සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ උදේනි දුරකතනයෙන් ආනන්ද ගැන කියමින් බැන වදිමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන ලිහිණි ඇය කේන්තියෙන් ඉන්නේ ඇයිද කියා අසද්දී ආනන්දට පිස්සු කියාත්, අවන්තගේ නිවසට ළමයෙක් රැගෙන ඔහුගේ නිවසට ආ ගෑනිව ඇයට මතකද කියාත් අසමින් දැන් මේනක සමඟින් එම ගෑනු කෙනා සම්බන්ධයක් නැති බවත් එහෙයින් මේනකලා එකතු වී ඇයව සොයා ඇයව මරන්නට හදන බවත් එ නිසා ටීෂාව ඇගේ නිවසේ ටික කාලයකට තියගන්නට කියු බවත් උදේනි පවසද්දී එක නම් හරියන වැඩක් නොවන බවත් ඔහුට පිස්සුද කියාත් ලිහිණි කියද්දී එත තමයි කියාත් ඒ ගෑනි ඇගේ නිවසේ ඉන්නවා කියා දැනගතහොත් ඇයවත් මරා දමයි කියාත් උදේනි පවසා සිටිනවා. එත් සමඟම ඇය මොකද මේ පැත්තේ එකපාර ආවේ කියා උදේනි ලිහිණිගෙන් වමිසද්දී ඇය ආවේ නිකමට බවත් අනුහස් කොහේද කියාත් අසද්දී ඔහු අක්ෂාව බලන්න ගිය බවත් අක්ෂාට තවමත් කියන්න තරම් ලොකු හොඳක් නැති බවත් උදේනි අවුලින් මෙන් පවසා සිටිනවා.

මේ වේලාවේ ලිහිණිව හමුවන්නට රදීෂ් සමඟින් පැමිණෙන ඩිලාන්, ඇයගේ සැපදුක ගැන විමසමින් ඇයට තිබුණා නේද රදීෂ්ට නැතත් ඔහුට හරි යන තැන ගැන කියා කර යන්නට කියාත් මන්ද ඔහු ඕනෑ තරම් මෙහේ ඇවිත් ඇය සමගින් බොහෝ දේවල් ගැන කතා කර ගොස් තිබෙනවා නේද කියාත් ඩිලාන් පවසද්දී ලිහිණිට එසේ කිවා නම් ඔහු අනිවාර්යෙන් රදීස්ට කියනා බවත් එවිට රදීෂ් ඇයව සොයා එන බවත් ලිහිණි පවසද්දී රදීෂ්ගෙන් හරි කරදරේ නේද කියා ඩිලාන් සිනාසෙමින් අසා සිටිනවා.එත් සමඟම රදීෂ්ගේ අම්මා හදිසියේම රට ගියේ ඇයිද කියා ඩිලාන්ගෙන් විමසද්දී ඇය එසේ ගියේ රදීෂ්ගේ අක්කා නිසා බවත් මන්ද රදීෂ්ගේ අම්මාට රදීෂ්ගේ පස්සේ වැටිගෙන ඉන්නට බැරි බවත් මන්ද රදීෂ්ගේ අක්කාගේ ජිවිතය ගැන ඇය සිතන්නට ඕන බවත් ඩිලාන් පවසද්දී රදීෂ්ගේ අම්මා ඔහුට ඕන තීරණයක් අරගන්න කියාද එසේ රට ගියේ කියා ලිහිණි ඩිලාන්ගෙන් විමසද්දී ඇයට එහෙම දෙයක් රදීෂ් කිවාද කියා ඩිලාන් ඇගෙන් විමසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *