සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.උදේනිට කාලයකට පසු දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලිහිණි ඇය සමඟින් කතා කරමින් ඇයව අඳුරනවාද කියා අසද්දී ඇගේ කටහඩ එකපාරටම සොයා ගත නොහැකි වන උදේනි ඇයට අඳුරගන්නට බැරි බවත් එම දුරකථන අංකයද සෙව් කර නැති බවත් උදේනි පවසද්දී ලිහිණි අවුලින් මෙන් ඇයට මෙතරම් ළඟින් හිටිය ලිහිණිගේ කටහඩ අමතක වුවා නේද කියා උදේනිගෙන් අසද්දී එය අසා අවුල් ගිය උදේනි ඇයට අමතක නැති බවත් නමුත් බොහෝ කාලයකට පසු ඇය මෙසේ කතා කල නිසාත් එ වගේම ඔවුන්ට මේ තිබෙන ප්‍රශ්නත් නිසා එකපාරටම ඇයව මතකයට ආවේ නැති බවත් උදේනි පවසනවා.ඉන්පසු ඇයටත් ඒ ගැන ඇය කොළඹ පැමිණ බෝඩිමට ගිය අවස්ථාවේ දැනගන්නට ලැබුණු බවත් ඇයට කතා කරන්නට බැරි වුනාට සමාව දෙන්න කියාත් ලිහිණි ඉල්ලා සිටිමින් ඇය ළඟදි දිනක අනුහස්ට කතා කල බවත් ඒ වේලාවේ ඔහු කියු දේවල් අසා ඇගේ හිත ගැස්සිලා ගියා බවත් කියමින් දැන් තත්ත්වයත් කලින් විදියමද කියා උදේනිගෙන් ලිහිණි අසද්දී එසේ කියන්නට තරම් වෙනසක් වී නැති බවත් අසනීපයෙන් සිටින අක්ෂාත් හැම අවස්ථාවේම අනුහස් පස්සෙන්මයි ඉන්නේ කියාත් ඒ මොන දේ කලත් අනුහස්ගේ නම් වෙනස් නැති බවත් උදේනි වේදනාවෙන් මෙන් පවසා සිටිනවා.

මේ වේලාවේ දිගින් දිගටම සිය පුරුදු අත් නොහැර හැම දිනයකම බීමත්ම තැන තැන ඇවිදින අනුහස් සිටින්නේ කොහේද කියා දැනගැනීමට අක්ෂා දුරකථන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ ඔහු කොහේද ඉන්නේ කියා සැරෙන් මෙන් අසමින් ඇය ඔහුට දුරකථන ඇමතුම් බොහෝමයක් ලබා ගත් බවත් කියද්දී ඔහු එළියට ආ බවත් නිවසට ආ පසු ඇයට කතා කරන්නම් කියාත් කියද්දී එය අසා හිත රිදුන අක්ෂා ඔහු ඇයට මෙහෙමද කතා කරන්නෙක් කියා අසමින් වෙනදාට ඇය ගෙදර ගිය පසු කෑවද බෙහෙත් බීවද කියා සොයා බලන බවත් නමුත් දැන් ඒ කිසිවක් නැති බවත් අක්ෂා දුකින් මෙන් පවසමින් ඔහු මෙසේ ඇවිදින්න යන්නේ කොහෝද කියා ඔහුගෙන් විමසද්දී ඔහු බොරුවක් ගොතමින් අවන්තව හමු වී ඔහුගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ආ බව අක්ෂාට පවසද්දී ඇයට බොරු කියන්නට එපා කියාත් අවන්ත මේ වේලාවේ ඉන්නේ ඔහුගේ නිවසේ කියා ඇය දන්නා බවත් ඇය ඔහුට කතා කල බවත් අක්ෂා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *