සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂාගේ පෙම්වතා බව කියා සමාජ මාධ්‍යට නිකුත් කල විඩියෝව එසේ සමාජ මාධ්‍යට මුදා හැර තිබෙන්නේ කවුරුන්ද කියා දැනගැනීමට අවශ්‍ය වු අගස්ති ඒ ගැන වසන්තට පැවසීමත් සමඟ වසන්ත ඔහුගේ යහළුවකුව අගස්තිට මුණගස්වමින් ඒ සිටින්නේ ඔහුගේ යහළුවකු බවත් ඔහුට ඊෂා ගැන බොරු කියා සමාජ මාධ්‍යට නිකුත් කළ විඩියෝව දැමු කෙනාව ඔහුට එක් දවසින් සොයා දිය හැකි බව අගස්තිට පවසනවා.ඉන්පසු එතැන සිටි සමරසිංහ ඔහුත් එම විඩියෝව දැකපු බවත් එහි සිටිනා එම කොල්ලාව ඔහුගේ මතකේ තිබෙන බවත් ඔහු දන්නා තැනකින් බඩු ගැනීමට එම කොල්ලා එනවා ඔහු දැක තිබෙන බවත් ඔහු එම විඩියෝව කරනන්ට ඇත්තේ කාගෙන හෝ මුදල් ලබාගෙන කියා ඔහුට සිතුන බවත් සමරසිංහ කියද්දී එසේ නම් එම කොල්ලාව ඔහු ඉදිරියට ගෙනඒමට හැකිද කියා අගස්ති විමසද්දී ඔහුට එය කල හැකි බවත් ඔහු මෙසේ එම කොල්ලාව සොයන්නේ ඊෂාට ගේමක් සෙට් කරන්නටද කියා සමරසිංහ විමසද්දී අගස්ති සිනාසෙමින් එහෙම දෙයකට නොවන බවත් ඔහුට අවශ්‍ය වන්නේ එම කොල්ලා එසේ බොරු කිවේ ඇයිද කියා දැනගැනීමට බවත් අගස්ති පවසනවා. ඉන්පසු වසන්ත ඔහුට ඔවුන් හොදින් සලකනා බවත් එ නිසා මේ වැඩේ කෙසේ හෝ කරලා දෙන්න කියාත් සමරසිංහගෙන් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ නිවසට පැමිණ පැත්තකට වී කල්පනා කරමින් සිටින සමාධි ළඟට පැමිණෙන ඊෂා, ඇය එදින නිලුව හමුවුවාද කියා අසමින් ඒ ගැන විස්තර කතා කරමින් සිටිද්දී එදින ඇයට කරදරයක් වෙන්නට ගිය බව සමාධි කියමින් දුණුසිංහ සහ ඩයස් සමගින් ඇය නිවසට එමින් සිටියදී ඔවුන් දෙදෙනා මඟදී යහළුවකු හමුවන්නට වාහනයෙන් බැස ගිය බවත් ඇය එ වේලාවේ තනිව සිටි බවත් ඒ අවස්ථාවේ ඇය සිටි තැනට බීපු මැරයන් වගයක්ඇයට කරදර කරන්නට ආ බවත් ඉන්පසු මද වේලාවකින් ඇගේ කෑගැසීම ඇසි එතැතට දිව ආ දුණුසිංහ සහ ඩයස් එම පුද්ගලයන්ට පහරදීගෙන ගිය බවත් ඇයට මොකද්ද වෙන්නේ කියා හිතාගන්නට බැරි වුන බවත් අන්තිමේදී එම පුද්ගලයන් ගුටි කා එතැනින් දිව ගිය බවත් සමාධි පවසනවා. ඉන්පසු ඊෂා එය අසා පුදුම වෙමින් ඔවුන් දෙදෙනා වයසට නොව වැඩ කියා සිනාසෙමින් පවසද්දී ඔවුන් දෙදෙනා එතැනට හොඳ වේලාවට ආවේ කියාත් නැතිනම් ඇයට කුමක් වෙයිද කියා සිතාගන්නට බැරි බවත් අද කාලයේ අම්මා කෙනෙකුටවත් පාරේ බැහැලා යන්නට බැරි බවත් සමාධි පවසනවා.ඉන්පසු ඊෂා ඇගෙන් ඇය ගොඩක් බය වුනාද කියා අසමින් ඇය සිටියා නම් ඇය හොඳ පාඩමක් කියා දෙන බවත් කියමින් ඊෂා සීයා තාත්තා ළඟට යනවා.

මේ වේලාවේ අගස්ති කියු පරිදි ඊෂා ගැන බොරු කියා සමාජ මාධ්‍යට මුදාහළ විඩියෝව කල පුද්ගලයාව ඔහුට මුණගස්වන සමරසිංහ, ඔහු කියුවා වගේම ඔන්න එම පුද්ගලයාව රැගෙන ආ බව කියද්දී අගස්තිව දකින එම කොල්ලා පුදුම වෙමින් මෙන් අගස්ති සර් කියා බයෙන් මෙන් පවසනවාත් සමඟම අගස්ති ඔහුගෙන් ඔහු ඊෂාගේ පෙම්වතා නේද කියා අමුතුවට අසනවා. ඉන්පසු ඔහු බය වෙමින් ඇයි ඔහුව මෙලෙස ගෙන්වුයේ කියා අසද්දී අගස්ති ඔහුගේ කෝලරයෙන් තදින් අල්ලා ගනිමින් ඔහු එවැනි විඩියෝවක් කලේ මන්දැයි අසද්දී එක ඔහුට මොකටද කියාත් ඊෂා ඔහුගේ කෙල්ල බවත් ඇය ඔහුව දාලා ගිය නිසා ඔහු එසේ කල බවත් පවසද්දී , අගස්ති සැර වෙමින් ඔහුට ඇත්ත කියන්න කියාත් ඔශු එසේ කරේ ඇයිද කියාත් කේන්තියෙන් මෙන් අසමින් ඔහුට ඊට මුදල් දුන්නේ කවුරුන්ද කියා අසනවා. ඉන්පසු එම කොල්ලා ඔහුට අත දික් කරමින් ඔහුට එක මොකටද කියාත් ඔහු ඊෂාගේ තාත්තාද කියාත් අසනවා. මේ වේලාවේ අගස්ති ගොළු වෙමින් ඔහුව අත්හැර ටික වේලාවක් හිඳ යළිත් කෝලරයෙන් අල්ලා ගනිමින් තාත්තා වගේ තමයි කියාත් ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *