සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.නිවසට පැමිණෙන බාබුගෙන් අම්මා යෙනුකිගේ නිවසේ සිදු වූ දේ ගැන විමසනවා.එදින සිදු වූ සියලු දේ බාබු අම්මාට පවසනවා.එවිට අම්මා බාබුගෙන් යෙනුකි අම්මා රස්සාවක් කරනවාද කියා ඇසුවාදැයි විමසනවා.තමාගේ පියාට කරවල කඩයක් ඇති බවත් තමන්ට ත්‍රිවිල් එකක් අති බව පැවසු බව කියනවා.වීරවර්ණගේ නිවසට පැමිණෙන ගිලන් රථයක් අසනීප වන සත්‍යාගේ අම්මාව රැගෙන යනවා.රාත්‍රියේ කල්පනා කරමින් සිටින සත්‍යා හට තමා හට පොඩි කාලයේ තමා ළඟ අම්මා තාත්තා සිටි අයුරු මතක් වනවා.රාත්‍රියේ යෙනුකි වෙත පැමිණෙන අම්මා ඇය ඇඳ සිටි ගවුමද රැගෙන එනවා.කැම්පස් එකේ පංති තෙමෙනවාද කියාත් නැතිනම් යෙනුකි මඩ වලක වැටුනාද කියාත් විමසනවා.එවැනි කිසිවක් නොවු බව පවසන යෙනුකි හට එදින යෙනුකි ඇඳ සිටි ගවුම තෙමි ඇති බව අම්මා පවසා ඇය ගියේ කොහේදැයි විමසනවා.

කිසිවකට පිළිතුරු නොදෙන යෙනුකි එතැනින් කෝපයෙන් ඉවත්ව යනවා.අසනීප වී සත්‍යාගේ මව රොහල්ගත කරනවා.ඇයව බැලීමට මෙරිල්ඇමති පැමිණෙනවා.ඔහු පැමිණ වීරවර්ණගේ පියා සමඟ කතා කරමින් අයරින්ගේ විස්තර විමසනවා.මඳ වේලාවකින් වීරවර්ණගේ පියා අයරින් වෙත යනවා.මේ වේලාවෙදි අයිරින් හට සිහිය එනවා.නිවසට ගොස් උවමනා දෙයක් රැගෙන යල එන බව පවසා ඔහු එතැනින් පිටව යනවා.බාබු ශිවාගේ පියා බැලීමට පැමිනෙනවා.රෙක්ස් නිතරම නිවසේ සිටින බවත් හිමින් කතා කරන ලෙස මාකස් පවසනවා.මේ අතර බාබුගේ අම්මාගේ දුරකථනයට බාබුගේ දුරකථනයෙන් අමතුමක් එනවා.එයට උත්තර දෙන බාබු තමාගෙ දුරකථනය එය බව පවසනවා.ඇමතුම ගන්නා පුද්ගලයා දුරකථනය උවමනානම් පල්ලියට එන ලෙස පවසා දුරකථනය විසන්ධි කරනවා.රෝහලෙන් පිටතට පැමිණෙන වීරවර්ණගේ පියා දැක මෙරිල් ඇමති ඔහුද කැටුව වීරවර්ණගේ නිවසට යනවා.කිසිදු කෙනෙක්ගේ අවසරයකින් තොරව මෙරිල් ඇමති වීරවර්ණගේ නිවසට පැමිණෙනවා.ඔවුන් සිටින තැනට වීරවර්ණ පැමිණෙනවා.ඉතාම ආදරෙන් වීරවර්ණ ඔවුන් සමඟ කතා කරනවා . කිසිවක් සිතා ගැනීමට නොහැකි මෙරිල් ඇමති හා පිරිස එතැනින් පිටව යාමට හැදුවද එයට ඉඩ නොදෙන වීරවර්ණ ඔවුන් හට විවිධ දේ පවසනවා.දුරකථනය ගැනීමට බාබු පල්ලිය වෙත යනවා.එහියන ඔහු හට කිසිවෙක් පෙනෙන්නට නොසිටිනවා.තමාගේ දුරකථනයට ඇමතුමක් ගත් පසු තමා සිටින තැන ඔවුන් හට පවසනවා.ඔවුන් එන තෙක් සිටින ලෙස ඇමතුම ගත් පිරිස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *