සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.කුරළුගේ නිවසට ඔවුන්ගේ සැපදුක බැලීමට යළිත් පැමිණෙන අභිමන් රෙෂ්මා සමඟින් විස්තර කතා කරමින් සිටින අතරේ ඔහු සහ අදිත්‍ය කුරුළු ළඟින් සිටිය නිසා ඇය මෙසේ හරි ඔළුව උස්සගෙන ඉන්නේ කියා රෙෂ්මා පවසද්දී ඒ කෙසේ වුවත් කුරුළුට තනිව වැඩිය කල්පනා කරන්නට ඉඩ දෙන්නට එපා කියාත් එසේ වුවාම ඔළුට විවිධ දේවල් ඇවිත් ඔළුව විකාර වන බවත් කියද්දී ඔවුන් කොහොමත් තව දින කිහිපයකින් එම නිවසෙන් යන බවත් එහෙයින් මේ සියළු මතක හිමින් සැරේ ඉබේට මැකිලා යයි කියාත් ඇය පවසද්දී එය හොඳ බවත් නමුත් ඔවුන් අලුත් තැනකට ගියාට පස්සේ ඔහුට වැඩිපුර මෙලෙස ඔවුන්ව බලන්නට එන්න බැරි වෙයි කියා කියද්දී ඒ ඇයිද කියා රෙෂ්මා අසමින් ඔවුන් යන්නේ වැඩි ඈතකට නොව බව අභිමන්ට කියනවා. ඒ කෙසේ වුවත් අදිත්‍ය ඔහු ඔවුන් සමඟන් ඉන්නවාට වැඩි කැමැත්තක් නැති බව කියද්දී එය අසා අවුල් වෙන රෙෂ්මා අදිත්‍ය ඔහුට මොනවා හෝ කියුවාද කියා අභිමන්ගෙන් විමසනවා. අභිමන් මඳ වේලාවක් කල්පනා කරමින් හිඳ එසෙ අදිත්‍ය මොනවත් කිවේ නැති නමුත් ඔහුගේ කතාවෙන් සහ හැසිරිමෙන් ඔහුට ඒ බව හොඳින්ම තෙරේක බව අභිමන් පවසනවා.එ වේලාවේ අදිත්‍ය කියන්නේ කුරුළුගේ හොඳිම යළුවා බවත් කුරුළුට ප්‍රශ්න ඇති වුන බොහෝ අවස්ථා වල ඔහු ඇය සමඟින් සිටිය බවත් නමුත් ඔහු නිසා අභිමන් සහ ඔවුන් අතර තිබෙන බැඳීම එසේ නැති කරගන්නට බැරි බවත් රෙෂ්මා අභිමන්ට පැහැදිලි කර දෙනවා.

හදිසියේ පුජා ගැන ලැබුණු තොරතුර ගැන අභිමන්ට කියන්නට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ඉන්පස්පෙක්ටර් විරාජ්, ඔවුන්ගේ තිබු සැකය මෙන්ම ඔහුගේ සැකයත් හරි කියමින් ඔවුන් සැක කල විදියටම පුජාව සහ ඇගේ අම්මාව රෝහලින් පන්නාගෙන ගොස් තිබෙන්නේ චන්ද්‍රාදිත්‍ය විසින් බව කියද්දී එ කියන්නේ පුජාව ඔවුන් සොයා ගත්තාද කියා අභිමන් කලබල වී මෙන් අසද්දී ඔවුන්ව සොයා ගන්නට බැරි වු බවත් නමුත් ඔවුන් ජිවතුන් අතර සිටිනවා කියා ඔහු දැනගත් බවත් ඔවුන් කොළඹ ඇතුළේම ඉන්නවා කියාත් සැක කරන බවත් විරාජ් පවසනවා. එත් සමඟම චන්ද්‍රාදීත්‍ය පුජාට සහ ඇගේ අම්මාට බෙහෙත් ගන්නට මොරටුව පැත්තේ බෙහෙත් ගන්නා ස්ථානයකට රැගෙන ඇවිත් ඇති බවට ඔවුන්ට තොරතුරු ලැබුන බවත් කියද්දී ඔවුන්ට හොඳටම ඒ පුජා කියා විශ්වාස ද කියා  විරාජ්ගෙන් විමසද්දී එය හොඳටම විශ්වාස බවත් මන්ද ඇයව බලා තිබෙන්නේ මානසික රෝහලේ වෛද්‍යවරයාගේ බිරිඳ විසින් බවත් විරාජ් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *