සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.සුභද්‍රා නැති වු බව දැනගැනීමත් සමඟම කුරුළුගේ නිවසට පැමිණෙන අභිමන් කුරුළු පැත්තකට වී හඬමින් සිටිනවා දැක ඇය ළඟට ගොස් ඇයට කතා කරනවාත් සමඟම කුරුළු වාඩි වී සිටි තැනින් නැගිට ඔහුව හයියෙන් වැළඳ ගනිමින් ඇයගේ අම්මා දාලා ගිය බව කියමින් හඩන්නට පටන් ගන්නවා.ඒ වේලාවේ ඇයට හඬන්නට එපා කියමින් ඇයගේ හිත හදන්නට අභිමන් බොහෝ සේ උත්සහා කලද එය එතරම් පහසු වුයේ නැහැ. මේ වේලාවේ රෙෂ්මාද අභිමන් ළඟට පැමිණ හඬද්දී අභිමන් ඇයගේද හිත හදන්නට උත්සහා කරනවා. මේ වේලාවේ ඔවුන්ව අහම්බයෙන් මෙන් දකින අදිත්‍ය අභිමන් දෙස අමුතුවට මෙන් බලා සිටිමින් එතැනින් යන්නට යනවා. ඉතිං එත් සමඟම සුභද්‍රාගේ දේහයද නිවසට රැගෙන එනු ලබනවා.එ අවස්තාවේ සුභද්‍රාගේ දේහය නිවසට රැගෙන එනවා දුටු කුරුළුගේ වේදනාව තව තවත් වැඩි වී ඇය තවත් මහ හයියෙන් කෑගසමින් හඬන්නට පටන් ගන්නවා.මේ වේලාවේ ඇයට සුභද්‍රා එසේ ඉන්නවා දැක දරා ගැනීම නොහැකි වී ඉන්පසු ඇයව ක්ලාන්තය වී බිම ඇඳ වැටෙනවා.

සුභද්‍රා නැති වු බව දැන ඇයව බලන්නට පැමිණෙන චන්ද්‍රාදීත්‍ය , කුරුළු සුභද්‍රාගේ දේහය අසළ සිටිනවා දැක ඇය කතා කරනවාත් සමගම කුරුළු ගැස්සි ඔහු දෙස බලමින් ඔහුගේ අත ගස්වා ඇය ඔහුගේ දුව නොවන බවත් ඔහු කුමකටද මෙතැනට ආවේ කියාත් අසමින් ඔහුට ඒ කාලයේ ඕන වුන දේ දැන් වෙලා නේද තිබෙන්නේ කියා අසමින් ඔහුට දැන් සතුටුද කියා ඔහුගෙන් විමසනවා. ඉන්පසු ඔහුව ඇය විවාහ කර ගත් දා සිටි සුභද්‍රා දුක් විඳි බවත් ඇය කිසිදින සිතුටින් සිටියේ නැති බවත් හරි නම් අද මෙසේ ඉන්නට ඕන ඇගේ අම්මා නොවන බවත් ඔහු තමයි මෙසේ ඉන්නට ඕන කියාත් කුරුළු ඔහුට ඇඟිල්ල දිගු කරමින් මහ හඬින් කෑගසමින් ඇයට මෙසේ වුවාට වගකිව යුත්තේ ඔහු බවට කුරුළු චෝදනා කරනවා. ඇය එසේ කෑගසන විට චන්ද්‍රදීත්‍ය ඇයව පාලනය කරන්නට උත්සහා කලද එය එතරම් ලේසි වුයේ නැහැ. ඉන්පසු ඔහුට එතැනින් යන්න කියා කුරුළු කෑසද්දී ඇයගේ සද්දය ඇසී එතැනට පැමිණෙන අනුලා, කුරුළුට කෑගසන්නට එපා කියමින් ඔහු ඇවිත් තිබෙන්නේ සුභද්‍රාව බලන්නට බව තේරුම් කර දී ඒ සිටින්නේ ඇයගේ තාත්තා බවත් ඔහුට එතැනට එමට අයිතියක් තිබෙන බවත් අනුලා තේරුම් කර දෙන්නට උත්සහා කලද ඒ කිසිවක් අසන්නට කුරුළු කැමති වුයේ නැහැ.ඉන්පසු එතැනට පැමිණෙන රෙෂ්මාද කුරුළුගේ පැත්ත ගනිමින් චන්ද්‍රාදීත්‍යට බැන වදිමින් කුරුළු ඔහුට එසේ කතා කරන එක හරි බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *