සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.නිවසට රුවිනි ඇවිත් ඇති බව බන්ටිගේ තාත්තා බන්ටි හට පවසනවා.රුවිනි අසන කිසිදු ප්‍රශ්ණයකට උත්තර නොදෙන ලෙස බන්ටි තාත්තා හට පවසනවා.මේ අතර සිකුරා ඩාලිං වෙත පැමිණෙනවා.ඉන්පසු කෝප වන ඩාලිං සිකුරා හට පහර දීමට යනවා ඔවුන් වෙත පැමිණෙන බන්ඩා ඔවුන්ගේ රණ්ඩුව නවතා සිකුරාව පිටත් කර යවනවා.ඔහු ඩාලිං අසල සිටින විට බන්ඩා හට බන්ටි ඇමතුමක් ගෙන රුවිනි තම නිවසට ඇවිත් ඇති බව පවසනවා.ඉන්පසු රුවිනි හට ඇමතුමක් ගන්නා බන්ඩා රුවිනි හා නානායක්කාර සිටින වීඩියෝව රුවිනිට එවා එය ප්‍රසිද්ධ කරන බවත් පවසා ඇයව බිය වද්දනවා.ටික වේලාවකින් නානායක්කාර තවත් පිරිසක් සමඟ බන්ඩා සිටින තැනට පැමිණෙනවා.ඔවුන් හට නානායක්කාර බන්ටිගේ හා මිෂෙල්ගේ හැඩරුව පවසා එවැනි අයෙක් සිටියොත් රැගෙන එන බව පවසනවා.නානායක්කාර හට ඩාලිංව හමු වනවා.

ඉන්පසු එතැනට පැමිණෙනනානායක්කාරගේ පිරිස ඩාලිංව රැගෙ යනවා.රුක්ෂානා හට බානුකගේ බෑන්ඩ් එකේ සිංදුව දැක එය රුවිනි හට යැවීමට සුදානම් වනවා.ඉන්පසු එය රුවිනි වෙත යවනවා.එය දකින රුවිනි එහි සරනි සිටින බව දකිනවා.ඉන්පසු ඇය එය අම්මාට ද පෙන්වනවා.රුක්ෂානා හට ඇමතුමක් ගන්නා රුවිනි රුක්ෂානාගෙන් සියලු දේ විමසනවා.සරනි නිවසට වී සිංදු කියමින් සිටින අයුරු රුවිනි හා අම්මා දකිනවා.මේ අතර නානායක්කාරව සිකුරා බොඩිමක සඟවා ගන්නවා.ඩාලිංව නානායක්කාර පැහැරගෙන ඇති බව දැනගන්නා සිකුරා නානායක්කාරගෙන් විස්තර විමසනවා.නමුත් ඔහු කිසිවක් නොකියනවා.ඩාලිංගේ නිවසට ටුටු පැමිණෙනවා.ඉන්පසු ඇය සිටින තැනට බන්ඩා පැමිණෙනවා.සිදුව ඇති දේ ටුටුට බන්ඩා පවසනවා.නානායක්කාර සොයා ගැනීමට මානවි දුමේෂ්ගෙන් උදව් ඉල්ලනවා.මේ අතර දුමේෂ් සිටින විට නානායක්කාර කොන්තරාත් එක දුන් පුද්ගලයා පැමිණ නානායක්කාරසිටිනවාද කියා විමසනවා.ඉන්පසු ඔහු ව නිවසට ගෙන්නවා ගන්නා දුමේෂ් ඔහුගෙන් ප්‍රශ්ණ කර සියලු විස්තර විමසනවා.පසුදින සරනිව රැගෙන රුවිනි හා අම්මා ප්‍රශ්න අහනවා.නානායක්කාර සඟවා සිටි තැනින් බෝඩිමේ අයිතිකරු මුදාවා යවනවා.සිකුරා පැමිණ ඉන්පසු ඔවුන්ගෙන් ඔහු කොහේද කියා විමසනවා.නමුත් ඔවුන් නානායක්කාරව දන්නේ නැති බව පවසනවා.සරනි හට රෙහන්ගේ අම්මා බනිනවා .ඉන්පසු සරනි හඩමින් රෙහාන් හට කතා කරනවා.රෙහාන් සවස නිවසට පැමිණෙනවිට සරනි හඩමින් සිටිනවා.ඉන්පසු ඇය දිව ගොස් රෙහාන් වෙත යනවා.සිදුව ඇති දේ විමසුවත් රෙහාන් හට ඇය කිසිවක් නොකියනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *