සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.කාලයකට පසු ලිහිණි උදේනිව මුණැගැසීමට පැමිණි අවස්ථාවේ ඇය නම් ඔවුන්ගේ විස්තර ගැන දන්නවා ඇති නේද කියා අසමින් නමුත් ඔවුන්ට නම් ඇය ගැන හරි විස්තරයක් දැනගන්නට නොලැබුණ බව උදේනි පවසනවා. ඒ අවස්ථාවේ ඇය හොඳින් ඉන්නා බවත් ප්‍රශ්නයක් නැති බවත් ලිහිණි කියද්දී ඇය අහන්නේ එසේ දෙයක් ගැන නොවන බවත් ඇයගේ රැකියාව එමෙන්ම අම්මා , තාත්තාගේ විස්තර කෙසේද කියා බවත් උදේනි පවසනවා. ඉන්පසු ඇය කොළඹින් ගිය පසු ප්‍රාදේශිය සභාවේ වැඩ කරමින් සිටින බවත් එ අතරතුරේ ඇය ටිචින් වලට දැමු බවත් නමුත් ඇයට පත්වීම ලැබුණේ පොඩි දුරකට බවත් නමුත් ඇය එම වෘත්තියට බොහෝ සේ ආස බවත් මුල් කාලයේ එම ප්‍රදේශයේම නැවති සිට පාසලට ගිය බවත් නමුත් තාත්තා කාර් එක අරන් දුන් නිසා ගෙදර සිටම ගිය බවත් ලිහිණි සතුටින් පවසනවා.එත් සමඟම දැන් ඇයට අම්මා සහ තාත්තාව බලාගැනීමට හැකියාව තිබෙන බවත් ඔවුන්ට දැන් වැඩ කිරීමටත් අපහසු බවත් ලිහිණි පවසා සිටිනවා.

මේ වේලාවේ ඩොක්ටර්ව හමුවන්නට පැමිණෙන අක්ෂා, ඇයට ඔපරේෂන් එක සඳහා දින ඇවිත් තිබෙන බවත් ඔවුන් ඒ සිදු කරන පරීක්ෂණයෙන් පසුව තමයි ඇයට තිබෙන්නේ කැන්සර් එකක්ද නැද්ද යන්න තීරණය වන්නේ කියා අක්ෂා පවසමින් ඒ හේතුව නිසා අනුහස් බොහෝ සේ බය වි ඉන්නේ කියාත් ඒ ඇයට කුමක් හෝ කරදරයක් වෙයි කියා බවත් අක්ෂා ඩෝක්ටර් සමඟින් පවසනවා.ඉන්පසු මේ වෙනුවෙන් කුමක්ද අනුහස්ගේ මේ බය නැති කරන්නට පුළුවන් දේ කියා ඔහුගෙන් විමසද්දී ඔවුන් කල යුත්තේ ඔහුගෙ මනස වෙන තැනකට හරවන එක බවත් එසේ නොකළ හොත් ලොකු ප්‍රශ්නයක් විය හැකි බවත් ඩොක්ටර් පවසද්දී ඇයට ඒ වෙනුවෙන් කල හැක්කේ කුමක්ද කියා ඔහුගෙන් අසනවා.ඉන්පසු ඔහු වැඩියෙන්ම කැමති මොනවාටද කියා අසද්දී ඔහු ක්‍රිකට් වලට බොහෝ සේ කැමැත්තක් දක්වන බව කියද්දී එසේ නම් අනුහස්ව අනිවාරයෙන්ම ක්‍රිකට් වලට යොමු කරන්න කියාත් ඒ අරෙන්න වෙන විකල්පයක් මේ සඳහා නැති බවත් ඩොක්ටර් අක්ෂා සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *