සතියේ දිනමකම සවස 6.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.විරාත් සමඟ යන රුමා හට නැවතීමට නවාතැනක් හමු වනවා.රුමාව විරාත් පැහැරගෙන ගිය බව මෙහෙමට් නිවසට පැමිණ කියු විට රුමාගේ පියා හට අසනීප වනවා.ඉක්මනින් පොලිසියට ගොස් මේ බව පැවසිය යුතු බව රුමාගේ පියා පවසනවා.ඉන්පසු මෙහෙමට් හා ඔහු පොලිසියට යාමට සුදානම් වනවා.මේ අතර සිදුව ඇතිදේ සෙහෙර් විරාත්ගේ අම්මා හට දුරකථන ඇමතුමක් ගෙන පවසනවා.එය අසන අයිසුන් කලබල වනවා.ඉක්මනින් අයිසුන් විරාත්ගේ නිවසට යනවා.ඇය නිවසට යන විටත් පොලිසිය පැමිණ නිවස පරික්ෂා කරන බව දකිනවා.එහි විරාත්ගේ පියා නැති බව දැනගත් ඇය නිවස තුලට යනවා.මඳ වේලාවකින් උනාල් සෙනම් සමඟ පැමිණ සිටින අයුරු අයිසුන් දැක කෝප වනවා.

රුමාගේ පැහැරගැනීම පුවත්පත් වලට පලව ඇති බව රුමාගේ නිවසේ අය දැනගන්නවා.රුමා විරාත් හට නවාතැන් දුන් යුවළද මේ පිළිබඳ පත්තරයෙන් දැක මේ පැමිණ සිටින්නේ ඔවුන් දෙදෙනා බව දැනගන්නවා.එතැනට පැමිණෙන විරාත් හා රුමාද එය දකිනවා.මෙහි සිටින්නේ තමන් බව විරාත් පවසා ඔවුන් ට සිදු වුදේ පවසනවා.උනාල් හා අයිසුන් රුමාගේ නිවසට පැමිණෙනවා.පත්තරයේ පළකල පුවත අයින් කරගන්නා ලෙස පැවසුවත් එයට රුමාගේ පියා අකමැති බව පවසා ඔවුන්ව එළවාගන්නවා .විරාත් හා රුමා ගැන පණිවිඩයක් දැනගැනීමට මෙහෙමට් කුරායි සමඟ කැම්පස් යාමට කුරායිගේ නිවසට පැමිණෙනවා.නමුත් මෙහෙමට්ව කැදවාගෙන යාමට කුරායි අකමැති වනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා කැම්පස් එකට යනවා.සියලු දෙනාගෙන් මෙහෙමට් විස්තර ඇසුවත් හන්ඩේ කියන දේ වලට මෙහෙමට් හට කේන්ති යනවා.ඔවුන් සමඟ රණ්ඩු වන බව දැනගත් ලෙවෙට් එතැනට පැමිණ මෙහෙමට්ව කැදවාගෙ යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *