඒ කිසිවක් අසන්නේ නැතිව ඇයට පාරවල් ගානේ මෙසේ ඇවිදින්නට ලැජ්ජ නැතිද කියා අසනවා. ඉන්පසු ඔහුගේ හැසිරිම දිගින් දිගටම තව තවත් දරුණු වු නිසා එය ඉවසා ගත නොහැකි වු කුරුළු අදිත්‍ය දෙස කේන්තියෙන් බලමින් ඔවුන් එතැන කරන්නේ ෂුට් එකක් බවත් කියමින් වාහනය ඇතුළේ සිටි කැමරාමන්ව අදිත්‍යට පෙන්නනවාත් සමඟම අදිත්‍යට ලැජ්ජාවෙන් කිසිවක් කියා ගත නොහැකිව ගොළු වී ඉන්පසු ඔවුන්ගෙන් සමාව ගනු ලබනවා.

මේ වේලාවේ මාලන් සමඟින් යළිත් ඇතිවු ප්‍රශ්නය නිසා එහ් ගැන සිතමින් කලබලයෙන් මෙන් කල්පනා කරමින් සිටින අභිමන්ව දකින ලොයිඩ් ඔහු ළඟට පැමිණ ඔහු මෙසේ කලබල වී සිටින්නේ ඇයිදැයි විමසද්දී ජොගින් පාත් එකේදී ඔහුට මාලන්ව මුණැසුණ බවත් ඒ අවස්ථාවේ ඔහු සමඟින් ප්‍රශ්නයක් ඇති වුන බවත් අභිමන් කියමින් ඔහු හැම අවස්ථාවේම ඔහුගේ ඇගේ එල්ලෙන්නමයි එන්නේ කියාත් එ නිසා ඔහුත් නිකන් සිටියේ නැති බවත් අභිමන් පවසද්දී ඔහු මාලන් සමගින් රණ්ඩු වුවාද කියා ලොයිඩ් විමසමින් ඉවසලා ඉවසලා බැරිම තැනදී තවත් පොඩ්ඩක් ඉවසිය යුතු බවත් කියද්දී ඔහු හැමදාම ඉවසන කෙනෙකු බවත් ඔහුටත් නිකන් පාරවල් ගානේ රස්තියාදුකාරයෙක් වගේ ගහගන්නට අකමැති බවත් මේ ගැන ජනනාදව දැනුවත් කර ඉක්මනින්ම තීරණයක් ගන්න කියාත් අභිමන් ලොයිඩ්ගෙන් ඉල්ලා සිටිනවා.ඉන්පසු ඔහුට කලබල වෙන්නට එපා කියාත් ඔහු මෙයට මැදැහත් වී එම ප්‍රශ්නය විසදෙන තෙක් ඉවසීමෙන් ඉන්න කියාත් ලොයිඩ් අභිමන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *