සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ පසුදින අනුහස්ගේ නිවසට පැමිණෙන අක්ෂා, අනුහස් ළඟට පැමිණ දුරකථන උදුරාගනිමින් සැරෙන් මෙන් ඔහුට කතා කරද්දී ඇය එසේ කතා කරන්නේ ඇයිද කියා සිතා ගත නොහැකිව ඇය එසේ කතා කරන්නේ ඇයිද කියා අක්ෂාගෙන් අසද්දී, ඔහුට මෙසේ කතා කර හොඳ වැඩි බවත් දැන් අසනීප වී ඉන්නේ ඔහුද නැත්තම් ඇයද කියා විමසමින් බැන වදිද්දී ඇයටයි අසනීපය තිබෙන්නේ කියාත් එ අය හොඳට කාලා බීලා විවේකීව සිටිය යුතු බවත් අනුහස් කියද්දී ඇය ඇය ගැන බලා ගන්නම් කියාත් ඔහුට ඔහු ගැන බලා ගන්න කියාත් අක්ෂා සැරනේ පවසනවා. ඉන්පසු ඔෆිස් යන්නට ඔහුට උවමනාවක් නැති බවත් ඔහු මෙසේ බීබි රස්තියාදු ගසමින් කරන දේ තේරුම කුමක් ද කියාත් ඔහු කල වරද තේරුම් ගන්න කියාත් යළි වතාවක් එසේ කරන්නේ නැහැ කියා ඇයට පොරොන්දු වෙන්න කියාත් අක්ෂා ඉල්ලා සිටිනවා. ඉතිං ඉන්පසු අක්ෂාගේ දැඩි ඉල්ලීම මත ඒ වෙලේ අනුහස් අක්ෂාට යළි එසේ කරන්නේ නැහැ කියා ඇයට පොරොන්දු වනවා.

මේ වේලාවේ උදේනිව හමුවන්නට පැමිණෙන අක්ෂා, අනුහස්ගේ බීමත්කම ගැන කියමින් ඔහු පෙරදින මිලාන් සමඟින් ගොස් හෝටලයකට වී බොමින් සිටිද්දී ඇය එකපාරට එතැනට ගිය බවත් එසේ ගොස් ඔහුට හොඳටම බැනපු බවත් ඒ වේලාවේ අනුහස්ට කර කියා ගන්නට දෙයක් නැති වුන බවත් මිලාන්ටත් කිසි තේරුමක් නැති බවත් යළුවෙක් විදියට මෙසේ අනුහස්ව තව තවත් වැරදි දේවල් වලට පොළඹවා ගන්න එක වැරදි බවත් උදේනි සමඟින් පවසනවා. ඉන්පසු ඔහු අනුහස්ව තනිව හමුවී ඔහුට තේරුම් කර දුන් බවත් ඉනපසු යළිත් ඔහු එසේ කරන්නේ නැහැ කියා ඇයට අනුහස් පොරොන්දු වු බවත් නමුත් යළිත් එ වරදම කලහොත් ඇය කරන දේ බලා ගන්නම් කියාත් අක්ෂා පවසමින් මේ වේලාවේ අනුහස්ට ඇය වගේම උදේනිත් සැරෙන් සිටිය යුතු බවත් එසේ නැතිව ඔහුව හදා ගන්නට බැරි බවත් පවසා සිටිනවා.එමෙන්ම හැමෝටම ප්‍රශ්න තිබෙන බවත් ඒවාට විසඳුම බොන එක නොවන බවත් උදේනි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *