සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ කුමක් හෝ ප්‍රශ්නක් තිබෙනවා මෙන් නිවසට පැමිණෙන අනුහස්ව දකින උදේනි ඔහු ඇය ළගින් වාඩි වනවාත් සමඟම ඔහු සිටන්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියා අසද්දී අනුහස් එසේ නැති බවත් හැමවෙලේම ඔහුගෙන් එලෙස අසන්නේ ඇයිද කියාත් මදක් කෑගසමින් මෙන් කියද්දී වෙනදාටත් ඔහු ගැන එසේ සොයා බැලුවේ ඇය නේද කියාත් ඔහුට දැන් ගොඩක් කේන්ති යනවා නේද කියාත් උදේනි කියද්දී ඔහු ඇය එසේ ඇසුවාට වරදක් කිවේ නැති බවත් කියද්දී එලෙස නැත්තේ මොකද කියාත් සොනලි ටීචර් දවස් ගානක සිට ඔහු හමුවී කතා කරන්නට හැදුවද ඔහු ඇයව මග හැර යන බවත් ඇය මොනවා හිතනවාද දන්නේ නැහැ කියාත් පවසනවා.ඉන්පසු ඩොක්ටර්ස්ලා දැන් අක්ෂා ගැන මොනවාද කියන්නේ කියා අනුහස්ගෙන් අසද්දී වෙනදා මෙන්ම කියන්නේ ඇගේ බඩේ ගෙඩියක් ඇති බවත් එක කැන්සර් එකක්ද කියා ටෙස්ට් කරන්න ඕන බවත් ඔහු හැමදාම ගොස් එ ටික අසාගෙන එන බවත් අනුහස් පවසනවා.

මේ වේලාවේ අක්ෂාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අනුහස් ඇය කෑවාද කියාත් බෙහෙත් බිවාද කියාත් විමසමින් එසේ සියළු දේ කල ඉවර නම් ගොස් නිදගන්න කියා පවසද්දී ඇයට එසේ කරන්නට බැරි බවත් ඔහුත් ඇය වගේම කාලා බීලා ඇය සමඟින් නිදාගන්නට එන්නට ඕන බවත් අක්ෂා කියමින් ඔවුන් යාළු වුන දා සිටිම ඒ සියළු දේ එකය කල බවත් දැන් ඒ හැමදේම වෙනවාද කියාත් අනුහස්ගෙන් අසද්දී දැනුත් ඔහු ඇය ගැන හොයලා බලනවානේ කියාත් ඇය එසේ කියන්නේ ඇයිද කියාත් අනුහස් අසද්දී එය හරි බවත් ඇය ගැන ඔහු සොයනා බවත් නමුත් මේ වෙද්දී ඔහු ඇය ගැන ඕනවාටත් වැඩිය සිතන්නට පටන්ගෙන කියාත් අක්ෂා පවසද්දී ඇය කියන්නේ ඇය ගැන නොහිතා ඉන්න කියාද කියා අනුහස් ඇගෙන් අසද්දී ඇය කියන්නේ එහෙම දෙයක් නොවේ කියාත් ඔවුන් ආදරය කල යුතු බවත් නමුත් ඒ හැමදේටම සීමාවක් තිබිය යුතු බවත් ඔහු ඇය ගැනම සිතා අසනීප වුවහොත් ඔහුගේ වැඩ අතපසු වුවහොත් ඇගේ අසනීප තත්ත්වය තව වැඩි වන බවත් අක්ෂා ඔහුට පැහැදිලි කර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *