සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ සියළු ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව ඩිලාන් සමඟින් ආනන්දව මුණගැසීමට අමීෂා යන අතරතුරේදී ඇයට ආනන්ද ආ පසු පහුගිය කාලයේ සිදු වු දේවල් ගැන කියමින් එකට එක කියාගෙන යන්නට එපා කියා පවසද්දි ඇය එසේ කරන්නට යන්නේ නැති බවත් නමුත් ආනන්ද අවන්තට කොතරම් නම් අපහාස කලාද කියාත් අවන්තව ඔහු විශ්වාස කරේම නැති බවත් කියද්දී ඒ දේවල් පරණ දේවල් බවත් දැන් වත් අවන්ත ගැන සිතාවත් ඒවා අමතක කර ඉස්සරහට කල යුතු දේවල් ගැන සිතන්න කියාත් ඩිලාන් අමීෂාගෙන් ඉල්ලා සිටිනවාත් සමඟම ආනන්ද ඔවුන් අසළට පැමිණෙනවා දකින අමීෂා ඩිලාන්ට කටවහගන්න කියමින් ඔවුන් ඉදිරියට කුමක්ද කරන්නේ කියා ආනන්දගෙන් අමීෂා විමසද්දී දැන් වෙද්දී ඔවුන් සියළුම සම්පුර්ණ විස්තර දැනගෙන කියා මේනක දන්නා බවත් ,දැන් ඔහුට කරගන්න දෙයක් සිතාගනන් බැරිව සිටින බවත් ඔහු කියද්දී ඔහු සිතන විදියට මේනකට ඕනැ කර තිබෙන්නේ මොනවාද කියා ඩිලාන් අසනවා. ඒ අවස්ථාවේ ඔහු ඒ ගැන කියන්නේ නැති නමුත් ඔහුට අවශ්‍ය කරන දේ ගැන ඔවුන් තේරුම් ගත යුතු බවත් ඔහු අවන්තව සහ දෙව්මිව වෙන් කරන්නට තිබෙන හැමදෙයක්ම කරයි කියාත් ඔවුන් දෙදෙනාගේ ජිවිත අනතුරේ තිබෙන බව අමීෂාට තේරුම් ගන්න කියාත් ආනන්ද ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ අනුහස් ගැන සිතමින් අවුලින් සිටින අක්ෂාව බලන්නට පැමිණෙන පවනි, අනුහස් මෙසේ සැරින් සැරේ කාත් සමඟින්ද බොන්නට යන්නේ කියා අක්ෂාගෙන් විමසද්දී ඇයටත් එය තවම හිතාගන්නට බැරි බවත් ඇය හිතන විදියට අවන්ත සහ රදීෂ් සමඟින් තමයි ඔහු බොන්නට යනවා ඇත්තේ කියා අක්ෂා පවසනවා. ඒ වේලාවේ ඔවුන් දෙදෙනා තේරුම් ගත යුතු බවත් ඔවුන්ගේ වැරදි නිසයි අනුහස් මෙසේ හැසිරෙන්නේ කියාත් අක්ෂා පවසද්දී ඔවුන් හැමොම අනුහස් ඉන්නේ අවුලින් කියා දැන දැනත් මෙසේ ඔහුට බොන්න දෙන එක ඔවුන්ගේ සම්පුර්ණ වැරද්ද බව පවනි පවසනවා.එත් සමඟම ඇය රදීෂ්ට කතා කරන්නම් කියාත් ඒසේ කතා කර අනවශ්‍ය ප්‍රශ්න දා ගන්නට ඒපා කියා ඔහුට අවවාද කරන්නම් කියාත් පවනි පවසනවා.ඉන්පසු ඇය මේ ඉන්න ප්‍රශ්න මදිවට ඇගේ අසනීපය මදිවට මේ ප්‍රශ්න ගැනත් සිතන්න වෙලා කියාත් ඇයට බැරිම තැන ඇය අනුහස්ගේ නිවසට පැමිණ නවතින්නම් කියු බවත් නමුත් ඔහු එයටද කැමති නැති බවත් මේ සියළු දේටම මුල ඇගේ අසනීපය බවත් අනුහස් ඒ ගැන ඇයටත් වඩා බොහෝ සෙයින් සිතනා බවත් උදේනිත් ඒ ගැන ඇයට කියු බවත් අක්ෂා පවසනවා.ඉන්පසු එය ඇත්ත බවත් නමුත් අක්ෂා අසනීපයෙන් බව ඔහු දන්නා බවත් ඒ නිසා ඔහු මේ වේලාවේ ඇයට ශක්තියක් වෙමින් කෙලින් සිටිය යුතු බවත් පවනි අක්ෂා සමඟින් පවසනවා.

මේ වේලාවේ අනුහස් යළිත් අක්ෂාගේ වෛද්‍යවරයා හමුවන්න ගොස් , ඇගේ අසනීප තත්ත්වයේ අලුත්ම තොරතුරු ගැන ඔහුගෙන් විමසද්දී ඇයට ඔවුන් කරන්නා වු ප්‍රතිකාර හරි ආකාරව සිදු වන බවත් ඒවා ඉදිරියටත් එලෙසින්ම හරියට වුනොත් ඉදිරියට ඔවුන් කල යුත්තේ මොනවාද කියා තීරණය කිරීමට හැකිවෙන්නේ කියාත් කියද්දී ඔහුට ඩොක්ටර් කියනා දේ තේරෙන බවත් නමුත් ඔවුන් සර්ජරි එකකට යනවා නම් ඒක කරන්නේ කවදාටද කියාත් එය වෙන්නේ කොහොමද කියා විස්තර ටිකක් ඔහුට දැන ගැනීමට අවශ්‍ය බවත් අනුහස් පවසද්දී ඇයට කරන ප්‍රතිකාර හරියට වෙනවා නම් ඒවා ඇගේ ශරීරයත් සමඟින් ක්‍රියා කරනවා නම් ඔවුන්ට ඔපරේෂන් එකට යන්නට ඉක්මන් වෙන්නට ඕන නැති බවත් සමහර අය මේ ප්‍රකිකාර වලින් සනීප වී තිබෙන බවත් ඒ නිසා ඔහුට ඉවසීමනේ සිටින ලෙසත් ඩොක්ටර් ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *