සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.ඔෆිස් එකට පැමිණි අනුහස්ව හමුවීමට පැමිණෙන අවන්ත ඔහු ආවේ කාරණාවක් ගැන අනුහස් සමඟින් කතා කරන්නට බවත්, රදීෂ් හිටියා කියා ඔහුට ඒවා කියා වැඩක් නැති බවත් මන්ද පැය විසිහතරම ඔහු ඉන්නේ ලිහිණිගේ ලෝකයේ බවත් පවසනවා. ඒ වේලාවේ ටීෂාව මේනක හැමතැනම සොයනා බවත් ආනන්ද විසින් ඒ නිසා ඇයව ආරක්ෂිත තැනක සඟවා තියාගෙන සිටින බවත් නමුත් අශෝක සිටින්නේ ටීෂා ගැන විමසිල්ලෙන් බවත් ඇයට මොනවා හෝ දෙයක් වුවහොත් ඔවුන් ඉවර බවත් අවන්ත පවසනවා. ඒ අවස්ථාවේ ටීෂා ගැන සම්පුර්ණයෙන්ම ආනන්ද බලා ගන්නවා කියා ඔහුට කිවාද කියා අසද්දී ඔහු එසේ කි නමුත් ඔහු තියෙන බය මේ ප්‍රශ්නය නිසා ආනන්දටත් ප්‍රශ්නයක් ඇති වෙයි කියා බවත් මන්ද මේනක කියන්නේ කවුද කියා හැමෝම දන්නා බවත් අවන්ත පවසමින් ඔහුට හිතෙන විදියට ඔහු මේ ගේමට බැස්සා නම් හරියයි කියා බවත් නමුත් ආනන්ද ඊට අවස්තාවක් ඔහුට ලබා දෙන්නේ නැති බවත් අවන්ත පවසනවා.ඒ වේලාවේ විවාහය අත ළඟ තිබියදී ඔහු එසේ ප්‍රශ්න වලට තනිව මුහුණ දීමට යන එක හොඳ මදි බව අවන්තට අනුහස් පැහැදිලි කර දෙනවා.

මේ වේලාවේ පවනිව හමුවන්නට ඇගේ බෝඩිමට මලින්ත සමඟින් පැමිණෙන රදීෂ්, ඔහු පැමිණියේ කාරණාවක් ගැන පවනි සමගින් කතා කරන්නට බවත් එය අසා ඔහු ගැන වැරදියට සිතන්නට එපා කියමින් ඇය ඔළුව බිම තියාගෙන කිවත් ලිහිණි සිටින තැන ගැන ඔවුන් දන්නේ නැහැ කියා ඔහු පිළිගන්නේ නැති බවත් ඔහුට ලිහිණි ඉන්නේ කොහේද කියා දැනගැනීමට අවශ්‍ය නැති බවත් එහෙත් ඔහු මේ කියන පණිවිඩය ලිහිණිට ගොස් කියන්න කියාත් රදීෂ් කියද්දී ඒ මොකද්දී කියා පවනි අසනවාත් සමඟම ඒ කියන්නේ ඇය ලිහිණි ඉන්නා තැන ගැන දන්නවා නේද කියා පවනිගේ කටින් කෙලින්ම අල්ලා ගනිමින් ලිහිණි ඇත්තටම ඔහුව අමතක කරලා ඔහුව දාලා ගියේ ඇයිද කියා පවනිගෙන් වේදනාවෙන් යුතුව විමසද්දී ඇය එසේ ගියේ රදීෂ්ගේ අම්මයි ඇය සහ රදීෂ් එකතු වනවාට අකමැති වු නිසා බව කියද්දී අම්මා සහ අක්කා ළඟදීම රට යන බවත් ඔවුන් යළිත් ලංකාවට එනකක් නැති බවත් ඔහු සහ ලිහිණි විවාහ වනවාට ඩිලාන් කැමති බව ඇයට කියන්න කියාත් රදීෂ් පවනිගෙන් ඉල්ලා සිටිනවා. එත් සමඟම ඔවුන් එසේ විවාහ වි එට ගොස් ආ පසු අම්මාගේ ප්‍රශ්නත් මඟ හැරි යයි කියාත් ඉන්පසු අම්මා ඔවුන්ව වෙන් කරන්නට එන්නේ නැති බවත් රදීෂ් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *