සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ශානිකා ඉස්තොප්පුවට වී තේ බොමින් සිටින අතරේ එකපාරටම විපුල එනවා දැක සියළු දේ නවතා දමමින් බොරු රඟපෑමක් කරන්නට පටන් ගන්නවා.ඒ ඇයට පපුව අමාරුවක් හැදී ඇති බවට රඟපාමිනි. මේ වේලාවේ ඇගේ රඟපෑමට රැවටෙන විපුට ඇය ළඟට දිවවිත් ඇයගෙන් කුමක්ද වුයේ කියා කලබලයෙන් මෙන් අසද්දී ඇයට හුස්ම ගන්නට අපහසු බවත් පපුව රිදෙනා බවත් කියද්දී ඔහු බය වී ඇමිබියුලන්ස් එකකට කතා කරමින් ඇයව ඉතා ඉක්මනින්ම රොහල වෙත රැගෙන යනු ලබනවා. මෙලෙස ශානිකා මෙවැනි රඟපෑමක් කිරීමට හේතුව වුයේ විශාල්ව යළි නිවසට රැගෙන එම් පමණක් නොව ඇයට අවශ්‍ය වුයේ විශාල්ව ඇගේ කීමට කැමති කරවා ගන්නටයි. ඉතිං ඒත් සමඟම විශාල් ඒ ගැන දැන ගැනීමත් එක්කම ඊෂාටද ඒ ගැන කිමෙන් පසු ඊෂාද කලබල වී ඔහුට ඒ අවස්ථාවේම අම්මා ළඟට යන්නට කියාත් එසේ ගොස් එතැන තත්ත්වය ගැන ඇයව දැනුවත් කරන්න කියාත් ඉල්ලා සිටිනවා.ඉන්පසු කලබලයෙන් රෝහල වෙත දිව එන විශාල් ඇයට කුමක්ද වුයේ කියා විපුලගෙන් විස්තර අසද්දී එකපාරටම පපුව අමාරුයි කියු බවත් නමුත් ඩොක්ටර් රිපෝර්ට්ස් බලා ඇයගේ රිපොර්ට්ස් වල ප්‍රශ්නයක් නැති බව කියු බවත් විපුල පවසා සිටිනවා.

මේ වේලාවේ ශානිකා රෝහලේ සිට බලා යළිත් අචිනි සමඟින් විශාල් යමින් සිටියදී ශානිකාට ගොඩක් අමාරුයි නේද කියාත් ඇය වෙනුවෙන් ඔවුන් කුමක්ද කරන්නේ කියාත් විශාල්ගෙන් විමසද්දී විශාල් අවුලෙන් මෙන් ටික වේලාවක් කල්පනා කරමින් ඔහුට ඒ ගැන තෙරෙන්නේ නැති බව කියද්දී ඔහු අවශ්‍ය නම් හොඳ ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරමු කියාත් මුදල් ගැන ඔහුට පොඩ්ඩක්වත් හිතන්නට එපා කියාත් ඇය පවසද්දී දැනට එසේ උවමනාවක් නැති බව කියද්දී ශානිකාට තියෙන ලොකුම අසනීපය වෙන්නේ ඔහු නිවසින් ගිය එක බවත් ඔහු නිවසින් ගියේ ඇය නිසා නම් යලි ගෙදරට යන්න කියාත් ඇය ඔහුට කරදර කරන්නේ නැති බවත් ඔහු මේ වේලාවේ ගෙදර සිටිය යුතුම බවත් අචිනි විශාල්ට තේරුම් කර දෙන්න උත්සහා කරනවා.එත් සමඟම ඇය පසුගිය දින ඔහුට කතා කරපු විදියට සමාව දෙන්න කියාත් ඇය එසේ ඔහුට කතා කර එක වැරදි කියාත් කියමින් ඇය විශාල්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *