සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ කාමරයට වී සුභද්‍රා ගැන කල්පනා කරමින් සිටින රේෂ්මා ළඟට යන කරුළු ඇය පහන පත්තු කල අවස්ථාවේ කවදාවත් නැතිව දෙවතාවක්ම සුළඟට පහන නිවුණු බවත් කියද්දී රේෂමාගේ හිතටද එය කියු පසු අමුත්තක් දැනෙනවා මෙලෙස ඔවුන් දෙදෙනා කතා කරමින් සිටිනවාත් සමඟම නිවසේ ඉස්සරහා බිත්තියේ එල්ලා තිබු කුරුළුගේ සහ සුභද්‍රාගේ ඡායාරූපයද සුළඟත් සමඟින් එකපාරටම කඩා වැටෙද්දී එයව ඇසී ඔවුන් දෙදෙනා පහළට යනවා.ඉන්පසු කුරුළු එය දැක කලබල වෙමින් බය වී ඔවුන් සුභද්‍රාව තනිව රෝහලේ දමා ආ එක හරි නැති බවත් කියද්දී රේෂමා ඇගේ හිත හදමින් එම පින්තූරය ගැල වුනේ සුළඟ නිසා බවත් හෙට දිනයේ එය හදමු කියාත් කියමින් කුරුළුගේ හිත හදමින් ඇයව කාමරයට රැගෙන යනවා.ඔය අතරේදීම අදිත්‍යට දුරකථන ඇමතුමක් හදිසියේම ලබා ගන්නා ඩොක්ටර් සුභද්‍රා මීට සුළු මොහොතකට කලින් නැති වුණු බවත් රේෂ්මාව සහ කුරුළුව රෝහලට රැගෙන එනක ලෙසදත් පවසනවා. මේ වේලාවේ අදිත්‍ය එහය අසා ශෝක් වනවා.

මේ වේලාවේ කුමක්ද කරන්නේ කියා සිතාගත නොහැකි වුන අදිත්‍ය කුරුළුට මහ රෑ ඇමතුමක් ලබා දෙමින් ඒ බව ඇයට නොකියා හොස්පිට්ල් එකෙන් ඩෝකටර් කතා කල බවත් ඇයට සහ රේෂ්මාට ඉක්මනින්ම හොස්පිට්ල් එකට එන්න කියු බවත් අදිත්‍ය පවසද්දී එය අසා කලබල වුණ කුරුළු යළිත් බය වී හඬා වැටෙමින් සුභද්‍රාට යළිත් අමාරු වෙලාද කියා අදිත්‍යෙගන් විමසද්දී සිදු වු දේ ගැන කියන්ට ශක්තියක් නොතිබුණු අදිත්‍ය එසේ කිසිවක් ඔහුට කිවේ නැති බවත් පුළුවන් ඉක්මනින් ඔවුන්ට රෝහලට එන්න කියා කියු බවත් ඔහු ඔවුන්ව රැගෙන යාමට එන බවත් ලෑස්ති වී සිටින්න කියාත් කියමින් අදිත්‍ය දුරකථනය තියනවාත් සමඟම කබලයෙන් රේෂ්මා ළගට දිව යන කුරුළු ඒ බව කියා අදිත්‍ය එනතුරු මඟ බලා සිටිනවා. ඉතිං ඉන්පසු ඉතා ඉක්මනින් රෝහලට යන කුරුළු සහ රේෂ්මා සුභද්‍රාගේ කාමරය වෙත දිය යමින් සිටිද්දී මඟදී හමුවු නර්ස්ගෙන් සුභද්‍රා ගැන අසමින් ඇය හොඳින් ඉන්නවා නේද කියා අසද්දී මීට සුළු මොහොතකට කලින් සුභද්‍රා නැති වුන බව පවසනවා. ඒ වේලාවේ එය අසා දරාගත නොහැකිව කෑගසමින් ඇය කියු දේ පිළිගන්නට කුරුළු සහ රේෂ්මා කැමති වන්නේ නැහැ. ඉතිං ඉන්පසු ඔවුන්ව සුභද්‍රාගේ කාමරයට රැගෙන ගොස් ඇයගේ මුහුණ වසා තිබු රෙදි කැබැල්ල ඉවත් කරමින් ඇය පෙන්වනවාත් සමඟම කුරුළු සහ රේෂ්මා ඒ දෙස බලා සිටිමින් මහ හයියෙන් හඩා කෑගසන්නට පටන් ගන්නවා.

ඉතිං ඔය අතරේ සුභද්‍රා මියගොස් ඇති බව දැනගත් වාසනා හඬගෙන අභිමන්ගේ කාමරයට ළඟට එමින් ,සුභද්‍රා නැති වී ඇති බව පවසනවාත් සමඟම අභිමන්ද එය අසා ශොක් වෙමින් දුක් වනවා. ඒ අවස්ථාවේ ඒ ගැන ලොයිඩ් දන්නවාද කියා අභිමන් වාසනාගෙන් විමසද්දී ඔහ තමයි මේ බව ඇයට කිවේ කියාත් සුභද්‍රා කියන්නේ ගොඩක් හොඳ කෙනෙකු බවත් කියද්දී අභිමන්ද කල යුත්තේ කුමක් ද කියා සිතාගත නොහැකිව වාසනාට එතැනින් යන්නට කියමින් ඔහුද සුභද්‍රා ගැන දුක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *