සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.යළි වතාවක් අනුහස්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලිහිණිට කාලයෙන් කාලෙට දුරකථන අංක මාරු කරගන්නා යළුවන්ගේ අංකයන් ඔහු සෙව් කරගන්නේ නැති බවත් ඒ කෙසේ වෙතත් ඔහුට හොඳම යහළුවන්ගේ කටහඬවල් අමතක වෙන්නේ නැති බවත් ඔවුන්ට නම් එසේ වෙන බවත් අනුහස් ලිහිණිට හින්ට් ගසමින් අමුතුවට කියද්දී ඇයට එසේ කතා කරන්නට එපා කියාත් ඇයට සිදුවු ප්‍රශ්න ගැන ඔහු හොඳින්ම දන්නවා නේද කියාත් එසේ දැනගෙන මෙසේ පලිගන්න වගේ කතා කරන්න එපා කියාත් ලිහිණි පවසද්දි යළුවන්ට වේලාවක් තිබුනොත් ඔවුන් ගැන බලයි කියාත් නැතිනම් නිකන් ඉඳියි කියාත් කියමින් ඒ කෙසේ වුවත් ඔහු ළඟින් වෙනදා මෙන්ම හැම ප්‍රශ්නයකදීම මිලාන්, මලින්ත ඒ සියළුදෙනා සිටි බවත් කියමින් දැන් ඒවා ගැන කතා කර වැඩක් නැති බවත් ඇය මෙසේ කතා කලේ ඇයිද කියාත් ලිහිණිගෙන් අසමින් මෙතරම් අසනීප තත්ත්වයෙන් සිටින අක්ෂා ගැනවත් නිකමටවත් ඇමතුමක් ලබා දී ඇගේ අසනීපය ගැන විමසුවේ නැති බවටත් ලිහිණිට අනුහස් චෝදනා කරද්දී ඇය ඒ ගැන දැන සිටියත් කෝල් කරන්න පුළුවන් තත්ත්වයක ඇය නොසිටි බවත් කියද්දී ඇයට නිදහසට කාරණා කියන්නට එපා කියමින් අනුහස් දුරකථනය තියනවා.

මේ වේලාවේ අක්ෂා දිගින් දිගටම අනුහස්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඔහු ඒ කිසිවකටත් කතා නොකිරීම නිසා කේන්තියෙන් සිටින අක්ෂා කල්පනා කරමින් සිටිද්දී අනුහස් ඇයට කතා කරනවා. මේ වේලාවේ ඔහු සමඟ තිබු කේන්තියත් එක්ක කතා නොකර සිටිනවා කියා සිතුවද යළිත් ඔශු මොනවද කියන්නේ කියා බලමු කියා සිතා එය අන්සර් කරමින් ඔහුට කතා කරන්නට ඉඩ නොදීම ඔහුට ඇය කෑවාද බීවාද බෙහෙත් බීවාද කියා සොයා බලන්නේ නැති බවත් ඔහුට දැන් ඒ සියළු දේම අමතක වී ඇති බවත් කියද්දී ඔහු කතා කරේ ඇයට යමක් කියන්නට බවත් වෙන දේකට නොවන බවත් කියමින් අවන්තව හමුවන්නට ඔහු හවස එළියට යන බව කියන්න මෙසේ කතා කල බව අනුහස් කියමින් ඇයට කෑම කාලා බෙහෙත් බීලා නිදගන්න කියමින් වෙන කිසිවක් නොකියාම දුරකථන තියනවා. ඒ අවස්ථාවේ අනුහස්ගේ මේ වෙනස පිළිබඳව අක්ෂාට වේදනාවක් වගේම කේන්තියත් වැඩි වනවා. ඉන්පසු ඇය යළිත් දුරකථන ඇමතුම් ලබා ගත්තද අනුහස් එය දැක දැක කතා නොකර දුරකථනය පැත්තට තබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *