සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ සුභද්‍රා කුරුළුගේ ෆිල්ම් එක රිලිස් කිරීමේ උත්සවයට ගොස් ඔවුන් සමඟින් යළිත් නිවසට පැමිණ රෙෂ්මා සමඟින් නිදා සිටියදී එකපාරටම ඇයට යළිත් අසනීප ත්ත්තවය වැඩි වී ඇය මහා හයියෙන් කෑගසනවා. ඉන්පසු ඇගේ සද්දය ඇසී බය වි නැගිටින රෙෂ්මා, ඇයට ආමරුද කියා අසා බය වී කුරුළුට කෑගසමින් ඇගේ කාමරයට දිව ගොස් සුභද්‍රාට අමාරු බව පවසනවා. එහ අසා කලබල වි සුභද්‍රාගේ කනාමරයට දිව යනව කුරුළු,හඩවැලපෙමින් ඇය ළඟ සිටිද්දී එසේ කතා කරමින් ඉන්නට වෙලාවක් නැති බවත් ඉක්මනින් රෝහලට යමු කියාත් පවසමින් ඉන්පසු සුවසැරියක් නිවසට ගෙන්වා ගනිමින් රෝහලට රැගෙන යනවා.ඒ අවස්ථාව වනවිටත් සුභද්‍රාගේ ත්ත්තවය ඉතා දරුණු අතටයි හැරි තිබුණේ.ඉන්පසු ඇයව රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව කුරුළු පැත්තකට වී හඬමින් සිටිද්දී රෙෂ්මා ඇය ළඟට පැමිණ ඇයගේ හිත හදන්නට උත්සහා කරමින් සිටියදී එතැනට සිදු වු දේ ගැන දැන රෝහලට පැමි‍ණෙන අදිත්‍ය සුභද්‍රාගේ තත්ත්වය ගැන ඔවුන්ගෙන් විමසනවා.

මේ වේලාවේ අමායා සමගින් කතා කරන්නට පැමිණෙන විශාකා, ඇයගේ සැපදුක් විමසමින්අමායා ඇය සමඟින් තරහින්ද සිටින්නේ කියා අසනවා. එ අවස්ථාවේ ඇය එක්ක තරහා වෙන්නේ කුමකටද කියාත් ඇය තමයි බොරු දෙවල් ඔළුවට දාගෙන හැමෝම අවුල් කලේ කියාත් අමායා පවසනවා. ඉන්පසු එසේ කියන්නට එපා කියාත් එය ඒ වයසේ හැටියක් බවත් එය කාගේවත් වරදක් නොවන බවත් ඇය අමායාට පැහැදිලි කර දෙමින් ඒ කෙසේ වෙතත් මෙය ප්‍රශ්නයක් නැතිව මේ විදියට විසඳුන එක හොද බව විශාකා පවසනවා.ඇය එසේ කියද්දී ඒ කියන්නේ විශාකාත් ඇයට අකමැතතෙන්ද සිටියේ කියා ඇගෙන් විමසද්දී ඇයට ලොයිඩ් මේ කාතව ගැන කියද්දී ඇය හිත ඇතුලින් ගොඩක් සතුටු වු බවත් ඇය දැන් වුවත් අභිමන්ගේ බිරිඳ වෙනවා නම් කැමති කියාත් විශාකා කියද්දී අමායා සිනා වී ඒ හැමදේම දැන් වෙද්දී ඉවර බවත් ඇය මේ වෙද්දී හිත හදගෙන සිටින බවත් පවසා සිටිනවා. ඉන්පසු ඇය ගැන විශාකාට හිතේ තියෙන්නේ ආඩම්බරයක් බවත් ඇය ඒ හිතන විදියට ඇය ගොඩක් කැමති බවත් විශාකා පවසනවා.

මේ වේලවේ පොලිස් අත්අඩංගුවේ සිටි මාලන් පොලිසියෙන් නිදහස් වී යළිත් ඔෆිස් එකට පැමිණෙද්දී ඔහුව දැක පුදුමයට පත් වෙන අභිමන් එකපාරටම පුටුවෙන් නැගිට ඔහු ළඟට යද්දී ඔහුව දැක අභිමන් බය වුනාද කියා මාලන් විමසද්දී ඔහු කුමකටද මාලන්ට බය වෙන්නේ කියාත් ඔහු එතැනට ආවේ කෙසේද කියායි ඔහු බැලුවේ කියාත් අභිමන් පවසමින් ඔහුව කෝපයට පත් නොකර ඔෆිස් එකෙන් යන ලෙස අභිමන් හොඳින් කිවද ඔහු එය අසන්නේ නැති වීමත් සමඟන අභිමන් පොලිසියට කතා කරන්නට සූදානම් වෙද්දී ඔහු නීතිමය පැත්තෙන් ඔහුට තිබු සියළු ප්‍රශ්න විසඳාගෙනයි මෙසේ ඇවිත් සිටින්නේ කියා මාලන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *