සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.අගස්ති සමඟින් කතා කිරීමට එළියට යන වින්ඩි ඇයට ඔහුට විශේෂ දෙයක් කියන්නට තිබෙන බව කියමින් ඇයට කර්මෂල් එකක් ලබන සතියේදී කරන්නට ලැබුන බව කියද්දී එය අසා සතුටු වෙන අගස්ති එය හොඳ බවත් එසේ ලැබුනේ කුමක නිෂ්පාදනයක්ද කියාත් ඇගෙන් විමසද්දී එය පර්ෆියුම් ප්‍රඩක්ට් එකක් බවත් ඇය සිතන විදියට ඇයට ඒ සඳහා කොළඹින් පිටට යන්නට වෙයි කියාත් වින්ඩි පවසමින් ඇයට මෙසේ කර්මෂල් එකක් ලැබුනේ බොහෝ කාලයකට පසු බව සතුටින් පවසනවා. එත් සමඟම ඇයට ලැබුනු කර්මෂල් එකට ඇඩ්වටයිසින් කම්පැනි එකෙන් කියා ඇත්තේ ඊෂාව ඒ සඳහා තෝරා ගන්න කියා බවත් වින්ඩි කියද්දී ඇයවත් දැන් වෙද්දී මිනිස්සු දන්නවානේ කියාත් ඒ නිසා එසෙ ඇයව තෝරාගන්නට සිතන්නට ඇති කියාත් අගස්ති පවසද්දී ඇයව දන්නා වුවත් එයින් කියවෙන්නේ මිනිස්සු ඊෂාට කැමති කියන දේ නොවන බවත් එවැනි කෙනෙකු මෙවැනි බ්රැන්ඩ් එකක් කරන්නේ කෙසේද කියාත් වින්ඩි ඊෂාව පහතට දමා කතා කරද්දී අගස්තිට කියා ගන්නට දෙයක් නැතිව කේන්තිය පාලනය කර ගනිමින් කෙසේ හෝ කමක් නැහැ ඇයට වැඩේ ලැබුනානේ කියා වින්ඩිට පවසනවා. ඉන්පසු එය ඇත්ත බවත් ඇයට මේ සඳහා ලොකු මුදලක් ලැබෙන්නේ නැති බවත් නමුත් ඇයට මෙය අත්හරිය නොහැකි බවත් මන්ද එසේ ඇය එය අත්හැරිය හොත් ඊෂාට එය ලැබෙන බවත් වින්ඩි පවසනවා.

මේ වේලාවේ විශාල්ව හමු වී කේනතියෙන් කෑගසමින් නිවසට පැමිණෙන අචිනි, නිවසේ ඇති බඩු ආදිය පොළොවේ ගසමින් අමුතුවට හැසිරෙද්දී එය ඇසී ඇය ළඟට දිව එන ඇගේ අම්මා සහ තාත්තා, බය වී ඇයට කුමක්ද වුයේ කියා විමසද්දී අචිනි ඔවුන්ගේ අත ගසා දමමින් විශාල් ඊෂාව අත්හරින්නේ නැති බව කියද්දී ඇයට එසේ කිවේ කවුරුන්ද කියාත් ඇය මොනවා හෝ දෙයක් දැක්කාද කියාත් අචිනිගෙන් විමසද්දී ඇය කිසිදෙයක් දැක්කේ නැති බවත් නමුත් ඔහු ඒ බව ඇයට කියු බවත් ඇයව එසේ ඔහු අත්හරින්නේ කෙසේද කියාත් අම්මාගෙන් අසද්දී මෙ වෙන්නේ මොකද්ද කියාත් අචිනිට එසේ අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්න පුළුවන්ද කියාත් දිල්ෂාන්ගෙන් ඇය කලබලයෙන් මෙන් විමසද්දී එසේ වෙන්නේ නැති බවත් ඔවුන් එසේ කරන්නේ කෙසේද කියාත් විශාල් රයිසින් ස්ටාර්ස් එකේ ඉහළට ගියේ අචිනි නිසා බවත් කියද්දී ඇය නිසා එසේ ඔහු ඉදිරියට ගියද විශාල් ඇයට එසේ කියු බවත් ඇය ඔවුන් දෙදෙනාව අත්හරින්නේ නැති බවත් ඔවුන් දෙදෙනාට හොඳින් ඉන්නට ඉඩ දෙන්නේ නැති බවත් අචිනි පවසද්දී ඇයට එසේ කලබල වෙන්නට එපා කියාත් ඔහු මේ ගැන විපුල සමඟින් බලා ගන්නම් කියාත් කියමින් අචිනිගේ හිත හදන්නට උත්සහා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *