සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අලිට ඇය කැමැත්ත දුන් බව කියන්නට රෙහානා ඊෂාව හමුවන්නට එළියට පැමිණෙනවා. මේ වේලාවේ ඇයව හමුවන්නට පැමිණෙන රෙහානාගේ හැසිරිමේ අමුත්තක් දැන්නු ඊෂා ඒ ගැන ඇගෙන් විමසද්දී එසේ විශේෂ දෙයක් නැති බව රෙහානා ඇඹෙරෙමින් පවසද්දී කුමක් හෝ දෙයක් තිබෙන බව දැනුන ඊෂා ඇය දෙස අමුතුවට බලමින් කියන්න තියන දේ රෙහානාට කියන්න කියා ඇය කියද්දී යළිත් රෙහානා ගොත ගසමින් වචන කතා කරද්දී මෙතරම්ම ඇයට කියා ගන්න අමාරු දේ කුමක්ද කියාත් ඉන්පසු ඇයට කොල්ලෙක්වත් සෙට් වුනාද කියාත් ඊෂා මඳ සිනාවක් පාමින් අසද්දී එකපාරටම එය අසා පුදුම වන රෙහානා ඇය එසේ කිවේ ඇයිද කියා ඊෂාගෙන් විමසනවා.ඉනපසු නැතිනම් මෙතරම් ඇඹරෙන්නේ ඇයිද කියා ඊෂා අසද්දී එහෙමෙ එකක් තමයි කියා රෙහානා ලැජ්ජාවෙන් මෙන් පවසනවා. පසුව එය අසා අදහාගත නොහැකි වන ඊෂා ඇයට ඇයි කලින් කිවේ නැත්තේ කියා අසමින් කොහේන්ද සෙට් වුනෙ කියා රෙහානාගෙන් විමසද්දී ඔහුව හමුවුයේ හදිසියේ නොවන බවත් එ කෙනා අලි බවත් කියනවාත් සමඟම ඉදන් සිටි තැනින් එකපාරටම නැගිටින ඊෂා ඇය ළඟට ගොස් පුදුම වී මෙන් ඒ කවාදා සිටිද කියා රෙහානාගෙන් අසද්දී අලි ඇගේ කැමැත්ත ඇසුවේ එදින බවත් ඇයත් කැමැත්ත දුන් බවත් රෙහානා පවසා සිටිනවා.ඉන්පසු ඊෂා රෙහානාව වැළඳ ගනිමින් අලි කියන්නේ හොඳ කෙනෙකු බවත් ඇයට ඉතාමත් සතුටු බවත් පවසනවා.

මේ වේලාවේ පාරේ ඉන්න විශාල්ව අහම්බයෙන් මෙන් දකිද දිල්ෂාන් ඔහු ළඟට පැමිණ කතා කරමින් ඔහු කොහේද මෙහේ කියා විශාල්ගෙන් අසද්දී ඔහු යළුවකු හමුවන්නට ආ බව විශාල් පවසනවා. ඉන්පසු දිල්ෂාන් අමුතුවට මෙන් තවම ඔහු ගෙදර ගියේ නැතිද කියා අසමින් ඔහු මේ කරන දේවල් වල තේරුම කුමක්ද කියා අසද්දී ඔහු එසේ පිස්සු වැඩ කරන්නේ නැති බව කියද්දී දිල්ෂාන් මඳ කෝපයෙන් යුතුව එසේ නම් රයිසින් ස්ටාර් එකේ හොඳම තැනට පැමිණ තිබෙන වේලාවේ නිවසින් ගොස් අචිනිටත් විවිධ දේ කියමින් මේ කරන්නේ කුමක්ද කියා විශාල්ගෙන් අසනවා.ඉන්පසු එසේ ඔහුට රයිසින් ස්ටාර් තරඟය ගැන හිතන්න නම් ඔහුගේ මානසිකත්වය හොඳ විය යුතු බවත් එසේ නොමැතිව ඒ ගැන සිතන්නට බැරි බවත් විශාල් කියද්දී පුංචි කාලේ සිට ඔහුව බලා ගත් අම්මා තාත්තාව අත්හැර මෙසේ යන එකටද මානසික නිදහස කියන්නේ කියා විශාල්ගෙන් අසමින් ඔවුන් ඔහු මේ තැනට ගෙන්න කෙතරම් මහන්සි වුවද කියා ඔහු දන්නේ නැති බවත් විශාල්ව මේ තැනට ගෙනාවේ ඔහුගේ මුදල් වලින් සහ අචිනිගේ අප්‍රමාණ මහන්සියෙන් බවත් ඒ නිසා ලෙසියෙන් ඔහුට ඔවුන්ගෙන් ගැලවෙන්නට බැරි බවත් කියමින් දිල්ෂාන් විශාල්ට තර්ජනය කරනු ලබනවා.

මේ වේලාවේ අගස්තිව හමුවීමෙන් පසු ඔහු කියු දෙයක් නිසා ඒ ගැන කල්පනා කරමින් අවුලින් සිටින සමාධිව හමුවන්නට පැමිණෙන නිලුට ඒ බව දැනි ඇගෙන් ඒ ගැන විමසද්දී සමාධි ඊට හේතු නොකියා ඒය මඟහරින්නට උත්සහා කලද එය එතරම් පහසු වුයේ නැහැ.ඉනපසු ඇයට එදින අගස්තිව හමුවු බවත් ඔහුට තවමත් ඕන කරන්නේ ඔවුන්ව සඟවා ගෙන ඉන්නට බවත් පහුගිය කාලයේ සිදු වු දේවල් වලින් පසු ඇය සිතුවේ ඔහු ඊෂාව ඔහුගේ දුව හැටියට පිළිගෙන ඇති කියා බවත් හඩමින් සමාධි පවසද්දී අගස්ති හොඳින්ම ඊෂා කියන්නේ ඔහුගේ දුව කියා දන්නා බවත් ඔහු එය පිළි නොගන්නේ ඔහුගේ ජිවිතේ බොහෝ දේවල් ඒ නිසා වෙනස් වන නිසා බවත් නිලු පවසද්දී එය ඇත්ත බවත් ඔහුගේ විවාහයට එය ප්‍රශ්නයක් වෙයි කියා ඔහු බයෙන් ඇති කියාත් සමාධි ඇය සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *