සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ අමීෂා සමඟින් දෙව්මි සහ අවන්ත ගැන කතා කරමින් සිටින ඩිලාන්, අවන්තගේ කියා කියමින් දරුවෙකුද සමඟින් ගෑනියෙක් පැමිණි බවිට ආනන්ද එම ප්‍රශ්නයට උත්තර දුන් හැටි හරි කියායි ඔහුට සිතෙන්නේ කියාත්,මන්ද දෙව්මි කියන්නේ ඔහුගේ එකම දුව බවත් ඒ නිසා එහි වරදක් නැති බවත් පවසනවා.එත් සමඟම පවුල් දෙක්ක එකට එකතු වෙන්නට හදද්දී මෙවැනි පොඩි පොඩි ප්‍රශ්න මතු වෙන බවත් ඒවා ගැන වැඩිය සිතන්නට එපා කියාත් ඩිලාන් ඇගෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසු ඔහු කියන කතාවේ ඇත්තක් තිබෙන බවත් කෙසේ හෝ කමක් නැහැ අවන්ත වැරදි නැහැ කියා ඔප්පු වුන බවත් අමීෂා පවසනවා. ඉන්පසු ඇය එසේ සිතන එක ගැන ඔහුට සතුටු බවත් මන්ද අවන්ත ආදරය කරන්නේ දෙව්මිට නම් ඔහු විවාහ වෙන්න කැමති දෙව්මි සමඟින් නම් ඔවුන්ට මේ සඳහා වෙනත් විකල්පයක් නැති බවත් ඒ නිසා ඔවුන් කල යුත්තේ ඔවුන් දෙදෙනාගේ පැත්තේ හිටගෙන ඔවුන්ට ශක්තියක් වෙන එක බවත් අමීෂාට ඔහු තේරුම් කර දෙනවා. ඉන්පසු දෙව්මිව ඔවුන්ගේ ගෙදරට එක්කන් ආවට කමක් නැතිද කියා අවන්ත ඇගෙන් ඇසු බවත් ඇය එයට කුමක්ද කියන්නේ කියාත් ඩිලාන්ගෙන් අසද්දී දෙව්මි මෙතැනට ආපු නැති කෙනෙකු නොවේ නේද කියාත් එ නිසා ඇයට එන්න කියන්න කියාත් ඩිලාන් පවසා සිටිනවා.

මේ වේලාවේ මිලාන් සමඟින් ලිහිණිගේ බෝඩිමට පැමිණ ඔහු සමගින් ලිහිණි ගැන කතා කරමින් සිටින රදීෂ්, ඔහු කියු විදියට කිසිදෙයක් වෙන්නේ නැති බවත් ලිහිණි පැමිණ ඔහු සමඟින් කතා කරයි කියා මිලාන් කියුවා නේද කියාත් නමුත් ඒ කියු කිසිදෙයක් වෙන්නේ නැති බවත් පවනිගෙන් ඇසුවද ඇය කියන්නේද එසේ වෙන්නේ නැති බව කියාත් රදීෂ් පවසනවා. ඉන්පසු එය එසේ වුවද පවනි ඉන්න විදියත් එක්ක ඇය ලිහිණිට කතා කරනවා කියා ඔහුට තේරේන බවත් කියද්දී එසේ නම් පවනි ඇය ඔහුට ඒ ගැන කියන්නේ නැත්තේ කියාත් ඇයට හැමදාම ඔහුට ලිහිණි සමඟින් එකතු වෙන්න උදව් කල බවත් රදීෂ් කියද්දී එක හරි බවත් නමුත් හොඳම යළුවකු යමක් කියන්නට එපා කිවොත් ඔවුන් එය කෙසේවත් කියන්නේ නැති බව මිලාන් කියද්දී එතකොට ලිහිණි මේ සෙල්ලම කොතරම් කාලයක් වෙන තෙක් කරන්නද කියා ඔහුගේ රදීෂ් විමසනවා.එත් සමඟම මේ ප්‍රශ්නය නිසා ඔහු ඉන්නේ කෙතරම් හිතේ අමාරුවෙන්ද කියා පවනි දන්නා බවත් එසේ තිබියදීත් ඇය ඔහුට මෙලෙස බොරු කරනවා නම් එය වැරදි බවත් රදීෂ් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *