සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරේ දිගේ ටෙලි නාට්‍යයේ පසුගිය සති කීපය ගලා ගියේ මෙලෙසයි.රෙහාන් ගැන අධිකාරි හා බිරිඳ කතා වෙමින් සිටිනවා.තමා රෙහාන් හට උපදෙස් දුන් බවත් ඒ ගැන එසේ කල යුතු බවත් ඔහු පවසනවා.මේ අතර රාත්‍රියේ නානායක්කාර නිවසට පැමිණෙනවා.ඔහු පැමිණෙනන්නේ කෑගසමින් එය දකින දියණියන් දෙදෙනා ඔහුට සිදුව ඇත්තේ කුමක්ද කියා විමසනවා.ඔවුන් සිදුව ඇතිදේ විමසුවත් නානායක්කාර ඔවුන් ට බැන කිසිම දෙයක් නොකියා එතැනින් පිටව යනවා.කුමක් හෝ දෙයක් සිදුව ඇති බව පවසනවා.පසුදින උදෑසන ජුඩ් හට ඔවුන්ට පාටියට බෑන්ඩ් එකට කතා කළ ගැහැණු ළමයා කතා කර රැස්වීමක් තිබිය යුතු බව පවසනවා.එය අසා සිටින සියලු දෙනා ජුඩ් හට හිනා වෙනවා.උදෑසන රැකියාවට යාමට සරනි රෙහාන්ව සුදානම් කරනවා.රෙහාන් වෙත පැමිණෙන රුවිනිගෙන් රෙහාන් ඇය පැවසු පින්තූරය පිළිබඳව විමසනවා.එහි සිටින්නේ සරනි නොවන බව රුවිනි පවසා එතැනින් පිටව යනවා.රෙහාන් නිවසින් පිටව ගිය විට රුවිනිගේ අම්මා සරනිගේ පින්තූරය ගැන විමසනවා.තමාට දෙයක් ආරංචි වු බවත් සියලු දේ දැනගත් පසු ඇයට පවසන බව රුවිනි පවසනවා.බන්ඩා ඩාලිංගේ නිවසට පැමිණෙනවා.සිදු වූ දේ ගැන ඔවුන් දෙදෙනා කතා වෙමින් සිටිනවා.

සිකුරා ගැන බන්ඩාගෙන් ඩාලිං විමසනවා.තමා කිසිවක් දන්නේ නැති බව බන්ඩා පැවසුවත් ඩාලිං එය විශ්වාස නොකරනවා.අධිකාරි හට ඇමතුමක් ගන්නා රුක්ෂානා ඔහුට තමා හමුවීමට එන ලෙස කියනවා.අධිකාරි නමුත් ඇය හමුවීමට අකමැති බව පෙන්වනවා.නානායක්කාරගේ දුවලා දෙදෙනා නානායක්කාර සිදු කරන දේ ගැන කතා කරමින් සිටිනවා මේ අතර දිල්කි නානායක්කාරගේ පොඩි දුවට කතා කරනවා.සරනිව තමා වෙත කැඳවා රෙහාන්ගේ අම්මා පින්තූරයේ කතාව විමසනවා.ඩාලිංව මුණගැසී පැමිණෙන බණ්ඩා හට ජුඩ් හා අභි ඔවුන් යන්න සිටින පාටි එක ගැන කතා කර ගැනීමට පිටත්වනවා.ආරියසේන සරනි වෙත පැමිණ සරනි ගැන තමා දන්නා බව සරනි ගැන රෙහාන්ගේ අම්මා හා අක්කා සැක කරන බවත් දිගමට කසාදය තියෙන්නට උවමනානම් ඔවුන් දෙදෙනාගෙන් ඈත් වෙන ලෙස පවසනවා.මිෂෙල් සිකුරාව එක්කගෙන බෝඩිමකට පැමිණෙනවා.එහි සිටින පිරිසව අඳුන්වා දෙන මිෂෙල් සිකුරාව එහි නැවැත්වීමට හදනවා.ජුඩ්ව හා අභියාව හමුවීමට දිල්කි හා නිරාෂා පැමිණෙනවා.ඔවුන් දෙදෙනා ජුඩ්ගෙන් බෑන්ඩ් එක ගැන විමසනවා.බන්ඩා හට ඇමතුමක් ගන්නා සරනි සිදු ව ඇති දේ පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *