සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ලිහිණි රදීෂ්ට බැන වැදුණු පසු ඇය එලෙස කර එක වැරදි කියා හැඟුණු ලිහිණි යළිත් ජුස් බාර් එකට පැමිණ සිටියදී එතැනට පැමිණෙන මයික් සහ චබි ඇය එදින කරපු දේ වැරදි බවත් හතුරකුටවත් එලෙස කතා කරන එක හොඳ නැති බවත් පවසද්දී ඇයට ඒ වේලාවේ කේන්ති ගිය බවත් නමුත් ඔහු සමඟින් කෙන්ති ගන්නට හේතුවක් නැති බවත් කියනවාත් සමඟම එතැනට පැමිණෙන රදීෂ්ව දකින ලිහිණි ඔහු සමඟින් සිනාසෙමින් වාඩි වෙන්න කියා පවසමින් ඔහුට කියන්න තිබෙන්නේ මොනවාද කියාත් ඒ දේ ඉක්මනින් කියන්න කියාත් ලිහිණි පවසද්දී ඔහු තවමත් ඇයට ආදරය කරනා බව හොදින් මතක තියාගන්න කියාත් එය අමතක කරන්නට එපා කියාත් කියමින් ඇගේ අලුත් ඉස්කොලේ විස්තර ගැන අසමින් ඇය නම් ළමයින්ට සැර ටීචර් කෙනෙකු වෙන්නට ඇති කියාත් ඔහුට මේ දාන සැර ඒ ළමයින්ට දන්නේ නැතිද කියාත් ලිහිණිගෙන් විමසද්දී ඇය මඳ සිනාවකින් යුතුව ඔවුන් ඔහු වගේ නරක වැඩ කරන්නේ නැති බව පවසනවා. එත් සමඟම ආදරය කරනා කියන්නේ දඬුවම් ලැබිය යුතු වරදක් නොවන බවත් නමුත් සමහර හේතු නිසා අකමැත්තෙන් වුවත් විවිධ තීරණ ගන්නට සිදුවන බවත් ලිහිණි පවසා සිටිනවා.

හදිසියේම අනුහස්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අක්ෂා, ඇය සිතන විදියට ඇගේ ඔපරේෂන් එකට දින ඇවිත් බවත් ඩොක්ටර් ඒ පිළිබඳ කියන්නට අනුහස්ට ඇමතුම් ලබාගෙන තිබෙන බවත් ඔහු කතා කලේ නැති නිසා ඩොක්ටර් එලෙස ඇයට කතා කර ඒ ගැන කියු බවත් ඒ නිසා ඩොක්ටර්ව හමුවන්නට යමු කියාත් අක්ෂා කියද්දී ඔහුගේ අතේ වරද තිබෙන්නේ කියා සිතුණ අනුහස් අවුලෙන් මෙන් එක නම් ලොකු දෙයක් බවත් සැහෙන්න කාලයක සිට මේ දවස එනකන් ඔවුන් බලා සිටි බවත් ඉක්මනින්ම යමු කියාත් පවසද්දී ඔහු ඇගේ අසනීපය නිසා ගොඩක් දුක් වනවා කියා දන්නා බවත් ඇය ඇගේ හැමදේම කියුවේ ඔහුට බවත් කියද්දී ඒ ගැන ඔහු දන්නා බවත් ඔහු දැන් වෙනදා මෙන් ඒ දේවල් ගැන සිතන්නේ නැති බවත් සමාන්‍ය විදියට පුළුවන් තරම් සැහැල්ලුවෙන් ජිවත් වන බවත් අක්ෂාට පවසද්දී එය අසා අක්ෂා බොහෝ සේ සතුටට පත් වෙමින් එය ඇයට ලොකු සැනසීමක් බවත් ඔහුට ඇයගේ ඔපරේෂන් එක වේලාවේ ළඟින්ම සිටින්න කියාත් එය ඇයට ලොකු හයියක් බවත් අක්ෂා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *