සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.නානායක්කාර සිකුරාව බලා නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහු හට තමා ලෙඩෙක් බැලු බවත් දියණියන් දෙදෙනා සමඟ කතා කරනවා.ඉන්පසු තාත්තා ගියේ කොහේදැයි කියා විමසනවා.නමුත් නානායක්කාර විවිධ දේ පවසමින් එය මගහැර යනවා.සිකුරාද නානායක්කාරව කොහේ හෝ දැක ඇති බව බෝඩිමේ සිටි ගැහැණු ළමුන් සමඟ කතා කරමින් සිටිනවා.බන්ටි නිවසට අරන් දුන් දුරකථනය මල්ලි අල්ලමින් සිටිනවා.එතැනට පැමිණෙන අම්මා හා තාත්තා ඔහුට බැන වදිනවා.රාත්‍රියේදි රෙහාන් සරනි සමඟ කතා කරමින් සිටිනවා.පින්තුරය ගැන විස්තර ඇසුවොත් කිසිවක් නොකියන ලෙස රෙහාන් පවසනවා.උදෑසන ජුඩ් අභි හා බානු බෑන්ඩ් පුහුණු වෙමින් සිටිනවා.එහිදි ඔවුන්ට පාටි එකට කතා කල දිල්කි කතා කරනවා.ඔවුන්ව හමුවීමට උවමනා බව ජුඩ් හට කතා කර පවසනවා.නානායක්කාර හට මිෂෙල්ගේ යහළුවා කතා කරනවා.

තමාට නානායක්කාර මතක් වන බව පවසනවා.දිල්කිව මුණ ගැසීමට අභි හා ජුඩ් පැමිණෙනවා.නිරාෂා හා අභි රණ්ඩු වනවා එයට කෝප වන දිල්කි ජුඩ් සමඟ එතැනින් ඉවත්ව යනවා.බෝඩිමේ සිරවී සිටින සිකුරා එහි සිටින ගැහැණු ළමුන්ගෙන් රුපියල් 1000ක් ඉල්ලා සිටිනවා.කිසිවෙක් දීමට අකමැති වනවා.රුක්ෂානා හට රුවිනිව යහළු කර ගැනීමට උවමනා බව යහළුවා සමඟ පවසනවා.ඉන්පසු රුක්ෂානා රුවිනි හට ඇමතුමක් ගන්නවා.රුවිනි හා රුක්ෂානා කතා කරමින් සිටින දේ සරනි අසා සිටිනවා.තමා ඇයව හමුවීමට පැමිණෙන බව රුවිනි පවසනවා.සිකුරා නිවසට යාමට පිටත් වනවා.තමා අසා සිටි සියලු දේ සරනි බන්ඩා හට පවසනවා.සිකුරා ඩාලිං වෙත පැමිණෙනවා.තමා කිසිදු වරදක් නොකල බව පවසනවා.නමුත් ඩාලිං ඔහු කියන දේ අසා නොසිටිනවා.තව දුරටත් සිකුරාව තමාට උවමනා නැති බව පවසා ඩාලිං නිවසට ගොස් දොර වසා ගන්නවා.රුවිනි සරනිගේ නිවසට පැමිණෙනවා.සරනිගේ ගම ගැන විස්තර රුවිනි අසනවා.සිකුරා නිවසේ එළියේ සිටින විට බණ්ඩා පැමිණෙනවා.රුවිනි තම නිවසට පැමිණි බව බන්ටි හට තාත්තා කතා කර පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *