සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ඩිලාන් ළඟට පැමිණෙන රදීෂ් ලිහිණි ගැන කතා කරමින් සිටියදී , ඔහු කියන්නේ ලිහිණි කොළඹට පැමිණ ඔහුව හමු නොවී රහසේම යළිත් ගමේ ගියා කියාද කියා රදීෂ්ගෙන් විමසද්දී ඔහුට එසේ සිතෙන බවත් ඔහුට මේ ගැන සැකයක් තිබෙනවා නම් ගිහින් ලිහිණිගේ බෝඩිමෙන් හෝ ජුස් බාර් එකෙන් සිදු වු දේ ගැන දැනගන්න කියාත් රදීෂ් පවසද්දී ඔහු කොහොමත් ඒ ගැන හොයලා බලන බවත් මන්ද රදීෂ් මෙසේ අමාරුවේ වැටෙනවා ඔහුට බලා සිටීමට නොහැකි බවත් ඩිලාන් පවසනවා.ඒ වේලාවේ ඔහුගේ සහ ලිහිණිගේ ප්‍රශ්නය පැත්තකින් තියන්න කියාත් අවන්ත සහ දෙව්මි ගැන බලන්න කියාත් දෙව්මිව අවන්ත කසාඳ බැන්ඳහොත් අනාත වෙයි කියා අමීෂා කියු බවත් නමුත් දැන් ඔවුන් දෙදෙනා හොඳින් ඉන්නවානේ කියාත් ඔවුන් සම්බන්ධය නතර ක‍ලේ නැනේ කියාත් රදීෂ් තරහින් මෙන් පවසමින් ලිහිණි කොළඹින් ගියේ ඔහුගේවත් ඩිලාන්ගේවත් ප්‍රශ්නයක් නිසා නොවන බවත් ඒසේ ප්‍රශ්නයක් ඇති කරේ ඔහුගේ ගෙදර පවුලේ අයම බවත් ලිහිණිගේ ගෙදර අයට හොඳින් කතා කර ඔවුන් සමඟින් හොඳින් සිටියා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුර යන්නේ නැති බවත් රදීෂ් පවසනවා.

මේ වේලාවේ මේනකගෙන් ඇති වන මරණී තර්ජන නිසා කිසිවක් කර කියා ගන්නට නොහැකිව සිටින ටීෂාව ඔහුගෙන් බේරාගෙන විත් ආනන්ද අරාක්ෂිත තැනක ඇයව නවතා සිටියදී ඇයට ඉදිරියටත් ඉන්නට වෙන්නේ මෙතැනද කියා ආනන්දගෙන් ඇය විමසනවා. ඒ වේලාවේ එතැන නැතිව ඇය වෙන කොහේ යන්නද කියා ඔහු අසද්දී කොයි වෙලේ හෝ මේනක ඇයව අල්ලා ගනිවි කියා ටීෂා පවසනවා. ඒ අවස්ථාවේ ඇය අනවශ්‍ය දේ කර අනිත් අයව අමාරුවේ දන්නට ගියාම වෙන දේ ගැන ඇයට දැන්වත් තෙරෙනවාද කියාත් අවසානයේ ඇගේ පස්සෙන් එන්නේ ඔවුන්මයි කියා කියමින් අවන්තගේ පස්සෙන් දැන් ඔවුන් එන්නේ නැහැ කියා ආනන්ද පවසනවාත් සමඟම ටීෂා සිනාසෙමින් ඔහු සිතාගෙන ඉන්නේ එසේ ද කියාත් අවන්ත පමණක් නොව ඔහුත් ඒ වගේම දෙව්මිත් පරිස්සම් විය යුතු බවත් මේනකගේ ටාගට් එක කවර් වෙන්නේ ඔහුගේ පවුලේ සියළුදෙනාවම ඉවර කරාට පසුව බවත් ටීෂා ආනන්ද සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *