සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ප්‍රෙක්ෂක මනාප අනුව ඉදිරියට යන තරගකරුවන් කවුරන්ද යන්න කියා පැවසීමට තරුඟකරුවන් සියළු දෙනා වේදිකාවටය පැමිණ සිටින මොහොතේ එතැන සිටි අයගෙන් ඊෂාත්, කව්‍යා සහ විශාල් ඉතිරි වෙමින් අනිත් සියළු තරකරුවන් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබනවා. ඉන්පසු ඔවුන් තිදෙනා අතරින් ඊළඟට ඉදිරියට යනු ලබන්නේ විශාල්. එත් සමඟම කව්‍යාට සහ ඊෂාට තවදුරටත් වේදිකාවේ රැදී සිටිමට සිදු වනවා.

ඉතිං මේ වේලාවේ නිවේදකයා ඔවුන් දෙදෙනාගේම බය තව තවත් වැඩි කරවමින් ඉදිරියට යන්නේ කවුරුන්ද කියා නොකියා සිටිමින් අවසානයේදී එදින වැඩිම ප්‍රෙක්ෂක ආදරයක් ලබාගෙන ඉදිරි වටයට යාම සඳහා වාසනාව හිමි කරගනු ලබන්නේ ඊෂා බව කියනවාත් සමඟම ඊෂාට එය සිතා ගත නොහැකිව වනවා. මේ වේලාවේ අගස්තිද ඇය දෙස බලා අත්පුඩිසාම් දෙමින් සතුටු වනවා.මේ වේලාවේ එම තීරණයත් සමඟ කෝපයට පත් ව සිටින කව්‍යා ළඟට පැමිණෙන ඊෂා බයෙන් මෙන් ඇයගේ අතින් අල්ලා ඇයට දුක් වෙන්නට එපා කියා පවසද්දී කව්‍යා වේදිකාව මැද මහ හයියෙන් බේරිහන් දෙමින් ඇයට මේ තීරණය පිළිගන්නේ නැති බවත් එය කොහෙත්ම වෙන්නේ නැති බවත් පවසද්දී ඇයට ප්‍රේක්ෂකයන්ගේ තීරණයට හිස නමන්නට වන බව අශාන් පැවසුවද ඇය දිගින් දිගටම වාද කරමින් ඊෂාට ඇඟිල්ල දිගු කරමින් ඇය එස්එම්එස් හොර කර තිබෙන බවත් කියා කෑගසද්දී එතැන පැමිණ දෙදෙනෙක් ඇය බලෙන් එතැනින් එක්කගෙන යනු ලබනවා.මේ වේලාවේ කව්‍යාගේ ඒ හැසීරිම පිළිබඳ එතැන සිටි සියළුදෙනාගේ අප්‍රසාදය ඇති වුවා.

මේ වේලාවේ තරඟය අවසන් වීමත් සමගම දුරකථනයෙන් නිලු සමගින් සමාධි කතා කරමින් සිටිද්දී එතැනට අහම්බයෙන් මෙන් පැමිණෙන අගස්ති ඇයව දැක නතර වෙමින්, ඇය දෙස මඳ වේලාවක් බලා හිඳ ඇය ළඟට ගොස් ඊෂා එදින පළමුතැනට ආ එක ගැන සතුටුයි නේද කියා අගස්ති සිනාසෙමින් සමාධිගෙන් විමසනවා. ඉනපසු සමාධි ඉතා සතුටින් ඔව් කියා පිළිතුරු ලබා දෙද්දී එදින ඇය තමයි දෙවැනියට හොඳටම සින්ග් කරේ කියා අගස්ති පවසනවාත් සමඟම ඇය දෙවැනියට කියා කියන්නේ කියාත් පළමුවැනියා කවුද කියාත් ඒ විශාල්ද කියාත් සමාධි විමසද්දී ඒ සමාධි බව අගස්ති කියනවාත් එක්කම සමාධි එය අසා පුදුම වෙමින් ලැජ්ජාවෙන් මෙන් සිනාසී බිම බලා ගනිද්දී ඇත්තටම ඇයගේ ගානට සින්ග් කරන්නට කාටවත්ම බැරි බව අගස්ති පවසනවා. ඉතිං එලෙස ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට පැමිණෙන ශානිකා ඔවුන් දෙදෙනා ඉන්නවා දැක එකපාරටම ගැස්සී ඔවුන් දෙදෙනා කතා කරන්නේ මෙනාවද කියා හොරෙන් අසාගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *