සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ලිහිණි පවනි සමඟින් බෝඩිමට වී කතා කරමින් සිටින අවස්ථාවේ එකපාරටම බෝඩිමට පැමිණෙන අනුහස්ව දකින ලිහිණි පුදුමයෙන් මෙන් ඔහු දෙස අමුතුවට බලමින් කොහොමද කියා සිනාසෙමින් අසද්දී ඇය කොයි ප්‍රාන්තයෙන්ද ගොඩ බැස්සේ කියාත් ඇගේ බොරු හිනාව ඔහුට දන්නට එපා කියාත් පවසද්දී ඇය ආවේ හිටපු තැන ඉඳන් බවත් ඇය ඔහුගේ නිවසට ඔහුව බලන්නටත් ගිය බව පවසද්දී ඇය එසේ ඔහුගේ නිවසට ගියේ ඔහු මැරිලාද කියා බලන්නටද කියා අසමින් ඔහුව බලන්නට කවුරුත් එන්නට අවශ්‍ය නැති බවත් හිටියා වගේම අතුරුදන් වෙලා හිටිය තැනම ඉන්න කියාත් අනුහස් පවසද්දී ඔහුට මොකද්ද වෙලා තියෙන්නේ කියාත් මෙසේ කෑගහන්නේ ඇයිද කියාත් ලිහිණි අසද්දී ඇයට ඔවුන් ගැන සොයබලන්නට වුවමනවාක් තිබුනා නම් කෝල් එකක් හරි දෙන්නට තිබුණා කියා අනුහස් කියද්දී ඇය ඔහුට ගත් බවත් අක්ෂා මෙතරම් අසනීප වී සිටිද්දී ඔහු බීලා බීලා මැරෙන්නට හදන බවත් ලිහිණි කියද්දී ඔහුට කුමක්ද කරන්න කියන්නේ කියාත් ඔහුට කතා කරන්න කෙනෙකු නැති බවත් ඔහුගේ ප්‍රශෟන ඔහුට උදේනිට කියන්නට බැරි බවත් ඔහු ඉතා අසරණ බවත් ලිහිණිට අනුහස් පවසනවා.

අනුහස්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අක්ෂා, ඔහු දෙව්මිගේ සහ අවන්තගේ විවාහයේ දෙවැනි මනමාලයාට සිටිය යුතු බවත් බැ කියන්නට එපා කියාත් අවන්ත කියන්නේ ඔහුගේ මල්ලි බවත් එ නිසා අනිවාර්යෙන්ම ඔහු සිටිය යුතු බවත් පවසද්දී එ සඳහා කිසිසෙත්ම කැමත්තක් නොදැක්වු අනුහස් ඔහුට තිබෙන ප්‍රශ්න එක්ක එසේ ඉන්නට බැරි බව අක්ෂාට තේරුම් කර දෙන්නට උත්සහා කලද එය තේරුම් ගැනීමට අක්ෂා කිසිසෙත්ම කැමති වුයේ නැහැ. ඉන්පසු එසේ නම් ඇය මොකද දෙව්මිගේ දෙවැනි මනමාලිට ඉන්නේ නැත්තේ කියා අක්ෂාගෙන් විමසද්දී ඇය නම් ඉන්නට කැමති බවත් නමුත් ඔවුන් ඇයට තිබෙන අසනීපය නිසා ඒ ගැන අසන්නේ නැතුව ඉන්නට ඇති කියාත් නමුත් ඇය නම් ඉන්න අකමැති නැ කියාත් අනුහස්ට පවසද්දී ඇය එසේ කැමති නම් ඇයට දෙවැනි මනමාලියට ඉන්න කියාත් ඔහු අවන්තට සහ දෙව්මිට කතා කර ඒක කරලා දෙන්නම් කියාත් අනුහස් කියද්දී එසේ ඉන්නවා නම් ඉන්නේ ඔවුන් දෙදෙනාම බවත් නැතිනම් ඇය ඉන්නේ නැති බවත් අක්ෂා කියද්දී ඇය හදන්නේ ඔහුව මෙසේ රවටා ඔහුට වෙඩින් එකට යවා ඇය වෙඩින් එකට එන්නේ නැතිව මඟ හරින්නට බව අනුහස් කියමින් ඇය නැති තැන ඔහුට තනිව ඉන්නට හිත හදා ගන්නට බැරි හෙයින් ඔහුට ඒ සඳහා බලපෑම් කරන්නට එපා කියා අක්ෂාගෙන් අනුහස් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *