සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.හදිසියේ නුවරඑළියේ සිය අම්මාගේ නිවසට පැමිණෙන විපුල, ඔවුන් මොන හේතුවක් නිසාද විශාල්ව එම නිවසට ගෙනත් නවතා ගත්තේ කියා කෑගසා අසද්දී ඇයට විශාල්ට අලුතින් නෑකම් පාන්න දෙයක් නැති බවත් ඒ දරුවා ඇගේ පුතාගේ පුතා බවත් එය හොඳින් මතක තියාගන්න කියාත් විපුලගේ අම්මා කෑගසා පවසමින් ඔවුන් ඔහුව නිවසට ගෙනාවේ නැති බවත් විශාල්මයි ඇයව බලන්නට නිවසට ආවේ කියාත් ඇය පවසා ඒ කෙසේ වෙතත් විශාල් නම් ඔහු වගේ නොවන බවත් ඔහු ළඟ හොඳ මනුස්ස ගතිගුණ තිබෙන බවත් පවසා සිටිනවා. ඉන්පසු ඔහු කෙසේ වෙතත් මෙහේ එන්නේ නැති බවත් උඳුල් කොළඹට ගොස් සහෝදරකම් පාලා ඔහුව මෙසේ නුවරඑළියේ නිවසට ඇඳගෙන් ඇති බවටත් උඳුල්ට විපුල චෝදනා කරද්දී හැමදේටම උඳුල්ට දොස් කියන්නට එපා කියාත් එසේ ඔහු ආවා කියා කුමක්ද වෙන්නේ කියාත් සැරෙන් මෙන් අසමින් ඔහුට බැන වදිනවා.

ගෙදරින් තරහා වී ගිය විශාල් යළිත් පසුදින නිවසට පැමිණෙනවාත් සමඟම ඔහුව දුටු ශානිකා, ඔහු නිවස ඇතුළට පැමිණෙන එක නවත්වමින් ඔහු ඇයි ද යළි ආවේ කියාත් යළි නිවසට එන්නට ඕන නැති බවත් ගිය තැනකම ඉන්න කියාත් තරහින් මෙන් පවසද්දී විශාල් ඇය ළඟට ගොස් ඔහු ආවේ නිවසේ ඉන්නට නොවන බවත් ඔහුට නිදහස නැති තැනක ඔහු කොහොමත් ඉන්නේ නැති බවත් විශාල් පවසද්දී එය අසා හිත රිදුන ශානිකා හඩමින් යන්න යන්න කියාත් ඇය කොතරම් දුක් මහන්සියෙන්ද ඔහු හැදුවේ කියාත් ඔහුට ඇය ගැන පොඩිවත් ආදරයක් නැති බවත් එසේ දරුවකු ඇයට ඕනේ නැති බවත් ඔහුට යන්න කියාත් ශානිකා පවසද්දි ඇය ආදරය කරනවා කියා කියන්නේ ඔහුට නොගැළපෙන කෙනෙකුව කසාඳ බඳින්න කියන එකද කියා අසමින් ඔවුන් ඔහුගේ ජිවිතයට ඕනවාට වඩා බලපෑම් කරන බවත් ඔහුට මේ සියළු දේ එපා වෙලා තිබෙන්නේ කියාත් ඔවුන් සල්ලි මත්තේ නැහිලා ඔවුනුත් විනාශ වී ඔහුවත් විනාශ කරන්නයි හදන්නේ කියා විශාල් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *