සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අනුහස්ගේ මේ වනකොට තත්ත්වය කෙසේද යන්න ගැන කතා කරන්නට ලිහිණිව හමුවන්නට පැමිණෙන අක්ෂා, අනුහස් ගැන කතා කරන හැම මොහොතකදීම උදේනි ඇය සමඟින් හඩා වැටෙන බවත් ඇයට එය බලාගෙන සිටිය නොහැකි බවත් නමුත් ඇය හැම අවස්ථාවකම පුළුවන් විදියට අනුහස් ගැන සොයා බලනා බවත් ඔහු බොන්න යන තැන් වලට ඇය ඔහු සොයා ගොස් ඉන්පසු ඔහු සමඟින් රණ්ඩු කර නිවසට රැගෙන එන බවත් නමුත් ඇයට තිබෙන අසනීපයත් සමඟින් ඔහු හිතින් හිතන එක නවත්වන්නට හැකියාවක් නැති බවත් අක්ෂා වේදනාවෙන් යුතුව ලිහිණි සමඟින් පවසා සිටිනවා. මේ සියළු දේ අසාගෙන සිටි ලිහිණි මේ වේලාවේ ඔවුන් කල යුතු වන්නේ අනුහස්ට බැනවදිමින් ඔහු කරනා දේවල් නවත්වන එක නොවන බවත් ඩොක්ටර් ඇයට කියු පරිදි ඔහුගේ හිත ඔහු කැමති දෙයක් වෙනුවෙන් යෙදවිය යුතු බවත් ලිහිණි පවසද්දී එසේ කලහොත් අනුහස් මෙසේ මානසිකව වැටී හිතන එක අඩු වෙයි කියාත් ඇය පවසනවා.ඒ අවස්ථාවේ ඇයටත් හැකි විදියට මේ ගැන අනුහස්ට තෙරුම් කර දෙන්න කියා අක්ෂා ලිහිණිගෙන් ඉල්ලා සිටිනවා.ඉන්පසු ඇය එසේ කරන්නම් කියාත් ඉතා ඉක්මනින්ම අනුහස්ව ඔවුන්ට ගොඩ ගන්නට පුළුවන් බවත් ලිහිණි කියමින් අක්ෂාගේ හිත හදනවා.

මේ අවස්ථාවේ ලිහිණි බෝඩිමට ඇවිත් තිබෙන බව මිලාන්ගෙන් දැනගත් රදීෂ් බෝඩිමට කඩා පනිමින් ලිහිණිගේ යළුවාගෙන් සැරනේ මෙන් පවනි කොහේද කියා විමසමින් පවනිව ඔහුට හමුවන්නට අවශ්‍ය බවත් ඇය ඔහුට බොරු කියු බවත් කියද්දී ඇය කියු බොරුව කුමක්ද කියා සරලා අසද්දී පවනි ලිහිණි සිටිනා තැන ගැන දැනගෙනත් ඔහුට ඒ ගැන කිවේ නැති බවත් කියද්දී සමරලට කියන්නට දෙයක් නොමැතිව ගොළු වී ලිහිණි සිටිනා තැන ගැන ඇය දන්නේ නැති බව යළිත් කියද්දී රදීෂ් ඇයව තල්ලු කරමින් බෝඩිම ඇතුළට යන්නට හදද්දී සරලා ඔහුට යන්න නොදී කැගසද්දී එකපාරටම ලිහිණි බෝඩිමේ ඇතුළේ සිටින කවුද කෑගසන්නේ කියා අසමින් එළියට පැමිණෙනවාත් සමඟම රදීෂ්ව ලිහිණි දකිනවා. ඉන්පසු ලිහිණිව දැක සතුටු වන රදීෂ් ඇය ඔහුට නොකියාම ආවා නේද කියා අසද්දී ලිහිණි ඔහුව කිසි ගානකට නොගෙන ඇය ආව එක තමයි වැරද්ද කියාත් සැරෙන් මෙන් පවසද්දී ඇයට රණ්ඩු වෙන්නට හදන්න එපා කියා රදීෂ් ඉතා බෑගැපත්ව ඉල්ලා සිටිනවා.ඉන්පසු ඇය ආවේ ඔහුව හමුවන්නට නොවන බවත් ඇය ආවේ ඇගේ වැඩකට බවත් කියමින් ඔහුට එතැනින් යන්න කියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *