සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.පැත්තකට වී කල්පනා කරමින් සිටින රදීෂ් ළඟට පැමිණෙන අවන්ත, ඔහු රට යන්න හදනවා කියන කතාවේ තේරුම් කුමක්ද කියා අසමින් ඔහු මෙසේ රට යනවා කියා තීරණයක් ගත්තේ ලිහිණි නිසාද කියා විමසනවා. ඒ වේලාවේ ඔහු ලංකාවේ දිගටම සිටින්නට තීරණය කලේ ලිහිණි නිසා බවත් දැන් ලංකාවේ සිටියා කියා වැඩක් නැති බවත් රදීෂ් පවසද්දී එ කියන්නේ ඔහු ඔවුන් වෙනුවෙන් සිටියේ නැ නේද කියාත් ඔහුට හමුවුනු මෙහේ යළුවෝ කවුරුත් ඔහුගේ නෙමෙයි නේද කියා රදීෂ් අසමින් ලිහිණි තමයි නේද ඔහුගේ ලෝකය නේද කියා අමුතුවට සිනාසෙමින් අවන්ත පවසද්දී ඔහු කියන්නේ එසේ නොවන බවත් දෙව්මි නිකන් හරි වෙන කෙනෙකු සමඟින් විවාහ වුවහොත් ඔහු කුමක්ද කරන්නේ කියා අවන්තගෙන් විමසනවා. ඒ වේලාවේ ඒ කාලයේ එසේ වුවා නම් පිස්සෙක් වෙන්නට තිබුනු බවත් නමුත් දැන් වෙද්දී ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තිබෙන බවත් සමහර අවස්ථා වලදී ඔවුන්ට ආදරය නැතිව ජිවත් වන්නට සිදුවන බවත් අවන්ත පවසනවා. ඒ වේලාවේ අවන්තට එසේ කරන්නට පුළුවන් වුවද ඔහුට නම් එසේ කරන්නට බැරි බව රදීෂ් පවසනවා.

මේ වේලාවේ රමණි සමඟින් රදීෂ් කියු කතාවේ ඇත්ත නැත්ත දැන ගන්නට පැමිණෙන අමීෂා, රදීෂ් රට යන බව කියු කතාවේ තේරුම කුමක්ද කියා ඇගෙන් විමසනවා. ඒ වේලාවේ රදීෂ් පිස්සුද එසේත් නැති නම් ඇයට පිස්සුද කියා දන්නේ නැති බවත් ඒ පාර ඔහු රට යන්නේ නැහැ කියා යළි කියනා බවත් ඔහු අවන්තත් සමඟින් අනුහස්ට උදව් කරන බව කියු බවත් කියද්දී ඒ අවස්ථාවේ ප්‍රශ්නය ගැන දනගන්නා සේ අමීෂා අනුහස්ට කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙන බව ඇයට ආරංචි වුන බවත් නමුත් කුමක්ද කියා දන්නේ නැති බවත් අමීෂා පවසද්දී ඇයත් ඒ ගැන දන්නේ නැති බව රමණි පවසනවා.ඒ වේලාවේ නමුත් ඇයට අවන්ත මොනවා හෝ යළුවන් සමඟින් අනුහස් ගැන කතා කරනවා ඇසුන බවත් ඇය ඒ ගැන ඔහුගෙන් විමසුවද ඔහු ඒ පිළිබඳ ඇයට කිවේ නැති බවත් අමීෂා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *