සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.කාලයකට පසු රට සිට පැමණි තේමියව මුණගැසෙන්නට පැමිණෙන අගස්ති, ඔවුනොවුන්ගේ ආ ගිය විස්තර ගැන කතා කරමින් සිටන අතරේදී ඔහු තේමියව හමුවන්නට සිටියේ බව කියමින් ඔවුන් තමයි මේ තරඟයට ඊෂාව ගෙන්වා ජනප්‍රිය කලේ බවත් එහෙයින් ඇය ගැන සොයා බලන එක ඔවුන්ගේ වගකීමක් බවත් කියද්දී කිසිවක් සිතා ගැනීමට නොහැකි වු තේමිය මඳ වේලාවක් කල්පනා කරමින් හිඳ ඉන්පසු ඊෂාට කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා අගස්තිගෙන් විමසනවා.ඒ වේලාවේ අගස්ති සිනාසෙමින් ඇයට ඇති වු ප්‍රශ්න පිළිබඳ ඔහු සමඟින් නොකියා ඔහුට කියන්නට ඇත්තේ ඇය ගැන ටිකක් සොයා බලන්න කියන එක පමණක් බවත් ඉන් එහාට ඔහුගෙන් කිසිවක් අසන්නට එපා කියාත් අගස්ති පවසා සිටිනවා. ඉන්පසු තේමිය අගස්ති දෙස බලා ඔළුව වනමින් ඒ පිළිබඳ සිතමින් සිටිනවා.

මේ වේලාවේ විශාල් අචිනිට ඔහුගේ පස්සෙන් එන්නට එපා කියා පැවසුවද ඒ කිසිවක් ගනන් නොගෙන ඔහු එපා කියනා දේම කරන ඇය ඔහු සිටින තැන සොයා පැමිණ වාහනයට නැග ඔහු මේ කරන දේ තේරුම කුමක් ද කියා අසද්දී ඔහු ඇයට පසුගිය දින තෙරෙන සිංහලෙන්ම වෙන දේ ගැන කියු බවත් තවත් මෙලෙස ඇය සැරින් සැරේ පැමිණෙන එකේ තේරුමක් නැති බවත් ඇය සිතනා කිසිවක් සිදුවන්නේ නැති හෙයින් ඔවුන් මෙලෙස හමුවන අවසාන දවසද විය හැකි බවත් විශාල් පවසද්දී ඔහු කෙසේද එසේ කියන්නේ කියා අචිනි අසනවා.ඔහුගේ ජිවිතය ගැන තීරණ ගන්නේ ඔහු බවත් ඊට වෙන කිසිවකුට මැදිහත් වන්නට බැරි බවත් ඇයට තේරුම් කර දෙන්නට විශාල් උත්සහා කලද ඇය ඒ කිසිවක් පිළිගන්නට කැමති වුයේ නැහැ. ඒ වේලාවෙ විශාල් ගේ ගෙදරින් ඔහුව ඇයට විවාහ කර දෙන බවට පොරොන්දු වුන බවත් ඇය ඔහු වෙනුවේ බොහෝ කැපකිරිම් කල බවත් විශාල්ට මතක් කර දෙනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *