සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ නොහිතපු වේලාවක පවනි ලිහිණි සමඟින් බොඩ්මේ එළියට වී කතා කරමින් සිටින අවස්ථාවේ එතැනට මලින්ත සමඟින් පැමිණෙන රදීෂ්ව දකින පවනි එකපාරටම කර කියා ගන්නට දෙයක් නොමැතිව බය වී ලිහිණිව පුටුවෙන් නැගිට්ටවමින් ඇයව ගේ ඇතුළට තල්ලු කරමින් රදීෂ් එන බවත් ඇයට එතැන හැංගී ඉන්න කියාත් පවසනවා. ඉන්පසු රදීෂ් පැමිණ එළියෙන් වාඩී වෙද්දී පවනි බයෙන් මෙන් ඔවුන් එකපාරට මෙහේ ආවේ ඇයි ද කියා අසද්දී ඉස්සර නම් ඔහුට බෝඩිමට ඇවිත් බලා යන්නට කෙනෙකු සිටි බවත් නමුත් එසේ කෙනෙකු දැන් ඔහුට නැති බවත් කියද්දී පවනි වැඩි ගානකට නොගෙන ඔහු කවදා වන තුරු ඒ ගැන මතකේ තියාගෙන් ඉන්නවාද කියා රදීෂ්ගෙන් විමසද්දී ඔහුට එය මැරනෙකන්ම අමතක වන්නේ නැති බවත් රදීෂ් වේදනාවෙන් පවසා සිටිනවා. ඉතිං මේ අවස්ථාවේ රදීෂ් ඔවුන් සමඟින් කතා කරමින් සිටිනවා හොරෙන් ලිහිණි ගේ ඇතුලට වී අසාගෙන සිටිනවා.

මේ වේලාවේ යළිත් බීගෙන නිවසට පැමිණෙන අනුහස්ට ඇමතුමක් ලබා ගන්නා ලිහිණි, ඔහුට ඇයව හදුනා ගන්න බැරිද කියා විමසද්දී අනුහස් විකාරයෙන් මෙන් ඔහුට ඇගෙ මුහුණ පෙන්නේ නැති බවත් ඒ නිසා කටහඬින් ඔහුට කවුද කියා හොයා ගන්නට බැරි බවත් ලිහිණිට පවසද්දී අනුහස්ගේ තත්ත්වය ගැන සිතාගත නොහැකි වුන ලිහිණි ඔහුට ඇයව හදුනා ගන්නට බැරිද කියාත් ඇය ලිහිණි කියාත් පවසද්දී ඇය ගමේ සිට කොළඹට ආ බවත් පවසනවා.ඉන්පසු ඔහුට සමාව දෙන්න කියාත් ඇය ඔවුනක්ට කතා කරන්නේ ඉදහිට බවත් ඒ නිසා එකපාරට ඔහුට ඇයව අඳුන ගන්නට බැරි වුන බවත් මහ හයියෙන් සිනාසෙමින් අනුහස් පවසනවා.ඉනපසු ඔහු මෙසේ හැසිරනේනේ ඇයිද කියාත් ඔහු බීලාද ඉන්නේ කියාත් ලිහිණි අසද්දී ඔහු බීලා තමයි ඉන්නේ කියාත් මොකද්ද ප්‍රශ්නය කියාත් ලිහිනිගෙන් විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *