සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.අභිමන් සමඟින් උදෑසන ආහාර ගනිමින් සිටින ලොයිඩ් කුරුළු ඔහුත් සමඟින් කතාබහ කරනවාද කියා අසනවා. ඉන්පසු ඔහු ඇයට ඊයේ දිනයේත් කතා කල බව කියද්දී මේ වෙද්දී ඒ පැත්තේ තත්ත්වය කෙසේද කියා ලොයිඩ් අභිමන්ගෙන් විමසද්දී , ඒ ගැන කියන්න අමාරු බවත් මන්ද සුභද්‍රාගේ මරණයත් සමග කුරුළු තවමත් වේදනාවෙන් සිටින අතරේම ඇයට තවත් ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව කියමින් ඔවුන් සිටිනා නිවස අයිති අය රට ඉඳන් ලංකාවට ඇවිත් ඇති බවත් ඒහෙයින් ඔවුන් එම නිවස ඉල්ලා ඇති බවත් අභිමන් කියද්දී එය අසා පුදුම වෙන ලොයිඩ් එසේ හිතුමනාපේට නිවස ඉල්ලන්නේ කෙසේද කියාත් අසද්දී ඔවුන් කිහිපවතාවක්ම කුරුළුට කතා කර ඇති බවත් නමුත් තිබුණු තත්ත්වයත් සමඟ කුරුළුට ඔවුන්ට කතා කරන්නට හැකියාවක් ලැබී නැති බවත් අභිමන් පවසද්දී ඔහුට හැකිනම් ඒ ගැන සොයා බලා ඔවුන්ට උදව් කලහොත් එය හොඳ බව කියද්දී අනිවාර්යෙන්ම ඔහුට පුළුවන් උපරිමෙන් කල හැකි දෙයක් තිබෙනවා නම් ඔහු එය කරන බවත් එදිනත් ඔහු ඔෆිස් යන ගමන් ඇයගේ නිවසට ගොස් ඇය සමඟින් කතා කරන්නට ඉන්නේ කියාත් අභිමන් පවසනවා.

මේ වේලාවේ කුරුළුට ඇති වී තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්නට පැමිණෙන අභිමන්ට කුරුළු ස්තුතියි කරද්දී ඇය එසේ ඔහුට ස්තුතියි කරන්නේ කුමකටද කියා කුරුළුගෙන් විමසද්දී ඇයත් සමඟින් තරහින් සිටියදීත් මෙසේ ඇය ගැන හොයලා බලා ඇයත් සමඟින් ඉන්නවාට කියා කියද්දී ඔහුට ඇය සමඟින් කිසිම තරහක් නැති බවත් ඔහුට තිබුනේ කලකිරිමක් පමණක් බවත් අභිමන් මඳ සිනාවකින් යුතුව පවසද්දී යම්කිසි කෙනෙකු ගැන කලකිරෙනවා කියන්නේ තරහා වෙනවා වගේ දෙයක් තමයි කියා කුරුළු පවසද්දී ඔහු එසේ සිතන්නේ නැති බවත් ඒවා අමතක කරන්න කියාත් දැන් ඇය ඉදිරියට කරන්න ඉන්නේ කුමක් ද කියාත් කුරුළුගෙන් අභිමන් අසද්දී ඇයට කිසිම සැලසුමක් නැති බවත් සුභද්‍රාගේ දානයේ වැඩකටයුතු කිරිමෙන් අනතුරුව රෙෂ්මා සහ ඇය කොහේ හෝ යන බවත් අභිමන්ට කියද්දී ඇය එසේ කොහේ හෝ තැනකට ගියද ඇයට පහසුවෙන්නේ ඇගේ වැඩත් සමඟ මේ අසළින්ම නිවසක් සොයා ගන්න එක බවත් කියද්දි ඇය ඒ පිළිබඳ තව සිතිය යුතු බවත් ඇගේ හිතේ දැන් ඒ පිළිබඳ ලොකු කැමැත්තක් නැති බවත් කුරුළු පවසනවා.එත් සමඟම ඔවුන් එසේ කතා කරමින් සිටින අවස්ථාවේ එතැනට එකපාරටම පැමිණෙන අදිත්‍ය අමුතුවට මෙන් අභිමන්ට හින්ට් එකක් ගසමින් කුරුළුගේ දුක සැප බලන්නට ඔහු ආවද කියා විමසද්දී ඔහු ඇය සමගින් ටිකක් කතා කරන්නට ආ බව අභිමන් පවසනවා. ඒ වේලාවේ එසේ අදිත්‍ය අභිමන්ට හින්ට් ගසමින් විවිධ දේවල් කියද්දී ඔහු සමඟින් කේන්ති ගිය අභිමන් ඔහු යළිත් එන්නම් කියා කුරුළුට කියමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *