සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂා සමඟින් රයිසින් ස්ටාර්ස් තරඟාවලියේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කරන්නට එම කාර්යාලයට පැමිණ සිටින සමාධිව දකින වින්ඩි ඇය ළඟට පැමිණ කතා කරමින් ඇයගේ සැපදුක විමසමින් ඇය මෙහේ ආවේ ඇයිද කියා අසා වින්ඩි ඇය ළඟින් වාඩි වෙමින් අගස්ති ඇයට කතා කරේ නැතිද කියා අමුතුවට මෙන් අසද්දී සමාධි එකපාරටම බය වෙමින් අගස්ති ඇයට කතා කරන්නේ කුමකටද කියා අසනවා. ඉන්පසු වින්ඩි ඇය එය ඇසුවේ නිකටම බවත් මන්ද වර්ක් ෂොප් එක තිබුණු දිනයේ අගස්ති ඇය සමඟින් කතා කරමින් සිටිනවා ඇය දුටු බවත් වින්ඩි පවසනවා.එත් සමඟම ඊෂා කොහේද කියාත් ආයිත් ඊෂාගේ පෙම්වතා කියන කෙනා කතා කරේ නැතිද කියාත් සමාධිගෙන් අසමින් ගම්වල සිට පැමිණෙන විට ගමේ තිබුන ආදර කතා මේ ෆිල්ඩ් එකට එද්දී තියාගන්නට බැරි බවත් එ නිසා ඊෂාට පරිස්සමින් ඉන්න කියා කියන්න කියාත් වින්ඩි අමුතුවට මෙන් පවසද්දී සමාධි කිසිවක් නොකියා ඇය කියනා සියළු දේ ඉවසිමෙන් අසා සිටිනවා.ඉන්පසු වින්ඩි සමාධි සමඟින් කින්ඩියට මෙන් සිනාසෙමින් එසේ නම් ඇය ගිහින් එන්නම් කියා සමාධිට කියමින් එතැනින් යන්නට යනවා.

මේ වේලාවේ විශාල් සමඟින් වාහනයේ යන අතරතුර විපුල ඔහුගෙන් ඔහු කුමක් හෝ හිත රිදෙන දෙයක් අම්මාට කිව්වාද කියා විශාල්ගෙන් විමසද්දී විශාල් පුදුම වෙමින් මෙන් එ කවදාද කියාත් ඔහු එසේ කිසිවක් කිවේ නැති බවත් විපුලට පවසනවා.ඉන්පසු විපුල ,අම්මා පොඩි පොඩි දේවල් වලට කෑසන බවත් නමුත් ඔහුට මෙතැනට එන්නට ඇය තමයි සියළු දේ කලේ කියාත් ඒ නිසා ඇගේ හිත රිදෙන කිසවක් ඔහුට කරන්නට එපා කියාත් විපුල කියද්දී ඔහු එසේ කිසිවක් කිවේ නැති බවත් ඔහු කිවේ ඔහුට අචිනිව මැරි කරන්නට බැ කියා බවත් විශාල් පවසද්දී ඔහුට අචිනිව මැරි කරන්නට බැරි වෙන්න තිබෙන හේතුව කුමක්ද කියාත් ඔහුට ඇත්ත කියන්න කියාත් කියමින් ඔහු ඊෂා සමඟින් කුමක් හෝ සම්බන්ධයක් තිබෙනවාද කියා ඔහුට කෙලින් කියන්න කියා විපුල පවසා සිටිනවා.ඒ අවස්ථාවේ විශාල් එකපාරටම බය වී එහෙම දෙයක් ඔහුට ඊෂා සමඟින් නැති බව පවසනවා.ඉන්පසු විපුල එසේ ඊෂා සමඟින් ඔහුට සම්බන්ධයක් තිබුණද එය ඔහුට නවත්වන්නට වන බවත් මන්ද ඔහුට ඊෂාද නැතිනම් අම්මාද කියා තීරණයක් ගැනිමට සිදු වන බවත් විපුල පවසද්දී විශාල් එය අසා ටිකක් කලබල වෙමින් ඔහුට එසේ සම්බන්ධයක් නැති බවත් නමුත් ඔහු අචිනිට කිසිසෙත්ම කැමති නැති බවත් විශාල් කේන්තියෙන් මෙන් පවසා සිටිනවා.ඉන්පසු විපුල එය වැඩි ගානකට නොගනමින් ඔහුට අචිනිව තව අශ්‍රය කරන්න කියාත් කාලය යද්දී අදහස් හුවමාරු කරගත් විට ඒවා හරි යයි කියාත් විපුල පවසනවා.

මේ වේලාවේ සමාධි සිටින තැනට දුරකථනයෙන් කතා කරමින් පැමිණෙන අගස්තිගේ හඬ ඇසී ඔහු දෙස බලන සමාධිට ඔහු කවුරුන් හෝ සමඟින් ඔහුගේ වෙඩින් එකට අනිවාර්යෙන් ඔවුන්ට ආරාධනා කරනවා කියා කියනවා ඇසී එකපාරට පිටුපස බලන සමාධි ඔහුව දැක අහක බලනවාත් සමඟම අගස්ති දකිනවා එතැන සමාධි සිටිනවා. ඉනපසු ඇය ළගට යන අගස්ති ඇය දෙස අවුල් වී මෙන් බලමින් කිසිවක් කරකියා ගත නොහැකිව ඇයට කොහොමද කියා විමසනවා. ඒ අවස්ථාවේ සමාධි වැඩි ගානකට නොගෙන හොදින් බව කියද්දී ඇය මෙහේ ආවේ ඇයිද කියා සමාධිගෙන් අසනවා. ඒ අවස්ථාවෙ ඊෂාට චැනල් එකේ මිට්න් එකක් තිබෙන බව පවසනවා.ඉන්පසු අගස්ති, ඊෂා මේපාර වටයෙන් අයින් වුවහොත් කුමක්ද කරන්නේ කියා සමාධිගෙන් අසද්දී ඔවුන් යළි නුවරඑළියේ යන බවත් ඔහුට බය වෙන්නට එපා කියාත් ඔවුන් කොළඹ එන්නේ නැති බවත් සමාධි පවසමින් ඊෂා කොහොමත් තරගයෙන් ඉවත් වුනහොත් ලංකවෙන් යයි කියාත් ඇය පිටරට ගොස් ඩිග්රි එකක් කරයි කියාත් සමාධි කියද්දී එකට ලොකු වියදමක් යයි නේද කියා අගස්ති අසමින් කුමක් හෝ උදව්වතක් අවශ්‍ය නම් ඔහුට කියන්න කියාත් ඔහු එය ඔහුගේ ෆන්ඩ් එකෙන් දෙන විදියට දෙන්නම් කියාත් පවසනවාත් සමඟම එය අසා සමාධි අගස්ති දෙස බලා කින්ඩියට මෙන් සිනාසෙමින් ඇස් වල කඳුළු පුරවාගෙන ඔවුන්ට කිසිසෙත්ම ඔහුගේ ආධාර වැඩක් වෙන්නේ නැති බවත් ඊෂා පොඩි කාලේ ඉඳන් සෙව්වේ ආදරය මිසක් එක එක්කෙනාගේ ආධාර නොවන බවත් ඔවුන්ට ඔහුගෙන් කිසිදෙයක් එපා කියාත් ඔවුන් හිටියා වගේ පැත්තට වී ඉන්නම් කියාත් ඔහුගේ විවාහයට සුභ පතනවා කියාත් සමාධි හඬමින් පවසමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *