සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ කාලයක සිට රෙහානා ගැන සිතේ කැමත්ත සිර කරගෙන සිටි අලි රෙහානාව හදිසියේම හමුවන්නට පැමිණෙනවා. ඔහු එසේ පැමිණෙන්නේ එදින කෙසේ හෝ ඒ ගැන ඇයට කියන්න සිතාගෙනයි. මේ වේලාවේ ඔහු ඇයට එන්නට කිවේ ඇයිද කියා අසද්දී අලි වචන ගොත ගසමින් ඔහු ඇයට කියන්නට යන දේ පිළිබඳ වැරදියට සිතන්නට එපා කියාත් ඔහු ඒ දේ කිව්වා කියා ඇයට තරහා වෙන්නට එපා කියාත් ඇය ඔහු අසනා දේට කුමන උත්තරයක් ලබා දුන්නද ඔවුන්ගේ ඒ තිබුණු යළුකම මෙලෙසම දිගින් දිගටම තියාගෙන යායුතු බවත් අලි පවසා සිටිනවා. ඉතිං ඉන්පසු මෙතරම් අගේ නොකර ඔහුට කියන්නට තිබෙන දේ කියන්න කියා රෙහානා සැරෙන් මෙන් අලිට පවසද්දී ඔහු ඔවුන් හමු වී පළමු වතාවට ඊෂාලා සමඟින් ට්‍රිප් එක ගිය දවසේ සිට ඇය ගැන ඔහු හිතන්නට පටන් ගත් බවත් ඔහුට මෙය ඇයට උඳුල් වගේ ලස්සන වචන දාලා කියන්නට නොතේරේන බවත් නමුත් ඔහු දන්නේ ඔහු ඇයට ගොඩක් කැමති බව පමණයි කියා කියද්දී රෙහානා එකපාරට නැගිට කෙන්ති ගොස් වගේ රඟපාමින් එසේ හැසිරෙමින් සිට ඇයත් ඔන් දෙයක් වෙන්න කියා සිතා එයට උත්තර දෙන්නම් කියමින් ඇයත් ඔහුට කැමති බව කියනවාත් සමඟම අලිට එය ටික වේලාවක් යනතුරු අදහා ගත නොහැකි වුවා.

මේ වේලාවේ විශාල්ගේ අම්මා ඊෂා ගැන කියමින් සමාධි දොස් කීමත් සමඟම ඒ ගැන කතා කරන්නට ඊෂා සමඟින් එළියට පැමිණෙන සමාධි, විශාල්ව ඇයට හමුවුයේ නැතිද කියා අසනවා. ඉන්පසු ඊෂාට ඇය ඇසු දේ ගැන අමුත්තක් දැනී චැනල් එකේදී හමු වුවට පසු ඔහුව හමුවුයෙ නැති බව ඊෂා පවසද්දී ඇයත් ඊෂා වගේම ඇගේ වයසේදී ආදර කල බවත් ඒ ආදරය නිසාම ඇය බොහෝ දුක් විඳපු බව ඇය දන්නවා නේද කියාත් ඊෂා කිසිදින ඒ වේදනාව විඳිනවා බලන්නට ඇය කැමති නැති බවත් විශාල්ගේ අම්මා කිසිදින ඇයට කැමති වන්නේ නැති බවත් සමාධි පවසනවා.ඉන්පසු මඳ වේලාවක් ඒ ගැන කල්පනා කරමින් සිටින ඊෂා විශාල් කියන්නේ අගස්ති වගේ කෙනෙකු නොවන බව කියද්දී සමාධි මඳ සිනහාවක් පාමින් ඇයත් අගස්ති ගැන ඒ කාලයේ සිතුවේ ඒ වගේම බවත් එත් ඇය ඒ සිතු දේ වැරදුන බවත් සමාධි පවසනවාත් සමඟම එතැනට එකපාරටම පැමිණෙන විශාල්, එතැනින් වාඩිවෙමින් පසුගිය දිනක ඔහුගේ අම්මා ඇයට බැන්නා නේද කියා අසමින් එයට ඇය වෙනුවෙන් ඔහු සමාව ගනිද්දී එයට කමක් නැති බවත් අම්මා එසේ බැන්නාට ඔහු පලි නැති බවත් සමාධි වැඩි ගානකට නොගෙන පවසමින් නමුත් එසේ ඇවිත් බනින්නට තිබෙන හේතු නැති කරගත්තා නම් හොඳයි කියා පවසනවා.

සමාධි කොෆි ෂොප් එකට වී නිලු එනතෙක් බලා සිටින අවස්ථාවේ එතැනට අහම්බයෙන් මෙන් පැමිණෙන අගස්තිව දැක ඇය එකපාරටම සැඟවෙන්නට උත්සහා කරද්දී ඇය එසේ සැඟවෙනවා දුටු අගස්ති ඇය ළඟට පැමිණ ඇය එසේ අනිත් පැත්ත හැරුණේ ඔහු දකි කියාද කියා අසද්දී සමාධි ගැස්සි මෙන් සිනාසී ඇය ඔහුව දැක්කේ නැති බව පවසනවා.ඉන්පසු ඇය එතැන මොනවද කරන්නේ කියා විමසද්දී ඇය නිලු එනතෙක් බලා සිටින බව පවසනවා.ඉනපසු අගස්ති ඊෂා ගැන විස්තර අසමින් ඇය ගැන සමාධිට බය වෙන්නට එපා කියාත් එදින ඔවුන්ට කරදර කරන්නට ආව අයව ඔහු ඉතා ඉක්මනින්ම අල්ලා ගන්නා බවත් අගස්ති පවසනවා. එත් සමඟම ඊෂාට ඔහුගෙන් කුමක් හෝ උදව්වක් අවශ්‍ය නම් කියන්න කියා අගස්ති කියද්දී එසේ අවශ්‍ය නැති බව සමාධි කියද්දී ඔහුට ඔහුගේ ළඟින්ම සිටය කෙනෙකුගේ දුවෙකුට උදව් කරන්නට පුළුවන් කියා අගස්ති කියද්දී එය අසා අවුල වුන සමාධි ඔහුට යමක් කියන්නට හදනවාත් සමඟම අගස්ති අත ඇයට පෙන්වමින් කිසිවක් තව කියන්නට එපා කියා අඟවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *