සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..මේ වේලාවේ කුරුළු සුභද්‍රාගේ අසනීප තත්ත්වය ගැන සිතමින් හඬමින් සිටින තැනට පැමිණෙන රෙෂ්මා, ඇය මෙසේ හැඬුවා කියා සුභද්‍රාට සනීප වෙන්නේ නැති බවත් ඇය සුභද්‍රාට මේ වේලාවේ හයියක් විය යුතු බවත් සුභද්‍රා ඇගේ අසනීපය ගැනටත් වඩා සිතුවේ කුරුළු ගැන බවත් රෙෂ්මා පවසද්දී ඇය කිසිදින ඇගේ අම්මාට මෙවැනි අසනීපයක් හැදෙයි කියා සිතුවේ නැති බව කුරුළු කියමින් ඇයට ඇගේ මුළු ලෝකයම නැති වුනා සේ දැනෙන බව ඉතා වේදනාවෙන් යුතුව පවසද්දී රෙෂ්මා ඇය ළඟට ගොස් ඇයගේ හිත හදමින් එසේ සිතන්නට එපා කියාත් සුභද්‍රා ගියේ ඇගේ අසනීපයට බෙහෙත් කරන්නට බවත් කියමින් රෙෂ්මා කුරුළුගේ හිත හදනන්ට උත්සහා ගන්නවා.ඉන්පසු රෙෂ්මා ඔවුන් කෙසේ හෝ ඉක්මනින්ම සුභද්‍රාව සනීප කරගමු කියාත් ඇය ඕනම දේයකට කුරුළුත් සමඟින් සිටිනා බවත් පවසනවා. එත් සමඟ කුරුළු එය ඇත්ත බවත් සුභද්‍රා කියන්නේ ඇගේ හුස්ම බවත් ඇය නැතිව ජිවත් වන්නට ඇයට නොහැකි බවත් කුරුළු පවසනවා. ඉන්පසු ඇයට ඒ ගැන බය වෙන්නට එපා කියාත් ඇය මෙන්ම සුභද්‍රාද කුරුළු සමඟින් හැමදාම ඉන්නා බවත් ඒ ගැන සිතා දුක් වන්නට එපා කියාත් රෙෂ්මා කුරුළුගෙන් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ එකපාරටම අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අමායා අමුතුවට මෙන් කතා කරද්දී ඇයගේ කුමක් හෝ වෙනසක් තිබෙන බව දැනුන අභිමන් ඇය ඉන්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියා විමසනවා. ඒ අවස්ථාවේදීත් අමායා තරහෙන් මෙන් ප්‍රශ්නයක තමයි කියා කියමින් මන්ද ඔහුට දැන් ඇයව අමතක වී ඇති බව පවසනවා. ඉනපසු අභිමන් එය වැඩි ගානකට නොගනමින් එහෙම දෙයක් නැති බවත් ඔහු ඉන්නා ප්‍රශ්න ගැන ඇය දන්නවා නේද කියාත් අසද්දී ඇයට ඔහුගේ හේතු වලින් වැඩක් නැති බවත් මන්ද ඇය මොනතරම් කාර්යබහුල වුවද ඔහුට කතා කරනා බවත් නමුත් ඔහු ඇය හොඳින් ඉන්නවාද කියාවත් සොයා බලන්නේ නැති බවත් අමායා දුකෙන් මෙන් පවසමින් හැම කෙනාම ළඟින් සිටින්නේ වැඩේ කරගන්නකන් පමණක් බවත් ඒ වේලාවට බොරුවට හොදට කතා කරමින් සිටින බවත් පවසද්දී එය ඇසීමත් සමඟම කේන්ති ගිය අභිමන් ඇය එසේ ඔහුගේ වැඩේ කියා කියන්නේ ඇය ඔහුගේ කම්පැනිය දියුණු කරන්නට කරපු උදව් ගැන නේද කියාත් එය ඇය කලේ ඇගේ කැමැත්තෙන් බවත් ඔහු ඇයට ඊට ස්තුතියි කරපු බවත් අභිමන් අමුතුවට පවසමින් ඔහුට තිබෙන ප්‍රශ්න නිසා ඔහුගේ ඔළුව අවුල් වී සිටින බවත් ඔහුට කතා කරන්නට බැරි වුනාට සමාව දෙන්න කියාත් පවසද්දී ඔහු මෙසේ අවුලෙන් දැන් ඉන්නේ පුජා නිසාද කියා අමායා අසද්දී,පුජා කියන්නේ මානසික රෝගියෙකු බවත් ඇය මේ වෙද්දී කොහේ ඉන්නවාද කියාවත් දන්නේ නැතිබවත් ඇය එසේ රෝහලින් පැන ගොස් ඇත්තේ ඇගේ අම්මා සමඟින් බවත් අභිමන් පවසනවා.

මේ වේලාවේ පුජාව සහ ඇගේ අම්මා වන සන්ද්‍යාව රෝහලින් හොර රහසේම රැගෙන යනු ලැබ ඇත්තේ චන්ද්‍රාදීත්‍ය විසින් බව සැක සිතුන පොලිසිය ඔහුව සොයා ඔහු ඉන්නා තැනට පැමිණෙනවා. ඒ වේලාවේ ඔවුන්ව දකින් ඔහු මෙලෙස ඉන්ස්පෙක්ටර් විරාජ් සහ ඔහුගේ කණ්ඩායම ඔහුගේ නිවසට පැමිණියේ ඇයිද කියා ඔහුට දැන ගන්නට අවශ්‍ය බව චන්ද්‍රාදීත්‍ය පවසද්දී ඔවුන් එසේ ආවේ චන්ද්‍රාදීත්‍යගේ නිවස පරීක්ෂා කිරීමට බවත් පවසද්දී ඔහු ඔවුන්ට ඊට ඉඩ දෙමින් පැත්තකට වී සිටිනවා. ඉන්පසු එසේ ඔවුන් ඔහුගේ නිවසට පරීක්ෂා කිරීමට ආවේ ඇයිද කියා කිසිවක් නොදන්නා ගානකට පොලිසියගෙන් විමසද්දී එසේ ඔවුන් ආවේ පුජා සහ සන්ද්‍යා අතුරුදන් වීම පිළිබද ඔහුව සැක නිසා බව පවසද්දී ඔවුන් දෙදෙනා එසේ අතුරුදන් වුයේ ඔහුගේ වරදෙන් කියා බවද ඔවුන් කියන්නේ කියා චන්ද්‍රාදීත්‍ය විමසද්දී ඔවුන් එසේ කිසිසෙත් කියන්නේ නැති බවත් නමුත් ඔහුව ඊට සැක කරන්නට පුළුවන් බවත් පවසද්දී ඔවුන් මෙසේ පැමිණියේ ඔවුන්ගේ සහ බන්ධනාගාර සේවකයින්ගේ වැරැද්ද වහා ගන්නටද මෙසේ ඔහුගේ නිවස බලන්නට ආවේ කියාත් , පුජාව සහ සන්ද්‍යාව ඔහු ඔහුගේ නිවසේ හංගාගෙන ඉන්නවා කියා ඔවුන් සිතනවාද කියාත් පොලිසියගෙන් ඔහු විමසද්දී සමහරවිට එසේ විය හැකි බව විරාජ් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *