සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ආනන්දගේ නිවස සොයා උදේනිගේ නිවසට පැමිණෙන ටීෂා, ආනන්ද ගෙදර ඉන්නවාද කියා උදේනිගෙන් අසද්දී ආනන්ද කියන්නේ ඇගේ අයියා බවත් ආනන්ද සිටින්නේ ඔහුගෙ නිවසේ බවත් මේ ගෙදර සිටින්නේ ඇය බවත් ටීෂාට පවසමින් ඇය ආනන්දගේ ගෙදර තියන තැන ගැන කියන්නම් කියාත් මුලින්ම ඇය කවුද කියා කියන්න කියාත් උදේනි කියද්දී ඇය ටීෂා බව පවසනවාත් සමඟම ඇය ආනන්දව සොයන්නේ වාහනයක් හදන්න දාලා ඇති නේද කියා ටීෂාගෙන් අසද්දී එසේ වාහන ඇයට නැති බවත් ඇය ආනන්දව සහ අවන්තව හඳුනන බවත් කියද්දී ඇය ගැන සැකයක් දැනුන උදේනි ඇය මෙසේ ඔවුන්ව සොයන්නේ ඇයිද කියා විමසනවා. ඉන්පසු ඇයට ආනන්දව හමුවන්නට අවශ්‍ය බවත් අවන්තට සහ දෙව්මිට සිදු වු සිද්ධිය ගැන ඇය දන්නවා ඇති නේද කියාත් ටිෂා උදේනිගෙන් අසද්දී ඒ ප්‍රශ්නය දැන් ඉවරනේ කියාත් එක කාගේ හෝ බොරුවක්නේ කියාත් ගානකට නොගෙන උදේනි කියද්දී ඇය තමයි එසේ නිවසට බොරුවක් කියා පැමිණි කෙනා බව පවසද්දී උදේනි ඇය දෙස පුදුම වී මෙන් බලා සිටිමින් ඇය මෙහේ ආවේ ඇයිද කියා අසද්දී ඇයට මේනකගෙන් මරණ තර්ජන එන බව උදේනිට පවසනවා.

මේ වේලාවේ කාලයක් තිස්සේ කිසි සද්දයක් බද්දයක් නැතිව ඇය ඉන්න තැනක් ගැන කිසි දෙයක් නොදන සිටි ලිහිණි එකපාරටම කාර් එකෙන් පැමිණි ඇගේ බෝඩිම ළඟින් වාහනය නතර කරමින් එයින් බැස ගොස් බෝඩිම ළඟ සිටගෙන සිටිනවා. ඒ අවස්ථාවේ බෝඩිමෙන් එළියට එන පවනි එකපාරටම ලිහිණිව දකිනවාත් සමගම ඇයට එය හිතා ගත නොහැකිව ලිහිණි කියා කෑගසමින් ඇයව වැළඳ ගන්නවා.ඉතිං ඉන්පසු ඇය සමගින් ආ ගිය තොරතුරු ගැන කතා කරමින් සිටින පවනි, ඇය කෙතරම් දවසක් මෙහේ ඉන්නවාද කියා ඇය ආ බව යළුවන්ට කියනවද කියාත් පවනි අසමින් විශේෂයෙන් රදීෂ්ට කියනවාද කියා අසද්දී ලිහිණි වැඩි කැමත්තක් නැතිව දැන්ම එ ගැන කියන්නට අවශ්‍ය නැති බවත් මේ ඉන්නා විදියටම ඉමු කියාත් පවසද්දී ලිහිණි ඇයට කතා කරපු බව ඇය කිසිවෙකුට කිවේ නැති බවත් නමුත් රදීෂ් බෝඩිමට ඇවිත් යන බවත් ඔහු තවමත් ඇය ගැන බලාපොරොත්තුවෙන් සිටින බවත් පවනි පවසද්දී ඔවුන් එ ගැන කතා නොකර ඉමු කියා ලිහිණි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *