සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.විශාල් කොෆි ෂෝප් එකක තනිව සිටිනවා අහම්බයෙන් මෙන් දකිනා අගස්ති ඔහු ළඟට ගොස් කතා කරමින් ඔහු මෙහේ මොනවාද කරන්නෙ කියා අසනවා. ඒ අවස්ථාවේ ඔහු යළුවකු හමුවීමට පැමණි බව විශාල් පවසද්දී ඔහුගේ මැනේජර් කෝ කියා අගස්ති අමුතුවට මෙන් සිනාසෙමින් විශාල්ගෙන් අසද්දී ඇය ආවේ නැති බව විශාල් පවසමින් ඔහු එසේ ඇසුවේ ඇයිද කියා විමසනවා.ඉන්පසු ඔහු සහ මැනේජර් තරඟය දිනන්නට හදන්නේ මේ විදියටද කියා අගස්ති විශාල්ගෙන් විමසද්දි කිසිවක් නොදන්නා විශාල් ඔහු කියන්නේ මෙනවා ගැනද කියා අගස්තිගෙන් විශාල් විමසනවා.ඉන්පසු ඊෂාව තරඟයෙන් ඉවත් කරන්නට ඔහු සහ අචිනි එකතු වී කරන දේ ගැන ඔහු දන්නේ නැහැ කියාද සිතාගෙන ඉන්නේ කියා විමසද්දී ඔහු ඒ කිසිවක් ගැන දන්නේ නැති බවත් එමෙන්ම ඊෂාට එවැනි දෙයක් ඔහු කරන්නේ කුමකටද කියාත් විශාල් අසද්දී අචිනි ඊෂාගේ ජිවිතයට ලොකු බලපෑමක් කරනා බවත් ඒ නිසා ඇය ඉක්මනින්ම අයින් කරගන්න කියාත් යළි යළිත් ඔහු මේ දේවල් කියන්නේ නැති බවටත් අගස්ති විශාල්ට තර්ජනය කරනවා.

මේ වේලාවේ උඳුල්ව හමුවන්නට පැමිණෙන ඊෂා, ඇයට සහ සමාධිට පෙර දින සිදු වු කරදරය ගැන විස්තර කියමින් එදින අගස්ති ආවේ නැතිනම් ඔවුන් දෙදෙනාට මොනවා වෙයිද කියා සිතා ගත නොහැකි බවත් ඊෂා පවසද්දී එය ඇයටත් තවම සිතාගන්නට බැරි බවත් ඔහු ගානට වේලාවටම එතැනට පැමිණ බැසපු බවත් ඔහු තව විනාඩියත් හෝ පරක්කු වී ආවා නම් එතැන මොනවා වෙන්නට තිබුණාද කියා සිතා ගන්න බැරි බවත් ඊෂා පවසමින් ඒ කෙසේ වෙතත් අගස්ති සමගින් ඇයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඇයගේ අතින් ඔහු අල්ලද්දී ඇයට දැනුන හැඟීම කියන්නට තෙරෙන්නේ නැති බවත් කියද්දී උඳුල් ඒ කතාව අසා සිනාසෙමින් අගස්ති ඇයට නොපෙන් වුවාට අගස්ති ඇයට බොහෝ සේ ආදරය කරන බව කියද්දී ඔහු එසේ ආදරය කරනවා නම් එය ඇයි ඔහුට ඇයට පෙන්වන්න බැරි කියා ඊෂා අසද්දී ඔහු සිටනා තත්ත්වයත් සමඟ ඔහුට එය පිළිගන්නට බැරිව ඇති කියා උඳුල් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *