සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ විශාල් නිවසේ නැති වීමත් සමඟම කලබල වුන ශානිකා දිගින් දිටගම විශාල්ට දුරකථන ඇමතුම් ලබා ගනිමින් ඔහු සිටින්නේ කොහේද කියා දැනගන්නට උත්සහා කලද එහි ප්‍රතිඵලයක් නොලැබීම හේතුවෙන් ඒ පිළිබද ඇය විපුලට පවසනවා. ඉන්පසු ඔහු මොකක් හරි තරඟයේ මට්න් එකකටවත් ගියාද දන්නේ නැති බවත් අචිනිට දුරකථන ඇමතුමක් ලබා දී විශාල් ඇයට කතා කරාද කියාත් විමසන්න කියා විපුල පවසද්දී ඇයට අචිනිටද කතා කල බවත් ඒ කිසි තැනක විශාල් නැති බව ශානිකා ඉතා කලබලයෙන් මෙන් කියමින් තාත්තා වගේම විශාලුත් කොහේ හෝ ගුබ්බැයකම රිංගනන්ට යන්නට ඇති කියාත් එය අසා කේන්ති යන විපුල ඇයට පරණ කුණු අවුසන්නට එපා කියාත් නිවිලා ඉන්න ඔහුව අවුස්ස ගන්නට ලෑස්ති වෙන්නට එපා කියාත් ඔහු සැරෙන් ඇයට පවසා සිටිනවා.

මේ වේලාවේ රයිසින් ස්ටාර්ස් තරඟයේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කිරීමෙන් පසු ඊෂා සමඟින් නිවසට පැමිනෙන සමාධි, ඇයට අගස්ති කියු දේ තේරුණාද කියා අසද්දී මොනවා ඒ ගැන හිතන්න කියාත් ඒක ගැන හිතන්න දෙයක් නැති බවත් ඊෂා වැඩි ගානකට නොගෙන පවසද්දි , ඇය එසේ කීවත් එහි හිතන්නට දෙයක් තිබෙනවා කියා ඇයට සිතෙන බවත් ඇය දන්නා අගස්ති මොනවා හෝ දෙයක් කියනවා නම් කියන්නේ කුමක් හෝ හේතුවක් ඇතිව කියාත් කියද්දි ඇය දන්නා අගස්ති ඇත්ත අගස්ති නෙමෙයි කියා ඇය හොඳින්ම දන්නවා නේද කියාත් එ නිසා ඒ ගැන ඔවුන් කතා නොකර ඉමු කියාත් ඊෂා ඉල්ලා සිටිමින් අගස්ති ඇගේ ජිවිතේ දේවල් වලට ඇඟිලි ගහනවාට කැමති නැති බවත්
පවසනවා.ඉන්පසු අගස්ති පිළිගත්තා හෝ නැතා ඒ සිටින්නේ ඇගේ තාත්තා බවත් ඔහු එය පිළිනොගත්තත් ඔහු ඊෂා ගැන සිතනවා කියා ඇයට දැනෙන බවත් කියද්දී ඊෂාට ඇගේ කතාව තවදුරටත් අසා සිටිමට අකමැති වු නිසා ඇය තවමත් අගස්ති ගැන සිතනා බවත් ඔහු එනතෙක් බලා සිටින බවත් අවුරුදු විසි ගානක් තිස්සේ ඇය ගැන නොබලපු කෙනෙකු ගැන මෙසේ ඇයට සිතන්නට එපා කියා ඊෂා සමාධිගෙන් ඉල්ලා සිටිනවා. ඒත් සමඟ ඇය කිසිදින අගස්ති ඇගේ තාත්තා කියා පිළිගන්නේ නැති බවත් කියමින් ඊෂා එතැනින් යන්නට යනවා.

මේ වේලාවේ ඊෂා මඟ සිටිනවා අහම්බයෙන් මෙන් දකිනා අගස්ති ඇය ලඟට පැමිණ ඇයට කතා කරමින්, ඇය එතැන මොකද කරන්නේ කියා අසද්දී ඇය රේහානා එනතෙක් බලා සිටින බව ඊෂා පවසනවා. ඉන්පසු ඇය කොහොමද මේ වෙද්දී ඊළඟ තරඟ වටය සදහා සූදානම්ද කියා අගස්ති අසද්දී ඇය ගෙදර යන්නටත් එක්කම ලෑස්ති කියා ඊෂා සිනාසෙමින් ඔහුට පවසද්දී ගෙදර ගියා හෝ නොගියා ඇයට ගීතය හොඳින් ගායනා කරන්න කියාත් ඇයට යළිත් අර කොල්ලාගෙන් ප්‍රශ්නයක් නැහැ නේද කියාත් අගස්ති අසනවා. ඉන්පසු දැන් නම් එසේ ප්‍රශ්නයක් නැති බවත් නමුත් විඩියෝව නම් සමාජ මාධ්‍ය තුළ ශෙයාර් වන බවත් ඊෂා පවසනවා. ඒ වේලාවේ අගස්ති ඇයට විඩියෝව ගැන යළිත් සිතන්නට එපා කියාත් එයින් ඇයට කිසිදු හානියක් වෙන්නේ නැති බවත් කියමින් ඇගේ හිත හදද්දි එසේ වුවත් කරන්නට දෙයක් නැති බවත් මන්ද මිනිස්සු දැන් ඇයට කැමති නැති බවත් ඊෂා පවසනවා. ඉන්පසු ඒවා ගැන හිතන්න එපා කියාත් ඇය ළඟින්ම ඉන්න අය වැඩිය විශ්වාස කරන්නට යනන්ට එපා කියාත් අගස්ති ඇගෙන් ඉල්ලා සිටිමින් ඔහු ඇයට සුභ පතමින් එතැනින යන්නට යනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *