සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ පුජාව බලා ගන්නා ඩෝක්ටර්ව හමුවන්නට එන චන්ද්‍රාදීත්‍ය, ඔහුට කියන්නට දෙයක් තිබෙන බව කියමින් ඔහු සිතා සිටියෙ මේ ලොකේ තියෙන හැම දෙයක්ම ඔහුට කරන්නට පුළුවන් කියා බවත් නමුත් ඔහුට මේ වෙද්දී හැමදේම කරන්නට බැහැ කියා හොඳින්ම තේරේන බවත් ඩොක්ටර් නිසයි අද සන්ධ්‍යා සහ පුජා මෙලෙස හොඳින් ඉන්නේ කියාත් එයට ඔහු ඩොක්ටර්ට සිය දහස් වතාවක් ස්තුතියි කරනා බවත් පවසද්දී ඔහු යමක් කරනවා නම් එය ඉතාම කැපවීමෙන් කරනා බවත් ඔවුන් මෙසේ හොඳ තත්ත්වයකට පත් වෙන්නට මේ පරිසරය බොහෝ සේ හේතුවක් වු බවත් එමෙන්ම චන්ද්‍රදීත්‍යගේ ආදරයද ඊට එක් හේතුවක් වු බවත් ඩොක්ටර් පවසා සිටිනවා. එත් සමඟම චන්ද්‍රදීත්‍ය ඔහු ගැන ඇති ඒ විශ්වාසය ඒ අයුරින්ම ඉදිරියේදීත් තියාගනියි කියා ඔහු සිතනා බවත් පවසද්දී ඒ විශ්වාසය නැති වෙන්නේ නැති බවත් පුජාව සනීප කරගන්නට නම් ඔහුගේ පැත්තෙන් තව සිදුවිය යුත්තේ මොනවාද කියාත් ඔහුගෙන් විමසද්දී ඔහුගෙ පැත්තෙන් විය යුතු සියළු දේ ඔහු මේ වෙද්දී කර තිබෙන බවත් ඇගේ ප්‍රතිකාරද ඒ අයුරින්ම සිදු වෙන බවත් එ නිසා ඇය තමයි ටිකෙන් ටික සමාන්‍ය තත්ත්වයට පත් විය යුත්තේ කියාත් ඩොක්ටර් පවසා සිටිනවා.

මේ වේලාවේ කුරුළුගේ ෆිල්ම් එක රිලිස් කිරීමේ උත්සවයට පැමිණෙන අභිමන් ,කුරුළුට එතැන සිටින අයගන් ලැබෙන ආදරය ප්‍රතිචාර දෙස මඳ වේලාවක් බලා සිටිමින් සිටිනවා. ඒ අවස්ථාවේ ඇය සමඟින් ඔහුට කතා කරන්නට අවශ්‍ය වුවද ඇගේ තිබු කාර්යබහුලත්වයකත් සමඟින් සහ අදිත්‍ය සමඟ කුරුළු හැම අවස්ථාවකම සිටිනවා දැක එය දරාගත නොහැකි වු අභිමන් කුරුළු සමඟින් කතා නොකරම එතැනින් යන්නට හදනවාත් සමඟම ඔහුව දකින කුරුළු එළියට දිවවිත් ඔහුව නවතා ගන්නවා.ඉන්පසු ඔහු හැදුවේ යන්නට බව කියද්දී ඔහු ආවට බොහෝම ස්තුතියි බවත් ඇයට මේ සියළු දේවල් ලැබුනේ අභිමන් නිසා බවත් අදිත්‍ය ෆිල්ම් එක රිලිස් කරන්නට බාර ගත්තද මේ සියළුදේටම මුල අභිමන් බවත් ඔහු තමයි එයට වගකීම ගත්තේ කියාත් පවසද්දී ඔහු එම වගකීම ගත්තද ඔහුට ඊට වග වෙන්නට බැරි වුන බව අවුලෙන් මෙන් අභිමන් පවසිමින් ඊට ඔහුට සමාව දෙන ලෙසත් ඔහුට එය කරගන්නට බැරි වුයේ ඇයිද කියා සිතා ගන්නට තවම බැරි බවත් පවසනවා. ඉන්පසු ඇයට සුභ පතන්නට අමතතක වුන බවත් ඇය ඉතා දක්ෂ බවත් ඇය මේ ෆිල්ඩ් එකේ සෑහෙන්න දුරක් යයි කියාත් පවසද්දී එ මොන දේ වුනත් ඇය තවමත් පරණ කුරුළු බවත් එය වෙනස් වෙන්නේ නැති බවත් පවසද්දී අභිමන් වේදනාවෙන් යුතුව ඇයගේ ඔළුට අත තබමින් ඇයට පරිස්සමින් ඉන්න කියා යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *