සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.සමාධි පාරේ සිටිනවා අහම්බයෙන් මෙන් දකින වින්ඩි ඇය ළඟට ගොස් ඇගෙන් සැපදුක් විමසමින් ඇය මෙහේ මොකද කරන්නේ කියා විමසද්දී ඇය ඔෆිස් එතේ වැඩ වගයකට එසේ ආ බව කියද්දී වින්ඩි අමුතුවට මෙන් සිනාවෙමින් ඇය ජොබ් එකක් සොයනවාද කියාත් නුවරඑළියේ යන්නේ නැද්ද කියාත් අසමින් කොහොමහරි ඇය පසුගිය දින තරඟයේදී සිංදුවකුත් ටිවි එකේ කියුවා නේද කියා අසද්දී සමාධිට වින්ඩි එසේ කිවේ ඉරිසියාවෙන් බව දැනුන හෙයින් ඇයට එසේ කියන්නට වුන බවත් කියද්දී ඇය ඉතා කැමැත්තෙන් වේදිකාවේ සිංදු කියනවා ඇය දුටු බවත් මෙලෙස අවස්ථා හම්බවෙනවාට කවුරුන්ද අකමැති වෙන්නේ කියාත් කියනවා.ඉන්පසු ඔවුන්ටත් පොඩි ප්‍රසංග වලට කට්ටිය සෙට් කරලා දෙන්න කියන බවත් ඇයට ඕන නම් එවැනි ඒවාට ඇයව සම්බන්ධ කරදිය හැකි බවත් වින්ඩි පවසද්දී ඇයට ස්තුතියි කියාත් නමුත් ඇයට එසේ සිංදු කියන්න බලාපොරොත්තුවක් නැති බවත් සමාධි පවසා සිටිනවා.

විශාල්ව හමුවී ඔහුගේ අම්මාට සිදු වුයේ කුමක්ද කියා දැනගන්නට ඔහුව හමුවන්නට පැමිණෙන ඊෂා, මේ වෙද්දි ඇගේ තත්ත්වය කෙසේද කියා අසද්දී ඇය නම් කියන්නේ ඇයට තවම අඩුවක් නැති බව කියද්දී එකපාරටම එසේ ඇයට අසනීප වුයේ ඇයිද දන්නේ නැ නේද කියා ඊෂා ඔහුගේ අසද්දී ඔහුටත් එය නම් තෙරෙන්නේ නැති බව කියනවා. ඒ අවස්ථාවේ ඇය ඔහු සමඟින් හොඳින් කතා කරාද කියා අසද්දී එසේ හොඳින් කතා කලේ නැති බවත් ඇය කියන්නේ ඇයට පුතෙක් නැ කියා බවත් කියද්දී ඇයට මේ වේලාවේ ඕන වෙලා තිබෙන්නේ ඔහු ඇය ළඟ සිටින එක බවත් තාත්තා දැන් මොකද කියන්නේ කියාත් ඊෂා අසද්දී ඔහු කියන්නේ විශාල් නිවසින් ගිය නිසා මෙසේ ඇය අසනීප වු බව බවත් එය විකාර කතාවක් බවත් ඔහු කියද්දි එය අසා මඳ වේලාවක් කල්පනා කරමින් සිටින ඊෂා ඇයට ඇත්තටම එසේ වුයේ ඒ නිසා වෙන්නට හැකි බවත් ඇය කියන්නේ ඔහුට අම්මා සමඟින් නිවසට යන්න කියන එක බවත් ඊෂා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *