සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මේසේ ගලා යනවා.මාකස් ශිවා ගැන කල්පනා කරමින් සිටිනවා.ඔහු අසලට පැමිණෙන රෙක්ස් එන්න එන්න මාකස්ගේ නිවසේ සිටින මිනිසුන් අඩු වන බව පවසනවා.මිනිසුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බව මාකස් පැවසුවද කවුර නැතත් තමා මාකස්ව දමා නොයන බව රෙක්ස් පවසනවා.නමුත් ඔහු කියන දේට අකමැති වන මාකස් රෙක්ස් හටද යන ලෙසද පවසනවා.ජුඩ් වීවර්ණගේ නිවසට පැමිණෙනවා.වීරවර්ණගේ කාමරය වෙත යන ජුඩ් ඔහු සමඟ කතා කරනවා.පීටර්ගේ පුතා ඔවුන්ට ඕන උත්තරය නොදුන්නේද කියා විමසනවා.නමුත් බාබුව නිවසට එදාම යැවු බවත් එසේ කරන්න දුන්නේ වීරවර්ණම බවත් ජුඩ් පවසනවා.කෝපවන වීරවර්ණ ජුඩ් හට තමා එසේ නොකල බවත් පවසා ජුඩ් හට පහර දිමට යනවා.සියලු දේ වැටහුනුවීරවර්ණ බාබු හට ඔහුගේ දුරකථනය ගෙන යාමට පැමිණෙන ලෙස පවසන ලෙස පවසනවා.

කැම්පස් එකට වී සත්‍යාගේ යහළුවන් කතා කරමින්සිටිනවා.බාබු යෙනුකි හට කතා කර විභාගය ලේසිද කියා විමසනවා.විභාගය අවසන් වී තමාව හමුවීමට පැමිණෙන ලෙස බාබු යෙනුකි හට පවසනවා.යෙනුකි ඉන්පසු ඔහු සිටින තැනට එන ලෙස පවසා පිටත්ව යනවා.ශිවා තනිව කඩය තුල කල්පනා කරමින් සිටිනවා.ඉන්පසු ඔහු වෙත පැමිණෙන ශිවාගේ යහළුවා දුකින් සිටින්නේ ඇයි දැයි විමසනවා.මැණිකේ අසනීපෙන් බව ශිවා පවසනවා.බෙහෙත් ටිකක් තමා ගෙනත් දෙන්නම් කියා ශිවාගේ යහළුවා පවසනවා.තමාට මෙතරම් උදව් කරන්නේ ඇයි දැයි ශිවා ඔහුගෙන් විමසනවා තමාට සහෝදරයෙක් සිටි බවත් ඔහුශිවාගේ හැඩරුව ඇති බවත් පවසා තමාට නැවත මල්ලි හමුවු බවත් ඒ නිසා ඔහු ශිවා හට උදව් කරන බවත් පවසනවා.යෙනුකි තනිව පාරේ එමින් සිටින විට මෙරිල් ඇමතිගේ පුතාගේ කාර් එක නතර කර තිබෙන පව දැක බාබු වෙත ඇමතුක් ගන්නවා.ඉන්පසු බාබු ඉක්මනින් එනබව යෙනුකි හට පවසනවා.ටික දුරක් යන විට යෙනුකි වෙත පැමිණෙන සන්තුස් යෙනුකිගේ අතින් අල්ලා ගන්නවා.ඉන්පසු යෙනුකි හට සත්‍යා ගැන පවසමින් යෙනුකි හට විවිධ දේ පවසනවා.

මෙතැනට බාබු පැමිණෙනවා.ඔවුන් දෙදෙනා වෙත යන බාබු යෙනුකිගෙන් ඔහු කිව්වේ කුමක්ද කියා විමසනවා.බාබුව සමච්චලයට ගනිමින් සන්තුෂ් විවිධ පවසනවා.කෝප වන බාබු සන්තුෂ් ඇමති පුතෙක් වුවත් තමාට අදාල නොව බව බාබු පවසනවා.සන්තුෂ් බාබුගේ කොලර් එකෙන් අල්ලා ගත් විට යෙනුක් සන්තුෂ් හට කනට පහරක් එල්ල කර තමා මෙතැන් වෙනතෙක් සියලු දේ රෙකෝඩ් කල බවත් නැවත කරදර කලොත් එය පිටතට යවන බවත් යෙනුකි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *