සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවෙ ඊෂා සිය ගායනාව ඉදිරිපත් කරන්නට වේදිකවාට පැමිණෙනවාත් සමඟම යළිත් ඇය අගස්තිට බැන වදිමින් ඔහුගේ මුහුණට කොළයක් කැලි කර දමනා විඩියෝව සියළුදෙනා ඉදිරියේ පෙන්වනු ලබනවා. ඒ වේලාවේ විනිශ්චය මණ්ලයද ඒ දෙ පුදුම වී මෙන් බලා සිටිනවා. ඉන්පසු එය අවසන් වීමත් සමඟම ඊෂා ඇගේ ගීතය ගායනා කිරිම ආරම්භ කරනවා.

ඉන්පසු ඇගේ ගායනවෙන් අනතුරුව වේදිකාවට පැමිණෙන නිවේදකයා ඇගේ ගායනාවේ හොඳ ගැන කතා කරමින් ඇය මෙසේ මෙතරම් හැඟිම්බර ලෙස ගීත ගායනා කරන්නේ කෙසේද කියා ඇගෙන් විමසද්දී ඇයට එසේ කියන්නට පුළුවන් වී තිබෙන්නේ සමාධි නිසා බවත් ඇය වගේ හැඟීම්බරව සිංදු කියන කෙනෙකු ඇය දැක නැති බවත් පවසනවාත් සමඟම නිවේදකයා සමාධිට වේදිකාවට එන ලෙස අරයුම් කරමින් ඇය ගීතයකට කොටස් සියළුදෙනා ඉදිරියේ ගායනා කරන ලෙස ඉල්ලා සිටිනවා.ඉතිං ඉන්පසු වේදිකාවට පැමිණෙන සමාධි බයෙන් මෙන් ගීතයක කොටසක් ඔවුන් ඉදිරියේ ගායනා කරනු ලබනවා. ඉතිං ඇගේ ඒ ගායනාව දෙස එකහළෙ බලා සිටින අගස්තිට ඔහුගේ අතීතය මතක් වෙන්නට පටන් ගන්නවා.ඉන්පසු එම ගායනාවෙන් පසු ඊෂාගේ ගායනය ගැන අගස්තිගේ අදහස ගැන විමසද්දී ඇය එදින හොඳින් ගීතය ගායනා කල බවත් ඇය සමාධිට දෙන්න පුළුවන් හොඳම තෑග්ග එදින දුන් බවත් අගස්ති පවසා සිටිනවා.ඒ වේලාවේ සමාධි ඈත්ට වී ඇස් වල කඳුලු පුරවාගෙන අගස්ති දෙස බලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *